ඇමරිකාවේ නාසා ආයතනය විසින් 'Ranger' අභ්‍යවකාශ වැසසටහන යටතේ, 1965 වර්ෂයේ මාර්තු මස 21 වන දින අභ්‍යවකාශ ගත කළ "Ranger 9" අභ්‍යවකාශ යානයෙහි මූලික මෙහෙයුම් කර්තව්‍යය බවට පත් වූයේ සැලසුම් කළ පරීදි එම යානය සඳ සමග ගැටීමට සැලැස්වීමට පෙර සඳෙහි පෘෂ්ටයෙහි සමීප ස්වරූපය දැක්වෙන අධි විභේදන ඡායාරූපයන් (high-resolution photographs) හැකිතාක් ප්‍රමාණයක් ලබාගෙන පෘථිවියට එවීමයි. මෙලෙස සැලසුම් කළ පරිදි "Ranger 9" අභ්‍යවකාශ යානය 1965 වර්ෂයේ මාර්තු 24 දින සම්බන්ධීකරණ විශ්ව කාලයට අනුව පස්වරු 2 යි මිනිත්තු 8 යි තත්පර 20 ක් (UTC - coordinated universal time 14:08:20) පසුවීමත් සමගම දකුණු අක්ෂාංශ අංශක 12.83 දී සහ නැගෙනහිර දේශාංශ අංශක 357.63 දී, එහි නියමිත ඉලක්කයට සැතපුම් 4 ක් (කිලෝමීටර් 6.5 ක්) පමණ දුරින්, තත්පරයට සැතපුම් 1.7 ක (තත්පරයට කිලෝමීටර 2.67) පමණ වේගයකින් සඳ මතට කඩා වැටුණි. යානය සඳ සමග ගැටීමට පෙර ගතවූ අවසන් තත්පර කිහිපය එළඹි මොහොතේ යානයේ සවිකර තිබූ රූපවාහිනී වීඩිකොන් කැමරා (Television vidicon cameras) 6 ක්, පුළුල් කෝණ කැමරා (wide-angle cameras) 2 ක් හා පටු කෝණ කැමරා (narrow-angle cameras) 4 ක් ද යොදාගනිමින් පහත දැක්වෙන මෙම ඡායාරූපයන් හා වීඩියෝවන් ලබාගෙන තිබේ.
වර්ණ මාධ්‍ය වීඩියෝව
බම්ප්