සටහන අකුරක් නැර කියවන්න. නන්දෙගේ ඩොලර් සෙල්ලම හා එහි ප්‍රතිඵල වලට ගිහින්ද කියලා තේරේවි.
.......................
බිලියන 113ක සල්ලි අච්චු ගැසීමක්!
ඊයේ (මාර්තු 15) මහා භාණ්ඩාගාරයේ විශේෂ ඉල්ලීමක් මත මහ බැංකුව විසින් රුපියල් බිලියන 113.5ක භාණ්ඩාගාර බිල්පත් මිල දී ගැනීම මගින් එපමණ මුදලක් රජයට ලබා දී තිබෙනවා. මෙම මුදල මහ බැංකුවෙන් ඉල්ලා තිබෙන්නේ ඊයේ ගෙවීමට නියමිතව තිබූ ණය මුදලක් ආපසු ගෙවීම සඳහායි.
ණය ගෙවිය යුතු වූයේ කවර පාර්ශ්වයකටද යන්න සඳහන්ව නැහැ. මහ බැංකුවෙන් මේ අයුරින් රුපියල් ලබා ගත්තත්, එම රුපියල් වැය කර ඩොලර් මිල දී ගෙන විදේශ ණයක් ආපසු ගෙවුවා වෙන්නත් පුළුවන්. ඊයේ පැවති විණිමය අනුපාතය අනුව මෙම මුදල ඩොලර් මිලියන 347කට ආසන්න මුදලක්.
ඇතැම් විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අරමුදල් ලබන සතියේදී ලැබෙන්නට නියමිත නිසාත්, මහ බැංකුව විසින් පසුගිය දිනවල සැලකිය යුතු ඩොලර් ප්‍රමාණයක් වෙළඳපොළෙන් මිල දී ගෙන ඇති නිසාත්, ඉන්දියාවට ගෙවිය යුතු ණය වලින් කොටසක් ගෙවුවා වෙන්න පුළුවන්. කොහොම වුනත්, මේ කොටස මගේ හිතළු පමණයි. ණය ගෙවුවේ කාටද කියා මම හරියටම දන්නේ නැහැ.
යම් හෙයකින් මෙසේ ආපසු ගෙවුවේ විදේශ ණයක්නම් ඒ සඳහා ඩොලර් මිල දී ගත්තේ මහ බැංකුවෙන්ම පමණක්ද එසේ නැත්නම් යම් කොටසක් වෙළඳපොළෙන් මිල දී ගත්තේද යන්නත් පැහැදිලි නැහැ. මේ වන විට අන්තර්බැංකු වෙළඳපොළේ ඩොලරයක මිල නැවත ඉහළ යාම තුළින් පිළිබිඹු වන්නේ එහි වූ අතිරික්ත ඩොලර් ද්‍රවශීලතාව මහ බැංකුව විසින් මුළුමනින්ම අවශෝෂණය කර ගනිමින් සිටින බව හෝ එසේ කර අවසන්ව ඇති බවයි.
රජය විසින් බදු වැඩි කර, වියදම් සීමා කර ඇතත්, අපේක්ෂිත තරමටම බදු ආදායම් එකතු වන බවක් පෙනෙන්නට නැහැ. යම් හෙයකින් විදේශ අංශයේ ප්‍රශ්නය විසඳාගනු ලැබුවද, රජයේ විදේශ ණය ගෙවීම සඳහා ඩොලර් මිල දී ගැනීමට ප්‍රමාණවත් බදු ආදායමක් එකතු නොවුවහොත්, එම හිඟය පියවා ගන්නට සිදු වන්නේ දේශීය වෙළඳපොළෙන් ණය ගැනීම හෝ සල්ලි අච්චු ගැසීම මගිනුයි. පොලී අනුපාතික තවත් ඉහළ යන්නට ඉඩ නොදී දේශීය වෙළඳපොළෙන් ලබා ගන්නා ණය ප්‍රමාණය විශාල ලෙස වැඩි කර ගැනීමේ හැකියාවක් නැහැ.
#ඉකොනොමැට්ටා