🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / අස්විද නැකත 🐴🐴

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,892
    21,441
    113
    ජ්‍යෝතිශ්‍යයේ සඳහන් නැකැත් විසි හත අතරින් පළමු නැකත වන්නේ අස්විද නැකතයි. මෙය මේෂ රාශියේ මුල් අංශකයේ (මේෂ 0°-0'-0") සිට මේෂ 13°-20' දක්වා පරාසයක පැතිරී පවතී. ආශ්වාරෝහ යන අරුත ඇති අශ්වයුජ් යන නමින් අථර්ව වේදයේ මෙම නැකත හඳුන්වා තිබේ. අස්විද නැකත යනු විවාස්වත නම් අශ්ව ආත්මයෙන් ආ සූර්ය දෙව් රජුට දාව සංජානා නම් දෙවඟන බිහිකළ නිවුන් දියණියන් ය.

    aswida.jpg

    ජවය, බලය, ශක්තිය හා ගතිකත්වය සංඛේතවත් කරන මේ නැකත කේතු ග්‍රහයාට අයිතිවේ. නැකැත් පාද හතර පිළිවෙලින් කුජ, ශුක්‍ර, බුධ සහ චන්ද්‍ර යන ග්‍රහයන් ට අයිතිවේ.
    මේෂ 0°-0'-0" සිට මේෂ 13°-20' අතර පරාසයේ චන්ද්‍රයා සිටි කල යමෙක් උපන්නේ නම් ඔහු / ඇය අස්විද නැකතෙන්, කේතුගේ මහදශාවෙන් උපන් බව පිළිගැනේ.
    ශුභ කටයුතු සඳහා යොදාගන්නා මහා නැකතකි.

    අස්විදයේ ප්‍රභේද ;

    prabeda.JPG

    --

    🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / නැකැත් වල "ගණ" ආදී ප්‍රභේද

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,311
    36,410
    113
    කෑගල්ල
    මුව සිරස... ට ආවහම බලමු... :lol:

    දනු ලග්නය, ච්න්ද්‍ර හතේ කුජ 12හේ, ලබන අවුරුද්දෙ සෙනසුරු මහා දසාව.. දැන් යන්නෙ ගුරා ගේ අන්තිම කාලේ. වැලේ වැල් නැ... :sorry::sorry:
     
    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,827
    1,511
    113
    අස්විද නැකත ඉරිදා ඉපදුනහම විෂ කන්‍යා දෝෂය ලු වැන්දඹු යෝගයක් ලු . ...

    ඔහොම තමයි කියල තිබුනෙ මම දන්නා කෙනෙකුට ...... ඒකෙන් affair එකත් ඉවරයි .. වෙන කෙනෙක් බැන්ඳෙත් නෑ වයස දැන් 54යි ......
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,892
    21,441
    113
    මුව සිරස... ට ආවහම බලමු... :lol:

    දනු ලග්නය, ච්න්ද්‍ර හතේ කුජ 12හේ, ලබන අවුරුද්දෙ සෙනසුරු මහා දසාව.. දැන් යන්නෙ ගුරා ගේ අන්තිම කාලේ. වැලේ වැල් නැ... :sorry::sorry:
    මෙන්න මුවසිරස නැකත ආවා

    අස්විද නැකත ඉරිදා ඉපදුනහම විෂ කන්‍යා දෝෂය ලු වැන්දඹු යෝගයක් ලු . ...

    ඔහොම තමයි කියල තිබුනෙ මම දන්නා කෙනෙකුට ...... ඒකෙන් affair එකත් ඉවරයි .. වෙන කෙනෙක් බැන්ඳෙත් නෑ වයස දැන් 54යි ......
    ඕවාට පිළියම් කරගන්න පුළුවන්. අපරාධ වැඩක්
    ------ Post added on Mar 16, 2023 at 7:17 PM
     
    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,653
    6,934
    113
    වදුරව
    ජ්‍යෝතිශ්‍යයේ සඳහන් නැකැත් විසි හත අතරින් පළමු නැකත වන්නේ අස්විද නැකතයි. මෙය මේෂ රාශියේ මුල් අංශකයේ (මේෂ 0°-0'-0") සිට මේෂ 13°-20' දක්වා පරාසයක පැතිරී පවතී. ආශ්වාරෝහ යන අරුත ඇති අශ්වයුජ් යන නමින් අථර්ව වේදයේ මෙම නැකත හඳුන්වා තිබේ. අස්විද නැකත යනු විවාස්වත නම් අශ්ව ආත්මයෙන් ආ සූර්ය දෙව් රජුට දාව සංජානා නම් දෙවඟන බිහිකළ නිවුන් දියණියන් ය.

    View attachment 199783

    ජවය, බලය, ශක්තිය හා ගතිකත්වය සංඛේතවත් කරන මේ නැකත කේතු ග්‍රහයාට අයිතිවේ. නැකැත් පාද හතර පිළිවෙලින් කුජ, ශුක්‍ර, බුධ සහ චන්ද්‍ර යන ග්‍රහයන් ට අයිතිවේ.
    මේෂ 0°-0'-0" සිට මේෂ 13°-20' අතර පරාසයේ චන්ද්‍රයා සිටි කල යමෙක් උපන්නේ නම් ඔහු / ඇය අස්විද නැකතෙන්, කේතුගේ මහදශාවෙන් උපන් බව පිළිගැනේ.
    ශුභ කටයුතු සඳහා යොදාගන්නා මහා නැකතකි.

    අස්විදයේ ප්‍රභේද ;

    View attachment 199782
    --

    🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / නැකැත් වල "ගණ" ආදී ප්‍රභේද

    Tehan
     
    • Like
    Reactions: NRTG