🤡🎥🎬 "Joker 2" සිනමාපටයේ පළමු සංගීතමය කෙටි පූර්ව ප්‍රචාරක පටය | Joker: Folie à Deux - Musical Teaser 🎬🎥🤡

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,013
    153,067
    113
    joker-2.jpg


    Lady Gaga, Harley Quinn චරිතය කරන්නෙ කියලා warner bros ලා නිල වශයෙන් නිවේදනය කරලා තියෙනවා. ඒ වගේම මේ චිත්‍රපටය musical ගණයට අයිති වෙන එකකුත් කියලා සනාථ කරලා ඉවරයි. :yes:

    Joker: Folie à Deux චිත්‍රපටය 2024 වසරේ ඔක්තෝම්බර් මස 04 වනදා සිට ලොව පුරා තිරගත කිරීමට නියමිතව තිබෙනවා.











    ‘Joker’ 2 (Folie a Deux) චිත්‍රපටය පිළිබදව මා විසින් පළකළ වෙනත් ලිපි

    📽🎥🎬 ඔන්න Joker 2 එනවලු - Joaquin Phoenix and director Todd Phillips are also back 🎬🎥📽

    🤡📽🎥🎬 Joker - 2 චිත්‍රපටයේ නිෂ්පාදන කටයුතු නිල වශයෙන් ආරම්භ කරයි 🎬🎥📽🤡

    🤔📽🎥🎬 'Joker - 2' සිනමාපටය සංගීතමය (Musical) සිනමාපටයක් බවට පත්වේ? 'Harley Quinn' චරිතය සදහා 'Lady Gaga' ව තෝරාගැනීමේ සූදානමක්? 🎬🎥📽🤔

    🤡🎥🎬 "Todd Phillips" විසින් අධ්‍යක්ෂණය කරන "Joker 2" (Folie a Deux) සිනමාපටය ලොවපුරා තිරගත කිරීම, 2024 වසරේ ඔක්තෝම්බර් මාසයේදී 🎬🎥🤡
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,013
    153,067
    113
    @Stimulus mind බොස් මොකද හිතන්නේ? පලවෙනි එක වගේ සුපිරියක් වෙයිද? මට නිකම් බයයි හායි වත් ද කියලා
    හොද වෙයිද, නරක වෙයිද කියන එක නම් කියන්න අමාරුයි. හැබැයි මේ ෆිල්ම් එක පළවෙනි ෆිල්ම් එකට වඩා සෑහෙන වෙනස් එකක් වෙයි කියලා හිතෙනවා. හුගක් අය අලුත් ෆිල්ම් එක musical පැත්තට බර එකක් නිසා failure එකක් වේවි කියලා කිව්වට මං නම් කැමතියි පලවෙනි එක කොපි පේස්ට් නොකර වෙන film genres පැත්තට බරව මේ ෆිල්ම් එක කරපු එකට. Musical එකක් වුණත් හරියට කරනවා නම් සමහර වෙලාවට අනිත් genre වල ෆිල්ම්ස්වලට වඩා හොද වෙන වෙලාවල් තියෙනවා. අනික මේක Full musical film එකක්ම නෙවේනෙ. අනික ෆිල්ම් එකේ තිරෙන් පිටිපස්සෙ ඉන්න අය ගැනත් ලොකු විශ්වාසයක් තියෙනවා මට නම්. පළවෙනි ෆිල්ම් එක ඩිරෙක්ට් කරපු, co-write කරපු Todd Phillips මයි මේකත් ඩිරෙක්ට් කරන්නෙ. පළවෙනි cinematography කරපු Lawrence Sher මයි මේකත් ෂූට් කරන්නෙ. පළවෙනි එකේ score එක කරපු Hildur Guðnadóttir තමයි මේකෙත් score එක කරන්නෙ. අනික Joaquin Phoenix අලුත් ෆිල්ම් එකේ script එක අවුල් නම් oscar දින්නත් කීයටවත්, ලොකු payday එකක් දෙන්න පොරොන්දු වුණත් ආයෙ මේ රෝල් එක කරන ජාතියෙ නළුවෙක් නෙවේ. අලුත් ෆිල්ම් ප්‍රොජෙක්ට් තෝරගනින්ද්දි හොදට හොයලා බලලා බාරගන්න හොලිවුඩ්වල ඉන්න නළුවන්ගෙන් කීපදෙනෙක් තමයි Joaquin Phoenix කියන්නෙ. :yes: