"Trofim Denisovich Lysenko" යනු සෝවියට් යුගයේ ජීවත් වුණු උඝ්‍ර බටහිර විරෝධී ආකල්ප පැවති මෙන්ම දැඩි කොමියුනිස්ට් වාදී මතවාදයක් දැරූ කෘෂි විද්‍යාඥයෙක් ලෙස හැඳින්විය හැකිය. ජාන විද්‍යාවේ එන මූලික සිද්ධාන්තයන් ප්‍රතික්ෂේප කළ මොහු ඕනැම ජීවියෙකුට ඕනෑම තත්ත්වයක් යටතේදී තම මව් ජීවියා සතුව පවතින භෞතික හා පරිවේණීය ලක්ෂණ ඒ ආකාරයෙන්ම හුවමාරු කළ හැකිය යන පදනම මත 18 වන සියවසේ ප්‍රංශයේ ජීවත් වූ සත්ත්ව විද්‍යාඥයෙක් වූ "Jean-Baptiste Lamarck" (1744–1829) විසින් ගොඩනැගූ 'Lamarckism' (Lamarckian inheritance හා neo-Lamarckism යන නාමයන්ගෙන් ද හඳුන්වනු ලබයි) යන මතවාදය දැඩිව විශ්වාස කළ අයෙක් ද විය. මොහු දැරූ මෙවැනි සුවිශේෂී මතවාදයන් කෙරෙහි එවකට සෝවියට් දේශයේ පාලකයාව සිටි ජෝශප් ස්ටාලින් සතුව පැවති පැහැදීම හේතුවෙන් "Trofim Denisovich Lysenko" ව 1940 වර්ෂයේදී සෝවියට් දේශයේ ජාතික විද්‍යා ඇකඩමියට අනුබද්ධිත සෝවියට් ජාන විද්‍යාතනයේ ප්‍රධාන අධ්‍යක්ෂකවරයා ලෙස පත් කිරීම සිදු කරනු ලැබිණි.
බටහිර රටවල් ඒ වන විට අත්පත්කර ගෙන පැවති කාර්මික දියුණුවෙහි මට්ටමට සෝවියට් දේශය ද ඔසවා තැබීමට ස්ටාලින් විසින් ආරම්භ කළ පස් අවුරුදු සැලසුමට සමගාමීව සෝවියට් දේශයේ කෘෂිකර්මාන්තය ද ඉහළම තලයකට ගෙන ඒමට ඔහු සතුව තිබූ වැඩපිළිවෙළ සදහා "Trofim Denisovich Lysenko" විසින් දැරූ මතවාදයන් ප්‍රායෝගිකව යොදාගැනීමද මෙම පත්කිරීම මගින් ස්ටාලින් ඇතුළු සෝවියට් රජය විසින් ඉටුකරගැනීමට බලාපොරොත්තු වූ ප්‍රධානම අරමුණ විය. නමුත් "Trofim Denisovich Lysenko" විසින් දැරූ මෙම මතවාදයන් ප්‍රායෝගිකව අත්හදා බැලීමට යාම හේතුවෙන් අවසානයේ සෝවියට් දේශයේ මෙන්ම චීන කොමියුනිස්ට් ජනරජය තුළ ජීවත් වූ සාමාන්‍ය ජනයා මිලියන ගණනක් ආහාර නොමැති වීම නිසා හටගත් සාගත තත්ත්වය හේතුවෙන් අවාසනාවන්ත ලෙස මරුමුවට පත්විය. "ලොව සිටි අසාර්ථකම විද්‍යාඥයා" යන විරුද්ධාවලියෙන් වුවද හැඳින්විය හැකි "Trofim Denisovich Lysenko" විසින් දැරූ මෙම අවිද්‍යාත්මක මතවාදයන් හේතුවෙන් සෝවියට් දේශයෙහි කෘෂිකර්මාන්තය කඩාවැටි ආකාරයත්, එමගින් සිදුවූ දැවැන්ත ජන සංහාරය පිළිබඳවත් වැඩිදුර කරුණු ඔබ වෙතට ගෙන එන අපූරු වීඩියෝවකි මේ.
මෙම වීඩියෝව සදහා වූ සිංහල පෙරවදන සැකසුම: @Stimulus mind
Last edited:
