ඕනතරං හැක් කරල තියෙනව. විනෝදෙට තමයි කරන්නෙ. පොඩිකාලෙ ඉතිං ඕව ගැන බරක්පතලක් නෑනෙ.
ඒ කාලෙ අහල පහල ගෙවල් වල අඹ ගස් හැක් කරල තියෙනව.
ටූල් කියලනං ඉතිං විශේෂ දෙයක් නෑ. පොලු කෑලි, ගල් කැට වගේ දේවල් තමයි යූස් කරේ.
අහුවෙලානං නෑ. එකපාරක් දහම්පාසල් වෙලාවෙදි පන්සලේ අඹගහක් හැක් කරන්න ගිහින් APN එක වැරදිලා අල්ලපු ගෙදර වහලයක් හැක් උනා.
ඒ ගෙදර කට්ටිය පන්සලට එනකල් ට්රැක් කරගෙන ඇවිත් තිබුණ. වැඩේ කෙලවුනා කියල තේරුන වෙලාවෙම දහම්පාසලේ ඉන්ටවල් වෙලාවදි පන්සලෙන් ලොග්අවුට් වුන හින්ද බේරුණා.