මොකද මේක නැවැත්තුවේ???...
දැන් අපි ලග්න ස්ඵූටය හොයාගන්න ආකාරය ඉගෙනගත්තා. දැන් ලග්න ස්ඵූටය ට අදාළ රාශ්යාර්ධා දී ෂඩ් වර්ගය සොයමු. මේවා ඉතා පහසුවෙන් සොයා ගැනීමට හැකි චක්‍ර පංචාග ලිතේ දක්වා ඇත.
අප දැනගත් ලග්න ස්ඵූටය
1. ධනු 11° 15.03'
2. රාශ්‍යාර්ධය (රාශියකින් භාගය) - රවි හිමි සිංහය වේ.
3. දෙර්කාණය (රාශියකින් 1/3) - කුජ හිමි මේෂය වේ.
4. නවාංශකය (රාශියකින් 1/9) - චන්ද්‍ර හිමි කටකය
5. ද්වා දශාංශකය (රාශියකින් 1/12) - කුජ හිමි මේෂ
6. ත්‍රිංශාංශකය (රාශියකින් 1/30) - ගුරු හිමි ධනුව
වර්ග තුනක් සෞම්යයේද වර්ග තුනක් කෘරයේ ද වේ. රාශිය, නවාංශකය සහ අංශකය යන ප්‍රධාන වර්ග තුනම සෞම්‍ය බැවින් සෞම්‍ය ගති වැඩිපුර ප්‍රකට වේ. කටක නවාංශකය බැවින් උපන්නේ ගැහැණු දරුවකු බව කිවහැකියි (තවම නිශ්චිත නැත).
--
මීළඟට ඇත්තේ ඉතාම වැදගත් වන චන්ද්‍ර ස්ඵූටය සෙවීමයි.
2021 නොවැම්බර් 03 දින උදේ 06:00 ට චන්ද්‍ර ස්ඵූටය = කන්‍යා 20° 37'
2021 නොවැම්බර් 02 දින උදේ 06:00 ට චන්ද්‍ර ස්ඵූටය = කන්‍යා 06° 19'
දිනය තුල චන්ද්‍රයා ගමන් කළ දුර = 14° 18'
උපන් වෙලාව දක්වා ගත කාලය (10:30 - 06:00) = 04:30
චන්ද්‍රයා දිනය තුල ගමන් කළ ප්‍රමාණයට ලඝු = 0.2249
ගත කාලයට ලඝු = 0.7270+
= 1.0519
1.0519 ට ප්‍රතිලඝු = 02 08
2021 නොවැම්බර් 02 දින උදේ 06:00 ට චන්ද්‍ර ස්ඵූටය = කන්‍යා 06° 19'+
2021 නොවැම්බර් 02 දින උදේ 10:30 ට චන්ද්‍ර ස්ඵූටය = කන්‍යා 08° 27'
--
![]()
මේ අනුව උපතේදී චන්ද්‍රයා උතුරුපල නැකතේ 4 වැනි පාදයේ සිට ඇත. මීන නවාංශකයේ විය. රවිගේ මහදශාවේ මාස 08 යි දින 11 ක් ඉදිරියට ශේෂව පැවතිණ. එනම් මේ දරුවා රවිගේ මහදශාවේ සිකුරු ගේ අතුරු දශාවේ උත්පත්තිය ලබා ඇත.
* චන්ද්‍රයා ද ස්ත්‍රී නවාංශකයේ බැවින් ඉපදුණේ ගැහැණු දරුවකු බව තව දුරටත් ඔප්පු වේ.
--
චන්ද්‍රයා කන්‍යාවේ බොහෝ ගුණ කියා තිබෙයි. ඉගෙනීමට හොඳයි. වෛද්‍ය යෝගයකි. දහවැන්නේ චන්ද්‍රයා වස්තු භවබෝග දෙයි. එහෙත් ක්ෂීණ පක්ෂයේ චන්ද්‍රයා බැවින් එතරම්ම ශුභ ඵල නොදෙයි.
--
මතු සම්බන්ධයි.
ජන්ම පත්‍රයක් සකස් කිරීමේ ඉතාම වැදගත් පියවර දෙක වන ලග්න ස්ඵූටය සහ චන්ද්‍ර ස්ඵූටය සෙවීමේ ක්‍රමය දැනටමත් පැහැදිළි කරදී ඇත. චන්ද්‍ර ස්ඵූටය ට අනුව උපන් නැකතද, දශා ශේෂය ද දැනගෙන තිබේ.
