In 2012, when SLS was announced, NASA estimated that each mission would cost about $500 million, with a target date in target date in 2017. Today, the cost has ballooned eightfold, to 4.1 Billion.
This $4.1 billion estimate is only for production costs and ground operations, - and does not include development costs so far. It's said that around $40 billion has already been spent on the program, with a projected total spend of $93 billion on the Artemis effort through 2025.
PS: SpaceX last year won a $2.9 billion contract to develop a moon-specific version of the rocket to serve as the crew lunar lander.
මේ ගැන අපි ඉදිරි වීඩියෝ එකකින් කතා කරන්න බලාපොරොත්තු වෙනවා.
හැබැයි කෙටි, සාරාංශගත උත්තරයක් දෙන්නම්. NASA එක කියන්නෙ මහජන බදුවලින් දුවන පොදු සමාගමක්. එ‍්ක ලෝකෙ හොඳම, දියුණුම අභ්‍යාවකාශ ගවේශණ අායතනය බව අැත්ත. කොහොම නමුත් අැමරිකාවෙ විශාලතම සේවායෝජකයෙක් විදිහට රට පුරාම රැකියා උත්පාදනය කරන එක, ව්‍යාපාර නඩත්තු කරන එකත් ඔවුන්ගේ කාර්ය පටිපාටියට අැතුළත් වෙනවා.
ඉතින් SpaceX වගේ සමාගම් අඩුම මිලට, අඩුම පිරිසක් යොදාගෙන, Logistics වියදම් සම්පූර්ණ අවම කරගනිමින් උපාංග නිපදවන අතරේ NASA එක මහජන මුදලින් අැමරිකාවේ ප්‍රාන්ත 50 පුරාම සමාගම්, ව්‍යාපාර, රැකියා මිලියන ගණනක් නඩත්තු කරන අතරේම එ‍් වැඩේ කරනවා. බලන කෙනෙක්ට එකපාර පේන්නෙ වියදම විතරක් වෙන්න පුළුවන්. හැබැයි NASA එකේ සම්පූර්ණ අරමුණ හඳට යන එක විතරක් නොවන බව අමතක කරන්න හොඳ නෑ. ඔය දකින අමතර වියදම් සියල්ල අාපහු යන්නෙ අැමරිකානු අාර්ථිකයටමයි.
අැමරිකාව ඔය විදිහට කරන නිසා තමයි අැපල්, අැමේසන්, අැල්ෆබට්, මෙටා, බෝයිං වගේ දැවැන්ත සමාගම් ඕන තරම් අැමරිකාවේ හැදෙන්නෙ. ශ්‍රී ලංකාවෙ අපිට ඩොලර් බිලියන 40 ලොකු වෙන්න පුළුවන්. හැබැයි අැපල් සමාගම විතරක් ගිය අවුරුද්දෙ ගෙවපු tax ප්‍රමාණය ඩොලර් බිලියන 18 ක්. ඉතින් 2025 වෙද්දි එ‍් tax එකම අැති සම්පූර්ණ Artemis ව්‍යාපෘතියෙම වියදම් cover කරන්න.
අද launch එකේ වියදම විතරක් රුපියල් ට්‍රිලියනයකට වැඩියි. මෙන්න සම්පූර්ණ විස්තරයක්.