ඒක හරි , එත් බන් ඔය කුණු කොල්ලෙට වැඩ කරන සීන් එක එන්නේ තමන්ට ඩිමාන්ඩ් කරන්න ස්කිල් එකක් හදාගෙන නැති කොට . බලහන් , සෙම් කැටගරි එකේ එකම ආයතනයේ උනත් , එකම පොසිෂන් එකට විවිද සැලරි යනවනේ . අරූට දුන්නනම් මටත් ඕනේ කියනවා මිසක් , ඒක ජස්ටිෆ්යි කරන්න වෙනින් දෙයක් නෑ උන් ගාව . හදාගන්න උවමනාවකුත් නෑ . ස්කිල් එක හදාගනින් , මේ කෝස් එක කරහන් කියල කිව්වත් උන්ට ගානක් නෑ .
අනිත් පැත්තෙන් ගත්තම , මේසන් බාස් කෙනෙක් දවසට 4000ක් ඉල්ලනවා , ගෝලයෙක් 2500-3000 , එතකොට කොත්තු බාස් කෙනෙක් දවසට 3000ක් අවම ( හොදට බිස්නස් තියෙන කඩේක ).... තව උදාහරණ තියෙනවා . රුපියල් 1500ට බාස් කෙනෙක්ට වැඩ කරන්න කියහන්කෝ , ඌ හොදම එකෙන් අමතල යන්නේ .
එත් හිතපන් , ජුනියර් පොසිෂන් එකකට යන එකෙක්ට අවම සැලරි එක 21,000යි (සැප්තැම්බර් ගැසට් එකෙන් පස්සේ ). කලින් තිබ්බේ 16,000/- ඉතින් හිතහන් කෝ .
එහෙම වෙද්දීත් , අදටත් මිනිස්සු white colar ම ට්‍රයි කරනවා , හේතුව උජාරුවෙන් කරන රස්සාව අහවල් තැන "එක්සේකටිව්" කෙනෙක් කියල කියන්න . ඉතින් කොම්පැනි වලට වාසි , අරූ බෑ කිව්වොත් මූ ඉන්නවා . හැබැයි ස්කිල් එකට ඩිමාන්ඩ් හදාගත්ත තැන , ඒ කතා නෑ .
හැබැයි , සීනියර් පොසිෂන් වලට යනකොට තමන්ගේ ඩිමාන්ඩ් එක හදා ගත්ත එකා , උගේ ගානට කොම්පැනියේ බජට් එක ගේනවා . ඒකයි විස්තරේ .