දුර එහෙම උනාට ඔය Life එකක් තියේද කියලා හොයන ක්‍රමේ තියරිය හරි සරලයි
@Stimulus mind ට මේව මීට වඩා විස්තර කරන්න පුලුවන් වෙයි
ග්‍රහලෝකෙකින් අපිට එන ආලෝකයේ තරංග ආයාම, අනං මනං බලල කියන්න පුලුවන් වායුගෝලෙ compositon එක මොකද්ද කියලා, එක එක වායු වර්ග වලින් එක එක විදියට එන්නෙ. ඒව බලලා කියනවා මේ කොම්පොසිශන් එක අනුවා ජීවීන් ඉන්න පුලුවන්ද බැරිද කියලා
සමහර තරංග ආයාම තියන ආලෝකය නැචුරලි හැදෙන්නෙම නැහැ ආටිෆිශල් ලයිට් වලින්ම තමයි එන්නෙ, එතකොට එහෙම ඒව තියනවා නං හිතන්න පුලුවන් ඒ ග්‍රහලෝකෙ බුද්ධිමත් ජීවීන් ඉන්නවා එවුන් ලයිට් දාගෙන ඉන්න නිසා තමයි අර තරංග ආයාමය තියන එලිය අපිට එන්නෙ කියලා. එතකොට කියන්න පුලුවන් ඒ ග්‍රහලෝකෙ බුද්ධිමත් ජීවීන් ඉන්න පුලුවන් කියලා
තව එකක් තියනවා ඔය දෙකෙන්ම හොයන ලයිෆ් එකට කියන්නෙ life we know of කියල නේ, අපි දන්න විදියෙ ජීවීන්. එහෙම නැතුව සම්පූර්න වෙනස් ජීවීන් වර්ගයක් හිටියොත් ඕවට අහු වෙන්නෙ නැහැ. අර project hail mary sci fi එකේ වගේ ජීවියෙක් හිටියොත් ඕවයින් අහුවෙන්නෙ නැහැ.