ගංවතුර අවධානම් නිවේදන නිකුත් වෙයි
පවතින වර්ෂාවත් සමග ඉදිරි පැය කීපයේදි කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක ගංවතුර හා නායයාමේ අවදානම් තත්වයක් ඇතිවිය හැකි බව දිස්ත්‍රික් ආපදා කළමණාකරණ ඒකකය සහ ප්‍රාදේශිය ලේකම්වරුන් ජනතාවට අනතුරු අඟවයි.
දින කිහිපයක් තිස්සේ මාතර දිස්ත්‍රික්කයට ඇදහැලෙන දැඩි වර්ෂාපතනය හේතුවෙන් මේ වන විට නිල්වලා ගඟ ද පිටාර ගලමින් පවතිනවා. මේ තත්ත්වය මත නිල්වලා ගඟ පිටාර ගලා අකුරැස්ස - පානදුගම ප්‍රදේශයේ අකුරැස්ස පිටබැද්දර මාර්ගය ජලයෙන් යටවී ඇති බවයි වාර්තා වන්නේ. මේ හේතුවෙන් අකුරැස්ස සිට සියඹලාගොඩ , දෙහිගස්ප, බෝපාගොඩ, පෝරතොට, තලහගම, මාකදුර ආදී ප්‍රදේශයන්හි ජනතාවට අද (14) උදෑසන ඇඳිරිනීතිය ඉවත් කළ පසු ජනතාවගේ දෛනික ගමනාගමන කටයුතුවලට බාධා මතුව තිබෙනවා. එහිදී ඔවුනට විකල්ප මාර්ග භාවිතා කිරීමටයි සිදු වුණේ. එසේම ගොවිතැන් කටයුතුවලට ද තර්ජනයක් වෙමින් වගා කළ කුඹුරු ද ජලයෙන් යටව තිබෙනවා. අද (14) දින පෙරවරුවේ අකුරැස්ස - පානදුගම නිල්වලා ගඟ ජල මාපකයේ සටහන්ව තිබූ අගය වනුයේ මීටර් 6.3 ක්. මාතර දිස්ත්‍රික් ආපදා කළමණාකරණ ඒකකයේ මිනුම්වලට අනුව නිල්වලා ගගෙහි සාමාන්‍ය ජල මට්ටම වන්නේ මීටර් 3.2ක් වන අතර එහි පිටාර ජල මට්ටම ලෙස සටහන් වන්නේ මීටර් 3.2ක්.
අධික වර්ෂාපතනය හේතුවෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට බලපා ඇති ගංවතුර අවධානම තවදුරටත් පැවතිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.
එමෙන්ම කලූගගේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් ඒ ආශ්රිත ප්‍රදේශ වන *මිල්ලනිය / මදුරාවල* සහ *හොරණ* යන ප්‍රදේශ වල ජීවත් වන ජනතාවද අවධානෙන් පසුවිය යුතු බවයි එම දෙපාර්තමේන්තුව දන්වා සිටින්නේ..
