වෙලාවක් තියෙනවා නං මේ පොස්ට් තුන කියවන්නකෝ.
තෙල් සංස්ථාව විකුණන්න බැරි ඇයි?
කවුද ගන්නේ ශ්‍රීලංකන්?
රාජ්‍ය ආයතන වල වටිනාකම්
'
රාජ්‍ය ආයතන විකිණීම ගැන ගොඩක් අය කෑ ගැහුවට මේ ආයතන බොහොමයක්ම දැනටමත් තියෙන්නේ විකුණන්නවත් පුළුවන් තත්ත්වයක නෙමෙයි. විකුණන්න හරි පුළුවන් වෙන්නේ මිල ගණන් වැඩි කිරීම මගින් පාඩු තව තව එකතු වෙන එක නවත්තලා, බදු වැඩි කරලා ගන්න සල්ලි පොම්ප කරලා ණය වලින් කොටසක් හෝ ගෙවලා, වෙනත් අවශ්‍ය ප්‍රතිව්‍යුහගත කිරීම්ද කරලා මේ ආයතන විකිණිය හැකි ආයතන බවට පත් කිරීමෙන් පසුව පමණයි. එහෙම නැතුව හදිස්සියේ විකුණන්න පුළුවන්කමක් තියෙන්නේ ටිකක් හෝ හොඳින් ක්‍රියාත්මක වන, යම් ලාබයක් ලබන, ටෙලිකොම් වගේ ආයතන පමණයි.
ගොඩක් වෙලාවට රජය පාඩු ලබන ආයතන නොවිකුණා ලාබ ලබන ආයතන විකුණන්න යොමු වෙන්නෙත් ඔය හේතුව නිසා. හැම විටම නොවුනත්, පාඩු ලබන ආයතන වල විකිණිය හැකි ශුද්ධ වත්කම් නැහැ. එහෙම තිබුණත්, ස්වභාවය අනුවම ඒවා පොත් වල පමණක් තිබෙන, කිසිදා නොලැබෙන වත්කම්. ආර්ථික ලාබ නැතත් ගිණුම්කරණ ලාබ පමණක් හෝ ලබන රාජ්‍ය ආයතන විකුණගන්න පුළුවන් වෙලාවක විකුණ ගත්තේ නැත්නම් ඒවාට වෙන්න ඉඩ තියෙන්නෙත් ඔය සන්තෑසියම තමයි.'
ඔයිට වඩා දේවලුත් දන්නවා.මොනාද ඕවාට කරන්න ඕනා කියලා මෙතන ලියලා තියනවා ඇති වෙන්න.
ශ්‍රිලංකන් කියන්නේ
විකුන්න නෙවෙයි ඇවර කරන්න ඕනා ආයතන.
Slt වික්කට වඩා රටට පට්ට ලාබයි ශ්‍රිලංකන් එකයි කජු සංස්ථාවයි ඇවර කලානම්.
