යාලුවනේ, මට වෙච්ච අකරතැබ්බයක් කියන්නයි මේ හදන්නේ. මම හිතුවා අලුතින් Food City එකක් දාන්න. ඉතින් මම එළකිරි එකේ ත්‍රෙඩ් එකක් දැම්මා "අඩුම ගාණට සුපිරි මාර්කට් එකක් දාන්න හෙල්ප් එකක් ඕනේ" කියලා.
වැඩි වෙලාවක් ගියේ නැහැ, එළකිරි එකේ ඉන්න ප්‍රසිද්ධ හොස්ටින් වැඩ්ඩෙක් මට PM එකක් දාලා තිබ්බා.
"මචං, මම මේ ෆීල්ඩ් එකේ අවුරුදු 10ක්. උඹට මම ලෝකල් මාර්කට් එක අල්ලන්න සුපිරි Setup එකක් කරලා දෙන්නම්. හැබැයි මම කියන විදිහටම බඩු ටික ගනින්" කිව්වා. මාත් ඉතින් මූ වැඩ්ඩා නේ කියලා මුළු Food City එකම මූ කියපු "Hosting Architecture" එකට හැදුවා.
දැන් මට වෙලා තියෙන දේ බලපල්ලකෝ:
වැඩ්ඩා දැන් කියනවා "මචං Shared කඩවල් හරියන්නේ නැහැ, ඕක VPS එකකට Upgrade කරමු" කියලා. ඒ කියන්නේ කඩේ මැදින් තව බිත්තියක් ගහලා මටම වෙනම කොටසක් දෙනවලු!
උපදෙස්: මොනවා වුණත් අන්තිමට මූ කියපු එකම එක දෙයක් විතරක් ඇත්ත වුණා. "මචං ඕක ඕන වෙලාවක Down වෙන්න පුළුවන්, ඒ නිසා නිතරම Backup තියාගනින්!"
දැන් මම අතේ තියෙන සල්ලිත් ඉවර කරගෙන කඩේ ඉස්සරහා "Under Maintenance" බෝඩ් එකක් ගහගෙන එළකිරි ලොග් වෙලා ඉන්නවා තව උපදෙසක් අහගන්න.

- Uptime එක: සුපර් මාර්කට් එක දවසට පැය 24ම ඇරලා තියෙන්න ඕනේ කිව්වා. හැබැයි මූ කියනවා මාසෙකට සැරයක් "Maintenance Break" කියලා පැය 2ක් ශටර් එක වහලා තියන්නලු. මිනිස්සු එළියේ පෝලිමේ ඉන්නවා මම ඇතුළේ ඉදන් බිම අතුගානවා.
- Storage ප්‍රශ්නය: හාල් ගෝනි 100ක් ගෙනාවම මූ කියනවා "මචං ඕවා Physical Space එක කනවා, ඔක්කොම Compress කරලා දාපන්" කියලා. දැන් හාල් ඇට පොඩි කරලා කුඩු කරලා පැකට් කරලා තියෙන්නේ. මිනිස්සු ඇවිත් අහනවා "මේවා හාල්ද පිටිද?" කියලා.
- Bandwidth එක: කඩේ ඇතුළට එක පාරකට එන්න පුළුවන් 10 දෙනයිලු. 11 වෙනියා එනකොට දොරේ වදිනවා "Error 508: Resource Limit Reached" කියලා බෝඩ් එකක්. ඌව ඇතුළට ගන්නේ අනිත් එකෙක් එළියට ආවට පස්සෙයි.
- Security (SSL): කඩේ ඉස්සරහා "කොළ පාට ලොක් එකක්" එල්ලන්න ඕනේ කිව්වා. ඒක නැත්නම් මිනිස්සුන්ට කඩේ ඇතුළට එන එක Safe නැහැලු. හැම අවුරුද්දෙම ඒ ලොක් එක අලුත් කරන්න මූ සල්ලි ගන්නවා.
- Bot Protection: හොරුන්ගෙන් බේරෙන්න කැමරා හයි කරමු කිව්වම මූ කියනවා "ඕවට වැඩිය Cloudflare හොදයි" කියලා. දැන් කඩේට ඇතුල් වෙන හැම එකාගෙන්ම දොරකඩදී අහනවා "Are you a robot?" කියලා. මිනිස්සු බෑග් එකේ තියෙන බස් එකක් හරි ට්‍රැෆික් ලයිට් එකක් හරි පෙන්නලා තමයි ඇතුළට එන්නේ.
- Customer Support: කස්ටමර් කෙනෙක් ඇවිත් "තක්කාලි කීයද?" කියලා ඇහුවම මූ කියනවා "මචං ඕකට Ticket එකක් දාන්න කියපන්, පැය 24ක් ඇතුළත Reply එක එයි" කියලා. මිනිහා තක්කාලි ගන්න කඩේ අස්සේ නිදාගන්නවා ටිකට් එකට රිප්ලයි එනකල්.
- Backup: හැමදාම රෑට කඩේ තියෙන බඩු ඔක්කොම ලොරි දෙකකට පටවලා වෙන ගෙදරක ගිහින් බානවා. ඒක තමයිලු Off-site Backup එක. උදේට ආයෙත් පටවන් එනවා.