🔴 ජලාශ හිදෙයි: විදුලිය කැපීමේ අවදානමක්

asbestos

Well-known member
  • May 5, 2022
    2,200
    2,656
    113
    සංසාරය
    රටපුරා පවතින දැඩි නියඟය හේතුවෙන් ප්‍රධාන පෙළේ වැව් සහ විදුලි බලාගාර ආශ්‍රිත ජලාශ වේගයෙන් සිඳී යමින් පවතින බව වාර්තා වේ.

    මේ හේතුවෙන් වගාවන්ට සහ විදුලිය නිපදවීම සඳහා ජලය ලබාදීමට දැඩි ගැටලුකාරී තත්වයක් මතුව ඇතැයි වාරිමාර්ග අධ්‍යක්ෂ ජනරාල් ඉංජිනේරු අජිත් ගුණසේකර මහතා ලංකාදීපයට පැවැසීය.

    නියඟ තත්වය තවදුරටත් පැවතුණුහොත් ප්‍රමාණවත් පරිදි විදුලිය බලය නිපදවීමට නොහැකිවීමෙන් විදුලිය කප්පාදුවකට යෑමට අනිවාර්යෙන්ම සිදුවන බව මහවැලි සංවර්ධන අධිකාරිය පවසයි.

    මහවැලි ජලාශවල තත්වය සම්බන්ධයෙන් අදහස් දක්වන ශ්‍රී ලංකා මහවැලි සංවර්ධන අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් නිලන්ත ධනපාල මහතා පැවසුවේ දැඩි නියඟ තත්වය හේතුවෙන් මහවැලි බොහෝ ජලාශවල ජල මට්ටම් සියයට 50 සීමාවට ළඟාවී ඇති බවයි.

    මේ අතර අධික නියඟ තත්ත්වය හේතුවෙන් යාල විල්පත්තුව, කුමන සහ උඩවලව යන වනෝද්‍යානවල සතුන්ගේ ජීවිතවලටද දැඩි ලෙස බලපෑම් මතුවී ඇතැයි වනජීවී අධ්‍යක්ෂ ජනරාල් චන්දන සූරියබණ්ඩාර මහතා පැවසීය.

    මෙම වනෝද්‍යානවල ජලාශ රැසක් සිඳී ගොස් ඇති අතර තවත් ජලාශ සිඳී යමින් පවතින බවද ඔහු සඳහන් කළේය.

    ජල හිඟය සමග අධික රශ්නයසහ ආහාර අඩුකම යන ප්‍රශ්නවලටද වන සතුන් මුහුණ දී සිටින බව පැවසූ වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙම වනෝද්‍යානයන්හි සංචාරක කලාප සංචාරකයන් වෙනුවෙන් මනාව පවත්වාගෙන යෑමේ අරමුණින් ඒ ප්‍රදේශවලට ජලය සැපයීම අරඹා ඇතැයිද සඳහන් කළේය.

    මේ අතර උඩවලවේ ජලාශය යටතේ වගා කර ඇති කුඹුරු අක්කර 65,000ක් අධික නියගය හේතුවෙන් විනාශවීමේ අවදානමක් මතුව ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

    මේ වසරේ සහල් නිෂ්පාදනයටද මෙමගින් දැඩි බලපෑමක් එල්ල විය හැකි බව පැවසූ අමාත්‍යවරයා නියගය හේතුවෙන් බෝග වගාවන්ට රුපියල් කෝටි 3000 ක පමණ පාඩුවක් සිදුව ඇතැයිද ප්‍රකාශ කළේය.

    මේ අතර සමනල වැව ජලාශයේ ජල ධාරිතාව ඝන මීටර් මිලියන 87.9ක් දක්වා පහත බැස ඇති බවත් තවත් දින දහයක් ජලය නොලැබුණහොත් එම මට්ටම ඝන මීටර් මිලියන 60 ක් දක්වා පහත බසිනු ඇති බවත් විදුලිබල මණ්ඩලයේ නිලධාරීහු කෘෂිකර්ම අමාත්‍යවරයාට දැනුම් දුන්හ.

    මේ හේතුවෙන් දකුණු පළාතට පැයේ සිට පැය තුන දක්වා විදුලි කප්පාදුවක් ඉදිරියේදී කිරීමට සිදුවනු ඇතැයිද එම නිලධාරීන් අනතුරු අඟවා ඇත.

    මේ අතර නියගය හේතුවෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ නඩත්තු කෙරෙන මධ්‍ය පරිමාණයේ වැව් රැසක් සිඳී ගොස් ඇති බවත් මධ්‍යම රජය යටතේ නඩත්තු කෙරෙන මහා පරිමාණයේ වැව් රැසක ජල මට්ටමද ඉතා පහළ මට්ටමකට පැමිණ ඇති බවත් වාරි ඉංජිනේරුවෝ පවසති.

    උතුරු මැද පළාතේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ නඩත්තු කෙරෙන වැව් සංඛ්‍යාව 3000කට අධිකය. අධික නියගය හේතුවෙන් මෙම වැව් විශාල වශයෙන් සිඳී යමින් පවතින බව වාර්තා වේ.

    මේ හේතුවෙන් දිස්ත්‍රික්කයේ විශාල පිරිසක් පානීය ජලය ලබා ගැනීමේ අපහසුතාවයකට මුහුණදී සිටිති. එසේම එම ප්‍රදේශවල වන සතුන්ද ජල හිඟය හේතුවෙන් දැඩි දුෂ්කරතාවයට පත්ව සිටින බව වනජීවී නිලධාරීහු පෙන්වා දෙති.

