සටහන: @Stimulus mind
1997 වසරේ තිරගත වූ "The Brave" සිනමාපටය අධ්‍යක්ෂණය කොට වසර 25 කට පසුව නැවතත් සිනමාපටයක අධ්‍යක්ෂණ කාර්යයෙන් ඔබ හමුවට පැමිණීමට ප්‍රවීණ සහ ජනප්‍රිය හොලිවුඩ් රංගන ශිල්පියෙක් වන "ජොනී ඩෙප්" මේ වනවිට සූදානමින් පසුවනවා. "Modì' ලෙසින් නම්කර ඇති මෙම සිනමාපටය චරිතාපදාන ගණයේ සිනමාපටයක් (biographical drama film) වන අතර ඉතාලි ජාතික ප්‍රකට චිත්‍ර සහ මූර්ති ශිල්පියෙකු වූ "Amedeo Modigliani" ජීවිත කතාව ඇසුරෙන් මෙම සිනමාපටය නිර්මාණය කොට තිබෙනවා. ප්‍රකට වේදිකා නාට්‍ය රචකයෙක් වූ "Dennis McIntyre" විසින් රචනා කළ 'Modigliani' නම් වේදිකා නාට්‍ය තිර පිටපත ඇසුරෙන් "Jerzy Kromolowski" සහ "Mary Kromolowski" විසින් රචනා කළ සිනමා තිර පිටපතක් ආශ්‍රයෙන් නිර්මාණය කළ මෙම සිනමාපටයේ ප්‍රධාන චරිතය වන "Amedeo Modigliani" ලෙස "Riccardo Scamarcio" රංගනයෙන් දායක වන අතර සෙසු චරිත වෙනුවෙන් Luisa Ranieri, Antonia Desplat, Stephen Graham, Bruno Gouery, Ryan McParland, Benjamin Lavernhe, Sally Phillips යන රංගන ශිල්පීන් ශිල්පිනියන් මෙන්ම ප්‍රවීණ හොලිවුඩ් රංගන ශිල්පී "Al Pacino" ද තම රංගන දායකත්වය සපයනු ලබනවා. මෙම සිනමාපටයේ මුහුරත් උළෙල මෙම වසරේ අගෝස්තු මස 28 වන දින ඉතාලියේ, වැනිස් නගරයේදී ආරම්භ වන 81 වැනි "වැනිස් සිනමා උළලේදී" (Venice Film Festival) පැවැත්වීමට මේ වන විට සැලසුම් කොට තිබෙනවා.
"ජොනී ඩෙප්" සිනමාපටයේ අධ්‍යක්ෂණ කටයුතු සිදුකරමින් සිටින අතරතුර
"Al pacino" සහ "Riccardo Scamarcio" සමග
Last edited:
ඉස්සර හොලිවුඩ්වල හිටපු ලස්සනම නිළියක් තමයි. 


