දිනය: 2023 ජුනි 13
අපගේ සෞරග්‍රහ මණ්ඩලයට අයත් ග්‍රහලොවක ක්‍රියාකාරී තත්ත්වයේ පවතින විශාලතම කුණාටු පද්ධතිය (storm system)වන බ්‍රහස්පතිගේ දක්නට ඇති "දැවැන්ත රතු ලපය" (Great Red Spot) පසු කරමින් ඒ හරහා බ්‍රහස්පති වටා කක්ෂගත පවතින මෙම දැවැන්ත චන්ද්‍රයින් දෙදෙනා ගමන් කරන අයුරු මෙහිදී පෙන්නුම් කරයි. මෙම වීඩියෝව අතරමගදී බ්‍රහස්පති ග්‍රහයා වටා කක්ෂ ගතව ගමන් කරමින් සිටින "යුරෝපා (Europa)" චන්ද්‍රයා තම චලිතය අතරතුරදී "අයෝ (Io)" චන්ද්‍රයාව පසුකර යන ආකාරය මෙහිදී නිරීක්ෂණය කළ හැකි අතර මෙහි පවතින අසාමාන්‍ය ලක්ෂණය වනුයේ "අයෝ (Io)" චන්ද්‍රයා, "යුරෝපා (Europa)" චන්ද්‍රයාට වඩා බ්‍රහස්පතිට සමීපයෙන් පිහිටා තිබීම හා වැඩි චලිත වේගයක් පවතිද්දීත් "යුරෝපා (Europa)" චන්ද්‍රයා විසින් "අයෝ (Io)" චන්ද්‍රයාව මෙලෙස පසුකර යාමයි.
මෙම අසාමාන්‍ය පසුකර යාම ඒ අයුරින් දර්ශනය වීමට මෙම වීඩියෝව සකස් කිරීමට යොදාගත් ඡායාරූපයන් ලබාගන්නා අවස්ථාවන්හී දී 'කැසිනි' අභ්‍යවකාශ යානය අධි වේගයකින් ගමන් කරමින් තිබීමත්, ඒ හෙයින් යානයෙහි තිබූ කැමරාව ස්ථානගත වූ ආකාරයන්ගේ සිදු වූ පුළුල් වෙනස්කම් ද හේතු වී තිබේ. මේ වනවිට නාසා ආයතනයට අයත් 'Juno' අභ්‍යවකාශ යානය (Juno spacecraft) මගින් බ්‍රහස්පති ග්‍රහයා ගවේෂණය කෙරෙමින් පවතින අතර බ්‍රහස්පති ග්‍රහයා ගවේෂණය කිරීමේ අරමුණින් නිර්මාණය කළ යුරෝපා අභ්‍යවකාශ ඒජන්සියට (ESA) අයත් "Jupiter Icy Moons Explorer" (JUICE) නම් අභ්‍යවකාශ යානය ද පසුගිය අප්‍රේල් මාසයේදී අභ්‍යවකාශ ගත කරන ලදී. එය මේ වනවිට බ්‍රහස්පති ග්‍රහයා කරා ගමන් කරමින් සිටී.