    මේ සම්බන්ධයෙන් අදහස් දක්වන පළාත් වාරිමාර්ග අධ්‍යක්ෂ ඉංජිනේරු ජයන්ත හේරත් මහතා පැවසුවේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැව් වලින් සියයට අසූවක් පමණ මේ වනවිට සිඳී ගොස් ඇති බවයි

    ඉදිරියේදී වැස්ස නොලැබුණහොත් අගෝස්තු සැප්තැම්බර් මාසවලදී තත්වය මීට වඩා දරුණු විය හැකි බවද ඔහු සඳහන් කළේය.

    කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු වාර්තාවලට අනුව නියඟය හේතුවෙන් වැඩි බලපෑම එල්ලවී ඇත්තේ අම්පාර හම්බන්තොට සහ රත්නපුර යන දිස්ත්‍රික්කවලටය.

    නියඟය හේතුවෙන් මෙම දිස්ත්‍රික්කවල වගාවන් රැසකට හානි සිදුව ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

    මේ සම්බන්ධයෙන් අදහස් දක්වන විදුලිබල මණ්ඩලයේ උසස් නිලධාරියකු පැවසුවේ ප්‍රධාන ජලාශවල ජල මට්ටම් තවදුරටත් පහත ගියහොත් විදුලිය නිපදවීමට ගැටලු මතු වීමෙන් විදුලිය කප්පාදුවකට පවා යොමුවීමට සිදුවනු ඇති බවයි.

    (ලංකාදීප)

    *****



    IMG_20230801_130855.jpg


    IMG_20230801_131213.jpg
     
    Last edited:

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,991
    152,994
    113
    කකුළුවො ටික නට නට හිටිය හැලියෙ වතුර ටික දැන් ගාණට රත් වේගෙන එනවා වගේ. හාමුගෙ වැඩකිඩ ඉදිරියට බලාගන්න පුළුවන් වේවි ඔක්කොටම. 🥲😌
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,259
    47,110
    113
    ඉදිරියේදී වැස්ස නොලැබුණහොත් අගෝස්තු සැප්තැම්බර් මාසවලදී තත්වය මීට වඩා දරුණු විය හැකි බවද ඔහු සඳහන් කළේය.

    Ice Cream Summer GIF by Maria Johnsen
     

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    රනිල් ස' දන්නවා එයාට ඉන්න පුලුවන් විදුලිය තියෙනකන් විතරයි කියලා. ඒ හින්දා ණයට තෙල් අරගෙන හරි ඇදගෙන යයි
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,188
    34,799
    113
    මේ අවුරුද්දේ ඉදිරි මාස වල වැස්ස ඉතා අඩුයි. (එල් නිනෝ ද මොකක්ද මගුලක් හින්දා) නියඟයක් ඇතිවිය හැකියි.
     
    • Wow
    • Like
    Reactions: NRTG and asbestos

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,486
    4,503
    113
    අර සිරීපාදේ හාමුදුරුවෝ කියපු අනාවැකිය හරියාගෙන වගේ එන්නේ. දැන් ඉතින් අවුරුද්දක් විතර හමුදා පාලනයකට ලැහැස්ති වෙයල්ලා. ඊට පස්සේ තමයි NPP එකට බලයට එන්න වෙන්නේ
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,188
    34,799
    113
    අර සිරීපාදේ හාමුදුරුවෝ කියපු අනාවැකිය හරියාගෙන වගේ එන්නේ. දැන් ඉතින් අවුරුද්දක් විතර හමුදා පාලනයකට ලැහැස්ති වෙයල්ලා. ඊට පස්සේ තමයි NPP එකට බලයට එන්න වෙන්නේ
    හමුදාව පොනිලගෙන් බලය උදුරාගනියි කියලා හිතනවද? එච්චර කොන්දක් තියෙන ආමි කාරයෝ දැන් ආමි එකේ නෑ,
     
    • Like
    Reactions: haunte and NRTG

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,486
    4,503
    113
    හමුදාව පොනිලගෙන් බලය උදුරාගනියි කියලා හිතනවද? එච්චර කොන්දක් තියෙන ආමි කාරයෝ දැන් ආමි එකේ නෑ,
    හමුදාව බලහත්කාරයෙන් ගන්නේ නෑලූ. ආපහු අරගලයක් එනවාලු. ඒ අරගලයේ ප්‍රතිඵලයක් හැටියට මහින්දලා රනිල්ලා දේශපාලනයෙන් ඇතුගෑවිලා යනවාලු ආපහු දේශපාලනය කරන්න බැරිම වෙන්න. හමුදාවට බාරගන්න සිද්ධ වෙනවාලු අවුරුද්ද්ක් විතර. ඒ අවුරුද්ද ඇතුළත් මිනිස්සුන්ට දැඩි නීතීඉ රීති යටතේ කටුක ජීවිතයක් ගෙවන්න වෙනවාලු. හැමැයි රට සශ්‍රීක වෙනවාලු. අවුරුද්දකින් පස්සේ ජන්දෙකින් ප්‍රජාතන්ත්‍රවාදී වෙනස් හොඳ පාලනයක් එනවාලු. විදුලිය කැපීමක් වුනොත් මේ අනාවැකියට ඒක සම්බන්ධ වෙයි කියලා හිතෙනවා. කලින් පාර අරගලය ආවෙත් කරන්ට් කැපීමත් එක්ක.කලුවරේ මිනිස්සු ඉටිපන්දම් අල්ලගෙන කරපු විරෝධතවයකින්නේ පටන් ගත්තේ අරගලය