😐🏏🤐 ඔන්න, දැන් ලංකාව වෙනුවෙන් ක්‍රිකට් ගහන අයගෙ වැඩකිඩ 🤐🏏😐

anuradhamapa

Well-known member
  • Aug 23, 2006
    13,512
    3,758
    113
    මංගල තරගෙ. මීට ඉස්සෙල්ලත් විනය විරෝධී ක්‍රියාවලට අහුවුණු එකෙක්ලු. මේ වගේ එවුන්ට දැන්ම දැනෙන්න දඩුවම් නොකළොත් අනාගතේදී අකුසල් මෙන්ඩිස්ලා වගේ වගේ එවුන් ක්‍රිකට් වලට එන එක වළක්වගන්න බැරි වෙයි. දැන් නම් කියන්න තියෙන්නේ ලංකාවෙ අනිත් හැම දේකටම වගේ ක්‍රිකට් වලටත් අබ සරණයි කියලා තමයි. :dull:


    collage.jpg



    බංගලාදේශයේ සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම් නවක ක්‍රීඩක කමිල් මිෂාර නැවත මෙරටට කැඳවීමට ශ්‍රීලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇත​


    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ බංගලාදේශ සංචාරය අතරතුර 18 දෙනකුගෙන් යුත් සංචිතයේ සිටි එක් ක්‍රීඩකයෙකු සිය මංගල ටෙස්ට් තරගයට සහභාගීවන්නට හෝ අවස්ථාවක් නොලබාම නැවත සිය රටට කැඳවන්නට ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් පියවර ගෙන තිබේ.

    මෙයට හේතුව ලෙස මුලින් වාර්තාවූයේ ඔහු නොකල්හි වීදි සංචාරය කලේය යන්නයි.නමුත් ඒඑෆ්පී පුවත් සේවය මේ වනවිට ජාත්‍යන්තරයට වාර්තා කර ඇති පරිදි 21 හැවිරිදි ක්‍රීඩකයා නැවතී සිටි හෝටල කාමරයට අමුත්තියක කැඳවා ඇති බවත් එවැනි කටයුතු සඳහා අවසර නැති බව දැන දැනම නීති විරෝධී ක්‍රියාව සිදුකරන ලද බවත්ය.
    හෝටලයේ සීසීටීවී දර්ශන මගින් සාක්ෂි තහවුරුවීම නිසා ඔහුගේ වරද සම්බන්ධයෙන් බරපතල පියවරක් ගන්නට ක්‍රිකට් බලධාරීන්ට සිදුව ඇත. කෙසේ වෙතත් නැවත ලංකාවට පැමිණි පසු ඔහු ඒ සම්බන්ධ පූර්ණ පරීක්ෂණයකට ලක්වන අතර එහිදී තමා නිවැරදි නම් ඒ බව කිව හැකිය.

    මින් ඉහත ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ වීදි සංචාරයන් සිදු කළ ජ්‍යෙෂ්ඨ ක්‍රිඩකයින් තිදෙනෙකු දිගු කලකට ක්‍රිකට් තහනමකට ලක්වූ නමුත් මෙවැනි අතට හසුවන දේවල් කර තිබුනේ නැත. විමතියට කාරණාව නම් ශ්‍රී ලංකාවේ පාසල් ක්‍රිකට් වලින් පසු ක්‍රීඩා සමාජ හරහා මතුවී අනතුරුව ප්‍රධාන කණ්ඩායමට ක්‍රීඩා කිරීමට ලැබෙන ඉතා විරල අවස්ථාවේදී තමන්ගේ පළමු ටෙස්ට් වරම ලබාගන්නට ඔන්න මෙන්න කියා තිබියදී මෙවැනි විනය විරෝධී කටයුතු සිදු කිරීමය.

    ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සමඟ සංචාරයක නිරතව සිටින අතරතුර මොහු 2019 සැප්තැම්බරයේදී, බීමතින් නොහොබිනා ලෙස හැසිරීම හේතුවෙන් තවත් ක්‍රීඩකයින් දෙදෙනෙකු සමඟ දඬුවම් වලට ලක්වූවෙකු වන අතර මෙවර ඔහු දෙවැනි වතාවට විනය ප්‍රශ්නයකට මැදිව ඇත.

    ශ්‍රී ලංකා ක්‍රිකට් අද නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනය අනුව ක්‍රීඩකයාගේ සංචාර කොන්ත්‍රාත්තුවේ දැක්වෙන පරිදි ක්‍රීඩකයාගේ හැසිරීම/හැසිරීම පාලනය කරන නීති රීති [අංක අංක 1 (j)] උල්ලංඝනය කිරීමක් බව ප්‍රකාශ කිරීම හැර වරදක් සඳහන් කර නැත. නමුත් ජාත්‍යන්තර මාධ්‍ය පවා ඔහුගේ නොහොබිනා හැසිරීම දැන් ප්‍රසිද්ධ කර අවසන්ය.



    e705750d64d9ad2ded5bab40d0c5e7e1-1024x863.jpeg



    Source: gossiplankanews.com
    minihek marapu ekek team eke innawa nam. mo hitiyata awalak ne
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,959
    167,776
    113
    එකමත් එක රටක
    මූ කතා කරන්නේ නම් හෙන අහිංසකය වගේ.. අපරාදේ.. දික්වැල්ලය වෙනුවට එන්න තිබ්බ කීපර් බැට්ස්මන් කෙනෙක්.. fc test හොදට කරලත් තියනව. මුන්ගේ මොලේ නැති අවුලක් තියෙන්නේ
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,013
    153,067
    113
    ow .. aye kohomath sri lankan cricket hedenne ne. kanawata dinnoth misak. dakkane ipl wal akollo sellam karana heti . ewage ekek wath penna ne , pena maneka ne
    ඒකනම් ඇත්ත, අඩුම තරමෙ තමන්ගෙ පළවෙනි ටෙස්ට් මැච් එක නේද කියලා හැගීමක්වත් තියෙන්න එපැයි. නිකමට බලන්න අලුත් ඔසී ප්ලේයර් කෙනෙක්ට තමන්ගෙ පළවෙනි ටෙස්ට් මැච් එක වෙනුවෙන් පළවෙනි වතාවට baggy green cap එක හම්බුණාම කොච්චර සංතෝසෙන් ද, ආඩම්බරෙන් ද කථා කරන්නේ කියලා. :yes:
     
    • Like
    Reactions: SK29

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,512
    3,758
    113
    ඒකනම් ඇත්ත, අඩුම තරමෙ තමන්ගෙ පළවෙනි ටෙස්ට් මැච් එක නේද කියලා හැගීමක්වත් තියෙන්න එපැයි. නිකමට බලන්න අලුත් ඔසී ප්ලේයර් කෙනෙක්ට තමන්ගෙ පළවෙනි ටෙස්ට් මැච් එක වෙනුවෙන් පළවෙනි වතාවට baggy green cap එඅක හම්බුණාම කොච්චර සංතෝසෙන් ද, ආඩම්බරෙන් ද කථා කරන්නේ කියලා. :yes:
    eka tma minimaruwo team eke innakota, mun hitanneth e manasikathwenma thama. sports kiyana eka wenama deyak .
     

    _HeRo_

    Well-known member
  • Jun 25, 2009
    2,551
    2,053
    113
    Rockers Island
    මූ කතා කරන්නේ නම් හෙන අහිංසකය වගේ.. අපරාදේ.. දික්වැල්ලය වෙනුවට එන්න තිබ්බ කීපර් බැට්ස්මන් කෙනෙක්.. fc test හොදට කරලත් තියනව. මුන්ගේ මොලේ නැති අවුලක් තියෙන්නේ
    ahh ehenam wala kapuwe kauda kiyala pahadili... kurusa wellaya
     
    • Wow
    Reactions: Stimulus mind