හවස දුවන්න ගියා මාලබේ පාත් එකේ.
වයසක ජෝඩුවක් ට්රැක් එකේ කෙළවර ඉන්නවා බඩු මලුත් එක්ක. නැවතිලා හිටපු තැනින් එලවලා.
දුවනකොට පෝන් එකේ කවරෙ දාගෙන යන 1000 කොලයක් තියෙනවා.
ඒක දුන්නා වියදමට ගන්න කියලා.
වෙන කෙනෙක් කරන පිනකට සතුටු වුනත් ගොඩ..
වහන්ස, මාගේ යෙහෙළි (වූ විසාඛා) තොමෝ සැවැත්නුවරැ සඞ්ඝයා උදෙසා මහවෙහෙරක් කරවූ ය. එහි පහන් වූ මම ඒ මහත් වූ ප්රාසාදය ද මට ප්රිය වූ බුද්ධප්රමුඛ සඞ්ඝයා උදෙසා කළ එබඳු මාහාධනපරිත්යාගය ද දැක පින් අනුමෝදන් වීමි.
ඒ මාගේ පිරිසිදු අනුමොදනායෙන් දැකුම්කලු අසිරිමත් මේ විමන ලබන ලදී. මාගේ පුණ්යර්ධියෙන් (ඒ විමන) අහසෙහි හාත්පස සොළොස් යොදුන් තැන් පැතිරැ පවතී.
ත්රිපිටකය » සූත්ර පිටකය » ඛුද්දක නිකාය » විමාන වස්තු » 4. මඤ්ජිට්ඨක වර්ගය
------
Post added on Jan 13, 2022 at 8:30 AM