https://sinhala.adaderana.lk/news/2...ZWf5aPm-G5dPhnUorO_aem_J6bl2fbXpHpWKiuu0upL8g
මෙරට දැනට උද්ගතව ඇති හදිසි ආපදා තත්ත්වයට මුහුණදීම සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් අද (28) දින සිට එළැඹෙන 04 වැනිදා දක්වා සතියක කාලයක් මහජනතාවට සෞඛ්‍ය පහසුකම් අඛණ්ඩව ලබා දීම වෙනුවෙන් සෞඛ්‍ය ක්ෂේත්රයට අදාළව හදිසි තත්ත්වයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.
ඒ අනුව දිට්වා සුලිකුණාටුව හේතුවෙන් ඇතිව තිබෙන ආපදා තත්ත්වය හේතුවෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහතාගේ අත්සනින් යුතුව විශේෂ උපදෙස් පත්‍රිකාවක් නිකුත් කිරීමට එම අමාත්‍යාංශය පියවර ගෙන ඇත.
මෙමගින් සමස්ත සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සඳහා අද (28) සිට නැවත දැනුම්දෙන තුරු නිවාඩු අවලංගු කර ඇති අතර සියලු රෝහල් අධ්‍යක්ෂකවරු හා ආයතන ප්‍රධානීන් රෝගී සත්කාර සේවා අඛණ්ඩව පැය 24 පුරා ක්‍රියාත්මක කළ හැකි වන පරිදි රෝහල් කාර්ය මණ්ඩලය සේවයට කැඳවීම සඳහා වැඩපිළිවෙළක් සකස් කළ යුතු බවත් එහි සඳහන්ව තිබේ.
එමෙන්ම ආපදාවලට ලක්වන ප්‍රදේශවල රෝහල්හී දැනට නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන්ගෙන් වෛද්‍ය නිර්දේශ මත මුදාහළ හැකි සහ ආපදාවකින් තොරව සිය නිවෙස් කරා හා හැකි රෝගීන් නිදහස් කිරීමට පියවර ගත යුතු බවත් ආපදාවලට ලක්වන ප්‍රදේශයන්හී රෝහලහී අවදානම් ගොඩනැගිලිවල පිහිටි වෛද්‍ය උපරකණ, රෝගී සත්කාර අංශ ආරක්ෂිත ස්ථානවල කඩිනමින් ස්ථානගත කිරීමට පියවර ගත යුතු බවත් එමගින් දන්වා ඇත.
තවද රෝහල්වලට අවශ්‍ය ඖෂධ, වෛද්‍ය වායු ආදිය හිඟයකින් තොරව පවත්වාගැනීම සඳහා අදාළ ආයතන සම්බන්ධීකරණය කර ගැනීම මෙන්ම රෝහලේ ඇතිවිය හැකි හදිසි තත්ත්වයන් සලකා බලා දැඩි සත්කාර ඒකකවල රෝගීන් හා අසාධ්‍ය රෝගීන් ආසන්න රෝහල් සමග සාකච්ඡා කර මාරු කර ගැනීම සඳහා පූර්ව වැඩපිළිවෙළක් සකස් කර ගත යුතු බවත් එමගින් දන්වා තිබේ.

thama uptrend. hanwella major level reached. next peliyagoda. 