🛢️ ගෑස් හිඟයක අවදානමක් - තැන තැන කෑම කඩත් වැසෙයි 🛢️

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,991
    152,989
    113
    9fa14dd1-223d5fbc-litro-_850x460_acf_cropped.jpg



    මේ වන විට ශ්‍රී ලංකාව තුළ ගෑස් හිඟයක් ඇති වී තිබෙනවා. ඉකුත් ඉරිදා දිනයේ සිට ගෑස් තොග මෙරටට නොලැබීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතව ඇති බවයි ලිට්රෝ සමාගමේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

    මේ වන විටත් ගෑස් අඩංගු නැව් දෙකක් ශ්‍රී ලංකාවේ වරාය ආශ්‍රිතව නැංගුරම් ලා තිබෙනවා. ඊට ප්‍රධාන හේතුව එම ගෑස් තොග ගොඩබෑම සඳහා පාරිභෝගික අධිකාරියෙන් අවසර ලබා නොදීමයි. ඒ, ගෑස් කාන්දුවක් සිදු වන අවස්ථාවේ දී එය දුර්ගන්ධයක් ලෙස දැන ගැනීම සඳහා යොදන රසායනික ද්‍රව්‍ය නිසි ප්‍රමාණයට මෙම ගෑස් තොග තුල අඩංගු නොවන බවට සඳහන් කරමින්. පාරිභෝගික අධිකාරිය පැවසුවේ මෙම ගෑස් නැව් දෙක සම්බන්ධයෙන් ගන්නා තීරණය පිළිබද මෙතෙක් අවසන් නිගමනයකට පැමිණ නොමැති බවයි. ගෑස් නැව් මෙරටට පැමිණ මේ වනවිට දින 5 කට අධික කාලයක් ගත වී තිබෙනවා.

    කෙසේ වෙතත් පවතින මෙම තත්වය හමුවේ මේ වන විටත් කොළඹ නගරයේ මෙන්ම ප්‍රධාන නගර කීපයකම ආපනශාලා විශාල වශයෙන් වසා දමා තිබෙනවා. ඒ, ආහාර පිසීම සඳහා අවශ්‍ය වන ගෑස් නොමැතිවීම හේතුවෙන්. සාමාන්‍යයෙන් ප්‍රධාන නගර තුළ පිහිටි ආපන ශාලා දින දෙකෙන් දෙකට තම ගෑස් අවශ්‍යතාවය සපුරා ගන්නවා. එහෙත් දැනට දින පහකට ආසන්න කාලයක් ගෑස් නොමැතිවීම හේතුවෙන් මෙම අර්බුදය උද්ගත වී ඇති බවයි ඔවුන් සඳහන් කළේ.

    සාමාන්‍යයෙන් ගෑස් රැගෙන ශ්‍රී ලංකාවට පැමිණෙන නැව්වල ගෑස් තොග ප්‍රමාණවත් වන්නේ ශ්‍රී ලංකාවේ පාරිභෝජනයෙන් දින තුනක් සඳහා පමණයි. ඒ අනුව දින තුනකට වරක් නෞකාවක් වරාය වෙත පැමිණෙනවා. කෙසේ වෙතත් මෙලෙස පැමිණි නෞකා දෙකක් වරාය තුළ සිර වීම හේතුවෙන් මෙම ගෑස් අර්බුදය උද්ගත වී ඇති බවයි ලිට්‍රෝ ගෑස් සමාගමේ ජේ්‍යෂ්ඨ ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේ .සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාව තුල දෛනිකව පරිභෝජනය වන ගෑස් සිලින්ඩර් සංඛ්‍යාව 85,000 කට ආසන්නයි.


    Source: nethnews.lk
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,060
    3,778
    113
    මුහුද පැත්තේ..
    අද ඔෆිස් එකේ නයිට් එක... වෙනද කෑම ගන්න කඩේට ගියාම එක ගෑස් එකයි තියෙන්නේ කියලා ඔඩර් ගන්නේ නෑ ගෑස් ඉවර උනොත් කෑම දාන්න විදියක් නෑ කියලා.. :growl::angry::( මේ ඩොටෙත් නමෙයි කොළඹ, කොළඹ බොරැල්ලේ
     
    • Sad
    Reactions: Stimulus mind

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,480
    67,821
    113
    අද ඔෆිස් එකේ නයිට් එක... වෙනද කෑම ගන්න කඩේට ගියාම එක ගෑස් එකයි තියෙන්නේ කියලා ඔඩර් ගන්නේ නෑ ගෑස් ඉවර උනොත් කෑම දාන්න විදියක් නෑ කියලා.. :growl::angry::( මේ ඩොටෙත් නමෙයි කොළඹ, කොළඹ බොරැල්ලේ
    Huhu
     
    • Wow
    Reactions: Stimulus mind

    Darth Vadar

    Well-known member
  • Oct 7, 2021
    994
    1,622
    113
    ලංකාවෙ ඉන්නෙ ජරාම සක්කිලි මිනිස්සු. කොන්ද පන නැති ජාතියක්.
    ගෑස් කොලිටි නැ කියල දැන දැනත් ලීක් වෙන්නෙ නැති ගෑස් හොයාගෙන යනව.
    ඔක්කොම එක්ක එකතුවෙලා ගෑස් නොගෙන හිටියනම් ඕකුන්ට හොද පාඩමක් උගන්නන්න පුලුවන්. හොටෙල් වලට ඉතින් කරන්න දෙයක් නෑ. එකම විසදුම මිනිස්සු ගෑස් වර්ජනය කරල මුන්ට
    කෙලවන එක විතරයි