🛰️🌕💨 බ්‍රහස්පති ග්‍රහයා හරහා ගමන් කරන අයෝ සහ යුරෝපා 💨🌕🛰️

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,992
    152,994
    113
    SGO9sRx.jpg



    දිනය: 2023 ජුනි 13
    බ්‍රහස්පති ග්‍රහයාට අයත් විශාලතම උපග්‍රහයින් (චන්ද්‍රයන්) දෙදෙනා වන ගිනි කඳුවලින් බහුල "අයෝ (Io)" නම් චන්ද්‍රයා සහ අයිස්වලින් වැසුණු "යුරෝපා (Europa)" නම් චන්ද්‍රයාත් බ්‍රහස්පති ග්‍රහයාට ඉදිරියෙන් ගමන් ගත් අවස්ථාවක් නිරූපණය කෙරෙන අපූරු වීඩියෝවක් පහත දැක්වේ. සෙනසුරු ග්‍රහයා සහ එහි චන්ද්‍රයින් ගවේෂණය කිරීම සදහා නාසා ආයතනය මගින් අභ්‍යවකාශ ගත කළ 'කැසිනි' අභ්‍යවකාශ යානය (Cassini spacecraft) සෙනසුරු කරා සිදු කළ ගමන අතරතුර 2000 වසරේදී බ්‍රහස්පති ග්‍රහයා සමීපයෙන් ද ගමන් කළ අතර එම අවස්ථාවේ බ්‍රහස්පති ග්‍රහයාගේ ලබාගත් ඡායාරූපයන් රැසක් සං‍යෝග කිරීම මගින් මෙම "time-lapse" වීඩියෝව නිර්මාණය කොට ඇත.

    අපගේ සෞරග්‍රහ මණ්ඩලයට අයත් ග්‍රහලොවක ක්‍රියාකාරී තත්ත්වයේ පවතින විශාලතම කුණාටු පද්ධතිය (storm system)වන බ්‍රහස්පතිගේ දක්නට ඇති "දැවැන්ත රතු ලපය" (Great Red Spot) පසු කරමින් ඒ හරහා බ්‍රහස්පති වටා කක්ෂගත පවතින මෙම දැවැන්ත චන්ද්‍රයින් දෙදෙනා ගමන් කරන අයුරු මෙහිදී පෙන්නුම් කරයි. මෙම වීඩියෝව අතරමගදී බ්‍රහස්පති ග්‍රහයා වටා කක්ෂ ගතව ගමන් කරමින් සිටින "යුරෝපා (Europa)" චන්ද්‍රයා තම චලිතය අතරතුරදී "අයෝ (Io)" චන්ද්‍රයාව පසුකර යන ආකාරය මෙහිදී නිරීක්ෂණය කළ හැකි අතර මෙහි පවතින අසාමාන්‍ය ලක්ෂණය වනුයේ "අයෝ (Io)" චන්ද්‍රයා, "යුරෝපා (Europa)" චන්ද්‍රයාට වඩා බ්‍රහස්පතිට සමීපයෙන් පිහිටා තිබීම හා වැඩි චලිත වේගයක් පවතිද්දීත් "යුරෝපා (Europa)" චන්ද්‍රයා විසින් "අයෝ (Io)" චන්ද්‍රයාව මෙලෙස පසුකර යාමයි.

    මෙම අසාමාන්‍ය පසුකර යාම ඒ අයුරින් දර්ශනය වීමට මෙම වීඩියෝව සකස් කිරීමට යොදාගත් ඡායාරූපයන් ලබාගන්නා අවස්ථාවන්හී දී 'කැසිනි' අභ්‍යවකාශ යානය අධි වේගයකින් ගමන් කරමින් තිබීමත්, ඒ හෙයින් යානයෙහි තිබූ කැමරාව ස්ථානගත වූ ආකාරයන්ගේ සිදු වූ පුළුල් වෙනස්කම් ද හේතු වී තිබේ. මේ වනවිට නාසා ආයතනයට අයත් 'Juno' අභ්‍යවකාශ යානය (Juno spacecraft) මගින් බ්‍රහස්පති ග්‍රහයා ගවේෂණය කෙරෙමින් පවතින අතර බ්‍රහස්පති ග්‍රහයා ගවේෂණය කිරීමේ අරමුණින් නිර්මාණය කළ යුරෝපා අභ්‍යවකාශ ඒජන්සියට (ESA) අයත් "Jupiter Icy Moons Explorer" (JUICE) නම් අභ්‍යවකාශ යානය ද පසුගිය අප්‍රේල් මාසයේදී අභ්‍යවකාශ ගත කරන ලදී. එය මේ වනවිට බ්‍රහස්පති ග්‍රහයා කරා ගමන් කරමින් සිටී.

    Image Credit: NASA; ESA, JPL, Cassini Imaging Team, SSI; Processing: Kevin M. Gill




    In Depth | Io – NASA Solar System Exploration

    Io (moon)

    In Depth | Europa – NASA Solar System Exploration

    Europa (moon)


    Overview | Cassini – NASA Solar System Exploration

    Cassini–Huygens



    Juno (spacecraft)

    Juno - Mission to Jupiter



    ESA - Juice

    Jupiter Icy Moons Explorer

     

    Similar threads