අපේ රටේ තරුණ උන් ඉවර වුනේ අවජාතක JVP වේස බල්ලො කරපු වැඩ නිසා. ඉගෙන ගත්ත සහ අනාගතේ බාරගන්න හිටපු බුද්ධියක් තියෙන තරුණ අයගෙ පරම්පරා කීපයක්ම හිස් වුණේ උන් නිසයි. ඒක නැහැ කියන්න බැහැ. දැන් පාරටවත් බහින්නවත් එකෙක් නැත්තෙ ඕකයි. රටේ නායකත්වය ගන්න හරි මිනිහෙක් නැහැ. ඒ කරපු විනාසෙන් බේරුණ දෙයක් කරන්න පුලුවන් බුද්ධිමත් මිනිස්සු රටෙන් ගියා. දැන් වෙන රටවල ලස්සනට ජීවත්වෙනවා. මේ ගැන දන්න උන් දන්නවා. මොනවා කරන්නත් හරි නායකයෙක් ඉන්න ඔනි. තනි පවුලකුයි, පට්ට හොරු ටිකකුයි එකතුවෙලා මේක උන්ගෙ තනි බූදලයක් කරගෙන නීතිය නවාගෙන මාරුවෙන් මාරුවට හොරා කනවා. පවුල් පිටින් ගොඩ යනවා. උන් හැදෙනවා. ඕකනෙ කළේ අවුරුදු 74 ක්. ඒ අස්සෙ මුස්ලිම් උන් සහ දෙමළ උන් පැත්තෙන් හේත්තු වෙලා, උන්ගෙ ගේම ගහනවා. සිංහලු කල්ලි කල්ලි වලට බෙදිලා හොරා කනවයි, රට පාවලා දෙනවයි, මරා ගන්නවයි.
පන්සල්වල හාමුදුරුවො ගැන වෙනම කතා කරන්න ඕනි. පිංකැට වලටයි, දායකයන්ගෙනුයි එන කෝටි ගණන් සල්ලි ලැබෙන බිස්නස් එකක් තමයි පන්සල කියන්නෙ දැන් කාලෙ. සැපේ ඉන්නෙ සැපේ... දේශපාලුවෙක් අල්ලගෙන එයාලා ගහන්නෙ වෙනම ගේම්. අනිත්‍ය ගැන මිනිස්සුන්ට බණ කියලා ගෑණු තියාගෙන, වඩින්නෙෙ V8 වල. හැම හාමුදුරුවොම එහෙම නැහැ. ඝණයො ගැනයි කිව්වෙ. හාමුදුරුවරුත් නිකාය දෙකක්. එතනත් බෙදීමක්. බුද්ධාගම පළිත් නැහැ වැරදිත් නැහැ. ඒක වැරදි විධියට වැරදි දේවල් වලට පාවිච්චි කරන උන් තමයි වැරදි. ඒ නිසා මේක තේරුන් නොගෙන පට්ට හොරුන්ට කතිරෙ ගහලා තවුසන් ටෝක් දුන්නට වැඩක් නැහැ. මේක ගොඩදාන්න පුලුවන් එකෙක් නැහැ. ආවත් කරන්නත් බැහැ. එන එකා එන්නෙ තමන්ට දෙයක් කරගන්නයි. තොපිත් මේක තේරුම් අරගෙන මේකෙන් චුතවෙලා පලයන්. නැත්නම් ගොඩයාමක් නැහැ.