🙁😑 රටේ ඖෂධ හිඟය උග්‍ර අතට 😑🙁

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    වත්ත පිටිය සුද්ධ කරනකොට මේ ටිකේ හුගක් ප්‍රවේශම් වෙන්න. සර්පයො දෂ්ඨ කරාම දෙන ප්‍රතිවිෂ ඖෂධවල ලොකු හිගයක් තියනවලු. :(

    thumb.jpg



    රට තුළ මතුව ඇති ඖෂධ හා වෛද්‍ය උපකරණ හිඟය මේ වන විට දිනෙන් දින උග්‍රවෙමින් තිබෙනවා. වෛද්‍යවරුන් පවසන්නේ ඉකුත් සතිය වනවිට අත්‍යාවශ්‍ය ඖෂධ 140 ක පමණ හිඟයක් පවතින බවයි. ජිවිතාරක්ෂක ඖෂධ තුනක හිගයක් ද පැවැති නමුත් ඉන් එක් ඖෂධයක් ලබා ගැනීමට හැකිවූ බව සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචිමාර්ග පවසනවා. ඖෂධ අර්බුදය උග්‍ර වීමට බලපා ඇත්තේ රට තුළ මතුව ඇති ඩොලර් අර්බුදයයි.

    නෙත් නිවුස් කළ සොයා බැලීමකදී අනාවරණ වුණේ සර්පයෙකු දශ්ඨ කිරීමෙන් පසුව ලබාදෙන ඇන්ටිවෙනම් හෙවත් ප්‍රතිවිෂ ඖෂධ හිඟයක් ද රට තුළ ඇති බවයි. හම්බන්තොට රෝහල උදාහරණයකට සැලකීමේදී සර්ප දෂ්ඨ කිරීම් හේතුවෙන් පුද්ගලයින් දස දෙනෙකු පමණ දෛනිකව රෝහල්ගත කරනවා.
    ඔවුන්ට ලබාදෙන මෙම ප්‍රතිවිෂ ඖෂධ තොගය පෙරේදා දිනයේ අවසන්ව ඇති බවයි නෙත් නිවුස් කළ විමසීමකදී අනාවරණය වුණේ. කෙසේවෙතත් මෙම ඖෂධය කඩිනමින් මෙරටට ගෙන්වීමටයි සෞඛ්‍ය අමාත්‍යංශය කටයුතු කර ඇත්තේ.

    ජන ජීවිතයට දැඩිව බලපාන ඖෂධ හිඟය සම්බන්ධයෙන් නෙත් නිවුස් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ජී විජේසූරියගෙන් විමසීමක් කළා.





    නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ගේ මෙන්ම විවිධ ආයතනවල සහයෝගයෙන් හෝ රටට අවශ්‍ය ඖෂධ මේ වන විට ලබා ගැනීමට කටයුතු කරමින් ඇති බවයි.





    මේ අතර අත්‍යවශ්‍ය ඖෂධ 273 ක් විදේශයන්හි දානපතියන් මාර්ගයෙන් කඩිනමින් සපයා ගැනීමට මැදිහත් වන්නැයි ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍යාංශය විදේශීය තානාපති කාර්යාලවලින් විශේෂ ඉල්ලීමක් කර ඇති බවයි වාර්තා වන්නේ.

    ශ්‍රී ලංකාවට අවශ්‍ය ඖෂධ ලබා ගැනීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය, ලෝක බැංකුව සහ ජාත්‍යන්තර රතුකුරුස සංවිධානයද මේ වන විට ඉදිරිපත්ව සිටින බව ද වාර්තා වනවා. ඉන්දියානු ණය ආධාර වැඩපිළිවෙළ යටතේ මෙරටට ඖෂධ ලැබීම මේ වන විට පවතින්නේ අවසන් අදියරේයි.


    nethnews.lk
     
    • Like
    Reactions: kinkon and dilann

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    නාග ලෝකේ ඉදන් එන උන් දෂ්ට කරාම විස ද ?
    කැළණි පන්සලේ උන්නාන්සෙගෙන් ඇහුවා නම් හරියටම කියාවි. :dull:
     
    • Haha
    Reactions: kinkon