මීළඟට අප කළයුතු වන්නේ සෙසු ග්‍රහයන්ගේ ද ග්‍රහ ස්ඵූට සොයා ජන්ම පත්‍රයේ අදාළ ස්ථාන වල එම ග්‍රහයන් පිහිටුවීම වේ.
1. රවි ස්ඵූටය සෙවීම.
2021 නොවැම්බර් 03 දින උදේ 06:00 ට රවි ස්ඵූටය = තුලා 16° 38'
නොවැම්බර් 02 දින උදේ 06:00 ට රවි ස්ඵූටය = තුලා 15° 38' -
දිනය තුල රවි ගමන් කළ දුර = 01° 00'
උපන් වෙලාව දක්වා ගත කාලය (10:30 - 06:00) = 04:30
රවි දිනය තුල ගමන් කළ ප්‍රමාණයට ලඝු = 1.3802
ගත කාලයට ලඝු = 0.7270+
= 2.1072
2.1072 ට ප්‍රතිලඝු = 00° 11'
නොවැම්බර් 02 දින උදේ 06:00 ට රවි ස්ඵූටය = තුලා 15° 38' +
නොවැම්බර් 02 දින උදේ 10:30 ට රවි ස්ඵූටය = තුලා 15° 49'
1. තුලා 15° 49'
2. රාශ්‍යාර්ධය (රාශියකින් භාගය) - චන්ද්‍ර හිමි කටකය වේ.
3. දෙර්කාණය (රාශියකින් 1/3) - ශනි හිමි කුම්භය වේ.
4. නවාංශකය (රාශියකින් 1/9) - ශනි හිමි කුම්භය වේ.
5. ද්වා දශාංශකය (රාශියකින් 1/12) - කුජ හිමි මේෂය වේ.
6. ත්‍රිංශාංශකය (රාශියකින් 1/30) - ගුරු හිමි ධනුව
වර්ග තුනක් සෞම්යයේද වර්ග තුනක් කෘරයේ ද වේ. රාශියේ දී නීච වුවද ද්වා දශාංශකයේ දී උච්චව ගුරුගේ අංශකයේ සිටියි. රජුන්ට රවි නීච වීම අයහපත් වෙතත් සාමාන්‍ය මිනිසාට රවි ගේ නීච වීම යහපති. ස්ත්‍රී කේන්ද්‍රය බැවින් වඩාත් යහපති.
--
![]()
රවි එකොළොස් වැන්නේ සිටීමෙන් සියළු අරිටු භංග වේ. ලෞකික දියුණුවට ඉතා යහපති.
--
2. කුජ ස්ඵූටය සෙවීම.
2021 නොවැම්බර් 03 දින උදේ 06:00 ට කුජ ස්ඵූටය = තුලා 08° 07'
නොවැම්බර් 02 දින උදේ 06:00 ට කුජ ස්ඵූටය = තුලා 07° 27' -
දිනය තුල කුජ ගමන් කළ දුර = 00° 40'
උපන් වෙලාව දක්වා ගත කාලය (10:30 - 06:00) = 04:30
කුජ දිනය තුල ගමන් කළ ප්‍රමාණයට ලඝු = 1.5663
ගත කාලයට ලඝු = 0.7270+
= 2. 2933
2.2933 ට ප්‍රතිලඝු = 00° 07'
නොවැම්බර් 02 දින උදේ 06:00 ට කුජ ස්ඵූටය = තුලා 07° 27' +
නොවැම්බර් 02 දින උදේ 10:30 ට කුජ ස්ඵූටය = තුලා 07° 34'
1. තුලා 07° 34'
2. රාශ්‍යාර්ධය (රාශියකින් භාගය) - රවි හිමි සිංහය වේ.
3. දෙර්කාණය (රාශියකින් 1/3) - ශුක්‍ර හිමි තුලාව වේ.
4. නවාංශකය (රාශියකින් 1/9) - ගුරු හිමි ධනුව වේ.
5. ද්වා දශාංශකය (රාශියකින් 1/12) - ශනි හිමි මකරය වේ.
6. ත්‍රිංශාංශකය (රාශියකින් 1/30) - ශනි හිමි කුම්භය වේ.
