🔴 අපිට නැති වාසනාව..

stasia

Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    ඉරාන ජනපති - විදෙස් ඇමැති මරුට

    image_933439953f.jpg

    ඉරාන ජනාධිපතිගේ සහ විදේශ ඇමැතිගේ අවසන් දසුන්

    ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි, ඉරාන විදේශ අමාත්‍ය හොසේන් අමීර්අබ්දුල්රහීන් සහ තවත් රාජ්‍ය නිලධාරීන් කීප දෙනකු හෙලිකොප්ටර් අනතුරින් මියගිය බව ඉරාන විදේශ අමත්‍යාංශය නිල නිවේදනයක් නිකුත් කරමින් පැවැසීය.

    අතුරුදන් වූ හෙලිකොප්ටරයේ සුන්බුන් අසර්බයිජානයත් ඉරානයත් අතර දේශසීමාවේ, කඳුකර ප්‍රදේශයකින් සොයා ගැනීමට දිවි ගලවා ගැනීමේ මෙහෙයුම්වල නියැලෙන රතු අඩකව සංවිධානය සමත් වූ අතර, යානය ඝන මීදුම හේතුවෙන් කඩා වැටෙන්න ඇති බව ඔවුහු අනුමාන කරති.

    අසර්බයිජානයේ නැගෙනහිර සහ බටහිර පළාත් ඉරානය සතුය. ජනාධිපති රයිසි අතුළු පිරිස නැගෙනහිර අසර්බයිජානයට ගියේ එහි වේලි දෙකක් විවෘත කිරීමටය. අසර්බයිජාන ජනාධිපතිවරයා ද මෙම අවස්ථාවට සහභාගී විය.

    අනතුරට පත් වෙද්දී, ඉරාන ජනාධිපති රයිසි සහ ඉරාන විදේශ අමාත්‍ය අමීර්අබ්දුල්රහීන් රැගත් හෙලිකොප්ටර් යානය නැගෙනහිර අසර්බයිජානයේ සිට යළි ඉරානයේ ටබ්රීස් නගරය බලා පියාසර කරමින් තිබුණි.

    ඉරාන ජනාධිපති සහ විදේශ අමාත්‍යවරයා ගමන් කළ හෙලිකොප්ටරය සමඟ එහි ආරක්ෂාවට තවත් හෙලිකොප්ටර් යානා දෙකක් ගමන් කර ඇති අතර ඒවා ඝන මීදුම මැද ආරක්ෂිතව ගොඩබෑ බව ටබ්රීස් නගර බලධාරීහු පැවැසූහ.

    63 හැවිරිදි ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි පසුගිය කාලයේ වඩාත් කතාබහට ලක්වුණු නායකයෙකි. පසුගිය දා උමා ඔය විවෘත කිරීමේ අවස්ථාවට එක් වූයේ ද රයිසිය. ජනාධිපති රයිසි මෙන්ම, ඉරාන විදේශ අමාත්‍ය අමීර්අබ්දුල්රහීන් ශ්‍රී ලංකා රජයේ මිතුරෝ වූහ.

    (ප්‍රෙස් ටීවී)
     
    • Like
    Reactions: sahan50

    monson

    Well-known member
  • May 7, 2007
    25,555
    28,431
    113
    "අපිට නැති වාසනාව.." කියන්නේ මැරෙන්න ආසද ? :lol:
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    "අපිට නැති වාසනාව.." කියන්නේ මැරෙන්න ආසද ? :lol:
    අපිත් ජනතාවක් හැටියට ඒ රටේ ජනතාවට ලැබුණු වාසනාව අපිට නෑ කියලා කියන්නේ.
     
    • Haha
    Reactions: xengine

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,289
    1
    59,349
    113
    Kaduwela
    "අපිට නැති වාසනාව.." කියන්නේ මැරෙන්න ආසද ? :lol:
    Thank you Ranil !!!

    #USD280
    #Ranil2024
    #RanilPower
    #රනිල්ටඉඩපුකදෙමු
    #කොළඅලි
    #තනිඅලියා
    #ආලියාButt
    #අපිඅලිහුත්තෝ
    #තනිඅලියාටබයයිනංගියේ
    #බටලන්දපවර්
    #ජිම්කට්ටල
    #වොක්ස්වැගන්
    #පොදුස්ථානවලලිංගිකහිංසනයටතිතතබමු

    4JxnDUR.png
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,107
    27,531
    113
    " හෙලිකොප්ටර් යානය නැගෙනහිර අසර් බයි ජානය :dull: සිට යළි ඉරානයේ ටබ්රීස් නගරය බලා.."
     
    • Haha
    Reactions: kasun_kbp

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,014
    34,487
    113
    -බොලාට මතකද මයින්ද මාත්තයා එක්ක ලිබියාවේ ගඩාෆි සෑර් කරට අතදාගෙන ඉඳලා ටික දොහකින් පාර දිගේ ඇදගෙන ගිහිං සබ්බුව දුන්නා
    - ඉරානේ රයිසි සෑර් පොනිල් මාත්තයා එක්ක සෙට් වෙලා සති කීයද ගියේ, අද කෙලින්ම අහසින් වැලිගම්පිටියට ගියා.

    මොකක්දෝ අවුලක් තියෙනවා සිරිලංකවේ පාලකයින්ගේ
     

    justinlk

    Well-known member
  • Jul 15, 2021
    716
    933
    93
    -බොලාට මතකද මයින්ද මාත්තයා එක්ක ලිබියාවේ ගඩාෆි සෑර් කරට අතදාගෙන ඉඳලා ටික දොහකින් පාර දිගේ ඇදගෙන ගිහිං සබ්බුව දුන්නා
    - ඉරානේ රයිසි සෑර් පොනිල් මාත්තයා එක්ක සෙට් වෙලා සති කීයද ගියේ, අද කෙලින්ම අහසින් වැලිගම්පිටියට ගියා.

    මොකක්දෝ අවුලක් තියෙනවා සිරිලංකවේ පාලකයින්ගේ
    ඔව් මේ රටේ ඉන්න පාලකයන්ගේ සාපේ මේ රටේ මිනිස්සුන්ට වැදිලා ඉවර උනාම ඒ පාලකයෝ හම්බු වෙන්න එන පිටරට උන්ට වදිනවා. කරුමේ කියන්නේ කවදාවත් ඔය පාලක පන්තියට වදින්නේ නැති එකයි.