😃🎬 "ජොනී ඩෙප්" වසර 27 කට පසුව යළි චිත්‍රපට අධ්‍යක්ෂණයට අවතීර්ණ වේ 🎥😃

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,013
    153,066
    113
    9f7f10721c5562db46465ecb8fd0d68a.jpg

    ✍️ සටහන: @Stimulus mind ✍️

    1997 වසරේ තිරගත වූ "The Brave" සිනමාපටය අධ්‍යක්ෂණය කොට වසර 25 කට පසුව නැවතත් සිනමාපටයක අධ්‍යක්ෂණ කාර්යයෙන් ඔබ හමුවට පැමිණීමට ප්‍රවීණ සහ ජනප්‍රිය හොලිවුඩ් රංගන ශිල්පියෙක් වන "ජොනී ඩෙප්" මේ වනවිට සූදානමින් පසුවනවා. "Modì' ලෙසින් නම්කර ඇති මෙම සිනමාපටය චරිතාපදාන ගණයේ සිනමාපටයක් (biographical drama film) වන අතර ඉතාලි ජාතික ප්‍රකට චිත්‍ර සහ මූර්ති ශිල්පියෙකු වූ "Amedeo Modigliani" ජීවිත කතාව ඇසුරෙන් මෙම සිනමාපටය නිර්මාණය කොට තිබෙනවා. ප්‍රකට වේදිකා නාට්‍ය රචකයෙක් වූ "Dennis McIntyre" විසින් රචනා කළ 'Modigliani' නම් වේදිකා නාට්‍ය තිර පිටපත ඇසුරෙන් "Jerzy Kromolowski" සහ "Mary Kromolowski" විසින් රචනා කළ සිනමා තිර පිටපතක් ආශ්‍රයෙන් නිර්මාණය කළ මෙම සිනමාපටයේ ප්‍රධාන චරිතය වන "Amedeo Modigliani" ලෙස "Riccardo Scamarcio" රංගනයෙන් දායක වන අතර සෙසු චරිත වෙනුවෙන් Luisa Ranieri, Antonia Desplat, Stephen Graham, Bruno Gouery, Ryan McParland, Benjamin Lavernhe, Sally Phillips යන රංගන ශිල්පීන් ශිල්පිනියන් මෙන්ම ප්‍රවීණ හොලිවුඩ් රංගන ශිල්පී "Al Pacino" ද තම රංගන දායකත්වය සපයනු ලබනවා. මෙම සිනමාපටයේ මුහුරත් උළෙල මෙම වසරේ අගෝස්තු මස 28 වන දින ඉතාලියේ, වැනිස් නගරයේදී ආරම්භ වන 81 වැනි "වැනිස් සිනමා උළලේදී" (Venice Film Festival) පැවැත්වීමට මේ වන විට සැලසුම් කොට තිබෙනවා.

    "ජොනී ඩෙප්" සිනමාපටයේ අධ්‍යක්ෂණ කටයුතු සිදුකරමින් සිටින අතරතුර

    Johnny-Depp-Shares-images-with-Al-Pacino-from-Set-of-Their-New-Movie-Modi-012224-3-bcee2eb4e3f9455dba858446f6e94a3c.jpg

    Johnny-Depp-Modi.jpg

    rokyt8cc6n.jpg

    "Al pacino" සහ "Riccardo Scamarcio" සමග

    IMG_1309-11-EMBED-2024.jpg

    dog-stepped-on.gif
    amber-heard-whine.gif

    johnny-depp-captain-jack-sparrow.gif
    johnny-depp-pirates-of-the-caribbean.gif
     
    Last edited:

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,013
    153,066
    113
    "Terry Gilliam" ගෙ "The Carnival at the End of Days" කියන අලුත් ෆිල්ම් එකේ ප්‍රධාන චරිතෙකටත් "ජොනී ඩෙප්" රගපානවා. :yes: ඩෙප් මේකෙ රගපාන්නෙ "සාතන්' හැටියටලු. "ජොනී ඩෙප්ට" අමතරව Adam Driver, Jeff Bridges, වගේම "Jason Mamoa"ත් මේ චිත්‍රපටියෙ චරිතවලට රගපෑමෙන් දායක වෙනවා. :) මේ ෆිල්ම් එක ඩිරෙක්ට් කරන "Terry Gilliam" ම තමයි "Monty Python" ෆිල්ම් සීරීස් එකයි, 12 monkeys, Brazil, Fear and Loathing in Las Vegas වගේ ෆිල්ම්සුයි ඩිරෙක්ට් කරෙත්. :yes:

    Film Synopsis

    God wanting to wipe out humanity, because he's so disappointed by what has gone down on planet earth, only for Satan to convince God to create a new Adam & Eve to result in a new improved humanity.

    Last edited:

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,775
    113
    Hell & Heaven (Kiribathgoda)
    "Terry Gilliam" ගෙ "The Carnival at the End of Days" කියන අලුත් ෆිල්ම් එකේ ප්‍රධාන චරිතෙකටත් "ජොනී ඩෙප්" රගපානවා. :yes: ඩෙප් මේකෙ රගපාන්නෙ "සාතන්' හැටියටලු. "ජොනී ඩෙප්ට" අමතරව Adam Driver, Jeff Bridges, වගේම "Jason Mamoa"ත් මේ චිත්‍රපටියෙ චරිතවලට රගපෑමෙන් දායක වෙනවා. :) මේ ෆිල්ම් එක ඩිරෙක්ට් කරන "Terry Gilliam" ම තමයි "Monty Python" ෆිල්ම් සීරීස් එකයි, 12 monkeys, Brazil, Fear and Loathing in Las Vegas වගේ ෆිල්ම්සුයි ඩිරෙක්ට් කරෙත්. :yes:

    Film Synopsis

    God wanting to wipe out humanity, because he's so disappointed by what has gone down on planet earth, only for Satan to convince God to create a new Adam & Eve to result in a new improved humanity.

    appata Athal ekak wei wage

    mama me balan inne aluth pirates of the carribian enakan. ape captain jacka ekka
    ------ Post added on Mar 11, 2025 at 5:49 AM
     
    • Love
    Reactions: Stimulus mind

    Similar threads