🚨 රියැදුරන් වෙරිවීලාදැයි බලන්න ඡංගම වෛද්‍ය රථයක්

asbestos

Well-known member
  • May 5, 2022
    2,200
    2,656
    113
    සංසාරය
    මගී බස් රථ වල සිටින රියදුරු සහ කොන්දොස්තරලා මත්ද්‍රව්‍ය පාවිච්චි කර තිබේද යන්න පරීක්ෂා කිරීමේ ජංගම බස් රථයක් හදුන්වාදීම අද (24) දින ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ දී ආරම්භ විය.

    ජංගම බස් රථය මගින් දිවයිනේ විවිධ ප්‍රදේශවලදී අහඹු ලෙස තෝරා ගත් බස් රථවල සේවයේ නිරතව සිටින රියදුරු සහ කොන්දොස්තරවරයාගේ කෙටි පරීක්ෂණයක් මගින් එම රියැදුරු කොන්දොස්තර මත්ද්‍රව්‍ය ලබාගෙන ඇත්දැයි පරීක්ෂා කිරීමට අවශ්‍ය පහසුකම් එම බස් රථය තුළ ඇත.

    පළමු කාල සීමාවේදී බස් රථවල රියදුරු කොන්දොස්තරවරුන් පරීක්ෂා කිරීම සිදුකොට ඉන් අනතුරුව වෙනත් රථවාහනවල ගමන් ගන්නා රියදුරන්ද මත්ද්‍රව්‍ය ලබා ගෙන ඇද්දයි පරීක්ෂා කිරීමට කටයුතු සිදු කිරීමේ සැලැස්මක් පවතින බවද මෙහිදී අදහස් දක්වමින් ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සභාපති යූ.ජී.සී පෙරේරා මහතා පැවසීය.
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,986
    13,115
    113
    බඩු මදි නම් දෙනවලුද

    අර හොටෙල්ඩි ප්ලාසා සෙට් එකට පොලු දීලා බස් එකේ නග්ගන් ගියා නම් හරි.

    ඩ්‍රයිවර් බීලා නම් වට කරලා කෙලිනවා.

    සංහිඳියාවෙන් ප්‍රශ්න විසදන්නෙ එහෙමයි
    ------ Post added on Nov 24, 2025 at 8:04 PM