🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / අයස්ථානය (11- එකොළොස් වැනි භාව කොටුව)

Lovtus

Well-known member
  • Apr 26, 2015
    13,120
    21,668
    113
    කේන්ද්‍ර සටහනක එකොළොස් වැනි භාව කොටුව, 7-3-11 (කාම) ශුභ ඵල දීමේ දෙවැනි බලවත් ත්‍රිකෝණ ස්ථානයයි. අයස්ථානය, ලාභස්ථානය, භාවස්ථානය වැනි පර්යාය නාම වලින් හැඳින්වෙන මෙයින් ප්‍රමුඛ ආදායම් සහ ඊට මඟ, සමාජානුයෝජනය, වැඩිමහල් සහෝදරයෝ, මිත්‍ර සන්ධාන, මරණය හා සම්බන්ධ කරුණු වැනි දේ පිළිබඳ නිවේදනය කරයි.

    Zul2n6Y.jpg


    ශරීරයේ කෙණ්ඩා ප්‍රදේශ එකොළහට අයිතිවේ. ගුරු, ශුක්‍ර වැනි ශුභ ග්‍රහයන් එකොළහේ වීම ජන්මියාට මහත් බලයකි. රවි, ශුල පක්‍ෂයේ චන්ද්‍රයා, බුධ ආදීන් ද යහපති. රාහුට එකොළහ ඉතා යෝග්‍ය ස්ථානය කි. රවි, රාහු එකොළහේ තනිව සිටීමෙන් අරිටු භංගවේ. සිකුරු එකොළහේ උසස් මිතුරු ඇසුර ලබාදෙයි.
    --

    🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / කර්මස්ථානය (10- දසවැනි භාව කොටුව)

     
    Last edited:

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,120
    21,668
    113
    චන්ද්‍ර සහ කේතුයි නම්?
    පුර චන්ද්‍රයා නම් ශුභයි. අව චන්ද්‍රයා 11 හිටියාම ලැබීම් අඩු වීම , මිතුරන් අඩු වීම වගේ දේවල් වෙනවා.
    කේතුට එකොළහ හොඳ තැනක්. රූපශෝභාව ඇතිවෙනවා. බලවත්ව ශුභ දෘෂ්ටි ලැබිලා හිටියොත් දශාවේදී ඉඩකඩම් දේපොළ ලබාදෙනවා.