මේ කේන්ද්‍රයේ කුජ ඉතා බලවත් වෙයි.
--
![]()
--
මතු සම්බන්ධයි3. බුධ ස්ඵූටය සෙවීම.
රවි සහ කුජ ගේ ග්‍රහ ස්ඵූට ගණනය කළ ආකාරයට ම බුධ ඇතුළු අනෙකුත් ග්‍රහයන් ගේ ග්‍රහ ස්ඵූට ගණනය කිරීම සිදුකළ හැකිය.
එහෙත් මේ කේන්ද්‍රයේ බුධගේ ස්ඵූටය නිශ්චය කිරීම ඉතාම සියුම් කරුණක් වේ. බුධ සිටියේ කන්‍යාව හා තුලාව යාවෙන සන්ධියේ බැවිනි. එබැවින් බුධ ස්ඵූටය ගණනය කර දක්වමු.
2021 නොවැම්බර් 03 දින උදේ 06:00 ට බුධ ස්ඵූටය = තුලා 01° 14'
නොවැම්බර් 02 දින උදේ 06:00 ට බුධ ස්ඵූටය = කන්‍යා 29° 43' -
දිනය තුල බුධ ගමන් කළ දුර = 01° 31'
උපන් වෙලාව දක්වා ගත කාලය (10:30 - 06:00) = 04:30
බුධ දිනය තුල ගමන් කළ ප්‍රමාණයට ලඝු = 1.1993
ගත කාලයට ලඝු = 0.7270+
= 1. 9263
1.9263 ට ප්‍රතිලඝු = 00° 17'
නොවැම්බර් 02 දින උදේ 06:00 ට බුධ ස්ඵූටය = කන්‍යා 29° 43' +
නොවැම්බර් 02 දින උදේ 10:30 ට බුධ ස්ඵූටය = කන්‍යා 30° 00'
මෙය ඉතා තීරණාත්මක පිහිටීමක් බව නොකිව මනාය. මේ ගණනය කිරීම් වලදී අප සැලකුවේ අංශක සහ කලා පමණි. එහෙත් මෙහි විකලා ප්‍රමාණයක් ද නොසලකා හැර තිබූ බැවින් ඒද එක්කර ගතහොත් ඉතා ස්වල්ප ප්‍රමාණයකින් ග්‍රහයා සන්ධිය ඉක්මවනු ඇත. එය එක කලාවකැයි ගත හොත් බුධ තුලාවට ගොස් තිබේ. එනයින් බුධ ස්ඵූටය = තුලා 00° 01' ලෙස ගැනීම වඩාත් සුදුසු වේ.
1. තුලා 00° 01'
2. රාශ්‍යාර්ධය (රාශියකින් භාගය) - රවි හිමි සිංහය වේ.
3. දෙර්කාණය (රාශියකින් 1/3) - ශුක්‍ර හිමි තුලාව වේ.
4. නවාංශකය (රාශියකින් 1/9) - ශුක්‍ර හිමි තුලාව වේ.
5. ද්වා දශාංශකය (රාශියකින් 1/12) - ශුක්‍ර හිමි තුලා වේ.
6. ත්‍රිංශාංශකය (රාශියකින් 1/30) - කුජ හිමි මේෂය වේ.
4/6 ක්ම ශුභයේ වර්ගෝත්තම බැවින් ද, භාවයෙන් අයස්ථානයේ බැවින් ද කර්මස්ථානය අධිපතිව ධර්මස්ථානය අධිපති රවි සමඟ සිටි බැවින්ද බුධහු අධික ගුණ දෙති. රාජ යෝග වේ.
--
![]()
--
මෙපරිද්දෙන් සෙසු ග්‍රහයන්ගේ ද ග්‍රහ ස්ඵූට ගණනය කළහැකිය. ඒ ග්‍රහ ස්ඵූට පහතින් දැක්වේ.
4. ගුරු ස්ඵූටය = මකර 28 33'
5. ශුක්‍ර ස්ඵූටය = ධනු 02° 44'
6. ශනි ස්ඵූටය = මකර 13° 08'
7. රාහු ස්ඵූටය = වෘෂභ 08° 33'
8. කේතු ස්ඵූටය = වෘශ්චික 08° 33'
--
![]()
--
මතු සම්බන්ධයි