🚨BREAKING: ඊශ්‍රායලයෙන් කටාර් වෙත ප්‍රහාරයක්

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions

    හමාස් නායකයින් ඉලක්ක කරගෙන ඊශ්‍රායලයෙන් කටාර් වෙත ප්‍රහාරයක්


    ජ්‍යෙෂ්ඨ හමාස් නායකයින් ඉලක්ක කරගෙන ඊශ්‍රායලය විසින් කටාර්හි දෝහා අගනුවර වෙත ප්‍රහාරයක් එල්ල කර තිබේ.

    හමාස් නිලධාරියෙකු පවසන්නේ මෙම ප්‍රහාරය තමන්ගේ සාම සාකච්ඡා කණ්ඩායම ඉලක්ක කර එල්ල කර ඇති බවය.

    මේ අතර කටාර්හි අමෙරිකානු තානාපති කාර්යාලය එරට අමෙරිකානු පුරවැසියන්ට ආරක්ෂිත ස්ථානවල රැඳී සිටින ලෙස ඉල්ලා තිබේ.

    කටාර්හි අමෙරිකානු තානාපති කාර්යාලය කටාර්හි සිටින එරට සිටින අමෙරිකානු පුරවැසියන්ගෙන් ඉල්ලා සිටින්නේ, තමන් සිටින ස්ථානවල ආරක්ෂිතව සිටින ලෙසය.

    එමෙන්ම සමාජ මාධ්‍ය නිරීක්ෂණය කරන ලෙසද එක්සත් ජනපද පුරවැසියන්ගෙන් කටාර්හි අමෙරිකානු තානාපති කාර්යාලය ඉල්ලා සිටී.
     

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,247
    5,088
    113
    Loading...
    සිංහලු වගේ සතියෙන් අමතක වෙන නිවටයො නෙමෙයි උන්. තමන්ගෙ රටට ඇවිත් සිවිල් මිනිස්සු මරලා ප්‍රාණ ඇපයටත් අරගෙන ගියාට පස්සෙ, ඒවට ගෑවුණ ගෑවුණ එකාව ඉවර කරනවා ලෝකෙ කොහේ හිටියත්. අන්න එහෙමයි ඉන්න ඕනි.
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,960
    13,044
    113
    හිට්ලර් නිවැරදියි කියන කාලයක් එයි වගේ,
     
    • Like
    Reactions: hariuda