🛰️🌕💥 මීට වසර 58 කට පෙර සඳ මතට කඩා වැටුණු, නාසා'හි "Ranger 9" අභ්‍යවකාශ යානයෙහි අවසන් තත්පර කිහිපය 💥🌕🛰️

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,036
    153,143
    113
    jhGPh6y.jpg



    ✍️ ලිපිය සැකසුම: @Stimulus mind ✍️


    ඇමරිකාවේ නාසා ආයතනය විසින් 'Ranger' අභ්‍යවකාශ වැසසටහන යටතේ, 1965 වර්ෂයේ මාර්තු මස 21 වන දින අභ්‍යවකාශ ගත කළ "Ranger 9" අභ්‍යවකාශ යානයෙහි මූලික මෙහෙයුම් කර්තව්‍යය බවට පත් වූයේ සැලසුම් කළ පරීදි එම යානය සඳ සමග ගැටීමට සැලැස්වීමට පෙර සඳෙහි පෘෂ්ටයෙහි සමීප ස්වරූපය දැක්වෙන අධි විභේදන ඡායාරූපයන් (high-resolution photographs) හැකිතාක් ප්‍රමාණයක් ලබාගෙන පෘථිවියට එවීමයි. මෙලෙස සැලසුම් කළ පරිදි "Ranger 9" අභ්‍යවකාශ යානය 1965 වර්ෂයේ මාර්තු 24 දින සම්බන්ධීකරණ විශ්ව කාලයට අනුව පස්වරු 2 යි මිනිත්තු 8 යි තත්පර 20 ක් (UTC - coordinated universal time 14:08:20) පසුවීමත් සමගම දකුණු අක්ෂාංශ අංශක 12.83 දී සහ නැගෙනහිර දේශාංශ අංශක 357.63 දී, එහි නියමිත ඉලක්කයට සැතපුම් 4 ක් (කිලෝමීටර් 6.5 ක්) පමණ දුරින්, තත්පරයට සැතපුම් 1.7 ක (තත්පරයට කිලෝමීටර 2.67) පමණ වේගයකින් සඳ මතට කඩා වැටුණි. යානය සඳ සමග ගැටීමට පෙර ගතවූ අවසන් තත්පර කිහිපය එළඹි මොහොතේ යානයේ සවිකර තිබූ රූපවාහිනී වීඩිකොන් කැමරා (Television vidicon cameras) 6 ක්, පුළුල් කෝණ කැමරා (wide-angle cameras) 2 ක් හා පටු කෝණ කැමරා (narrow-angle cameras) 4 ක් ද යොදාගනිමින් පහත දැක්වෙන මෙම ඡායාරූපයන් හා වීඩියෝවන් ලබාගෙන තිබේ.












    වර්ණ මාධ්‍ය වීඩියෝව







    "Ranger 9" අභ්‍යවකාශ යානය

    1280px-The_Ranger_Spacecraft_GPN-2000-001979_%28cropped%29.jpg



    "Ranger 9" අභ්‍යවකාශ යානයෙහි කොටස්



    1964_71395L-Ranger.svg





    Ranger 9 (Lunar probe)


     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,036
    153,143
    113
    fake wage neda? ai ban ara hade awata ochchara podiyata penila wetenakotath ewa e widiyatama penune, eka nikan camara ekak zoom kara wage polowe idan.
    එහෙම පේන්නෙ තත්පරේට කිලෝමීටර 2.67 ක වේගෙකින් ගිහින් හඳේ හැප්පෙන නිසා. එච්චර වේගෙකින් මුහුණට මුහුණ හැපෙනකොට කොහොම පෙනෙයි ද කියලා නිකන් හිතලා බලන්නකො. :yes:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,575
    22,274
    113
    Gotland
    Moon Landings ගැන ඔබතුමා විශ්වාස කරන්නෙ නැද්ද? 🤔

    ඕව බොරු. ඇමරිකාවෙන් හඳට ගියේ නෑ ඔය ඔක්කොම පෘතුවියේ ස්ටුඩියෝ වල කරපු වීඩියෝ ෆොටෝ බොරුනම් බලන්න හදේ කොඩිය හුළගට ලෙලදෙන හැටි නිල් ආම්ස්ට්‍රෝන් කියන එක්කෙනාගේ සපත්තුවේ අඩිය වෙනස්. ඔච්චර ලගටවත් ගියා නම් හදේ හාවාගේ අඩි සලකුණක් වත් නැත්තේ ඇයි ?