🧑‍🔬🧑‍🌾💀 මිලියන ගණනක් වූ ජන සමූහයකට මරණය ළගාකළ සෝවියට් විද්‍යාඥයා - "Trofim Denisovich Lysenko" 💀👩‍🌾🧑‍🔬

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,021
    153,087
    113
    Trofim_Lysenko_portrait.jpg

    "Trofim Denisovich Lysenko" යනු සෝවියට් යුගයේ ජීවත් වුණු උඝ්‍ර බටහිර විරෝධී ආකල්ප පැවති මෙන්ම දැඩි කොමියුනිස්ට් වාදී මතවාදයක් දැරූ කෘෂි විද්‍යාඥයෙක් ලෙස හැඳින්විය හැකිය. ජාන විද්‍යාවේ එන මූලික සිද්ධාන්තයන් ප්‍රතික්ෂේප කළ මොහු ඕනැම ජීවියෙකුට ඕනෑම තත්ත්වයක් යටතේදී තම මව් ජීවියා සතුව පවතින භෞතික හා පරිවේණීය ලක්ෂණ ඒ ආකාරයෙන්ම හුවමාරු කළ හැකිය යන පදනම මත 18 වන සියවසේ ප්‍රංශයේ ජීවත් වූ සත්ත්ව විද්‍යාඥයෙක් වූ "Jean-Baptiste Lamarck" (1744–1829) විසින් ගොඩනැගූ 'Lamarckism' (Lamarckian inheritance හා neo-Lamarckism යන නාමයන්ගෙන් ද හඳුන්වනු ලබයි) යන මතවාදය දැඩිව විශ්වාස කළ අයෙක් ද විය. මොහු දැරූ මෙවැනි සුවිශේෂී මතවාදයන් කෙරෙහි එවකට සෝවියට් දේශයේ පාලකයාව සිටි ජෝශප් ස්ටාලින් සතුව පැවති පැහැදීම හේතුවෙන් "Trofim Denisovich Lysenko" ව 1940 වර්ෂයේදී සෝවියට් දේශයේ ජාතික විද්‍යා ඇකඩමියට අනුබද්ධිත සෝවියට් ජාන විද්‍යාතනයේ ප්‍රධාන අධ්‍යක්ෂකවරයා ලෙස පත් කිරීම සිදු කරනු ලැබිණි.

    බටහිර රටවල් ඒ වන විට අත්පත්කර ගෙන පැවති කාර්මික දියුණුවෙහි මට්ටමට සෝවියට් දේශය ද ඔසවා තැබීමට ස්ටාලින් විසින් ආරම්භ කළ පස් අවුරුදු සැලසුමට සමගාමීව සෝවියට් දේශයේ කෘෂිකර්මාන්තය ද ඉහළම තලයකට ගෙන ඒමට ඔහු සතුව තිබූ වැඩපිළිවෙළ සදහා "Trofim Denisovich Lysenko" විසින් දැරූ මතවාදයන් ප්‍රායෝගිකව යොදාගැනීමද මෙම පත්කිරීම මගින් ස්ටාලින් ඇතුළු සෝවියට් රජය විසින් ඉටුකරගැනීමට බලාපොරොත්තු වූ ප්‍රධානම අරමුණ විය. නමුත් "Trofim Denisovich Lysenko" විසින් දැරූ මෙම මතවාදයන් ප්‍රායෝගිකව අත්හදා බැලීමට යාම හේතුවෙන් අවසානයේ සෝවියට් දේශයේ මෙන්ම චීන කොමියුනිස්ට් ජනරජය තුළ ජීවත් වූ සාමාන්‍ය ජනයා මිලියන ගණනක් ආහාර නොමැති වීම නිසා හටගත් සාගත තත්ත්වය හේතුවෙන් අවාසනාවන්ත ලෙස මරුමුවට පත්විය. "ලොව සිටි අසාර්ථකම විද්‍යාඥයා" යන විරුද්ධාවලියෙන් වුවද හැඳින්විය හැකි "Trofim Denisovich Lysenko" විසින් දැරූ මෙම අවිද්‍යාත්මක මතවාදයන් හේතුවෙන් සෝවියට් දේශයෙහි කෘෂිකර්මාන්තය කඩාවැටි ආකාරයත්, එමගින් සිදුවූ දැවැන්ත ජන සංහාරය පිළිබඳවත් වැඩිදුර කරුණු ඔබ වෙතට ගෙන එන අපූරු වීඩියෝවකි මේ.


    මෙම වීඩියෝව සදහා වූ සිංහල පෙරවදන සැකසුම: @Stimulus mind

     
    Last edited:

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,165
    3
    118,940
    113
    Gampaha
    අපෙත් හිටිය ඔය වගේ ඩයල් එකක්...
    වෙලාවට අපේ රටට කෑම ගේන්නෙ රටින්... නැත්තං සීයට 100ක් වගාවෙන් යැපෙන රටක් වුනානං අපිත් බඩගින්නෙ කූරිය ගහල...
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,877
    8
    35,497
    113
    An old Russian joke.....

    An agronomist, explaining the wonders of Soviet science, pointed out a rare specimen with a very long neck. 'and this,' he said, is the latest triumph of Michurinite biology.
    Our director, Lysenko, has succeeded in breeding a cow and a giraffe to produce a new species called the 'cowraffe.'

    So what is special about a cowraffe?' asked one from the audience.

    'It is a herbivorous animal so constructed that it can graze in Bulgaria while it is being milked in Moscow.' :ROFLMAO:
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,877
    8
    35,497
    113
    moda hukannenkne meka
    The other was Mao Zedong. With his shortsighted killing of the sparrows (several hundred millions of birds killed), led to the deaths of more than 45 million people. Some reports claim it was about 78 million deaths. Who knows. They are still counting the Tiananmen square deaths & also the Covid deaths. :(
     
    Last edited: