කේන්ද්‍රයක් බලා ඵලාඵල කීමේදී රාශි ඵල සහ භාව ඵල වශයෙන් විභේදනයක් තිබේ. ග්‍රහයකුගේ රාශි ඵලය කියා භාව ඵලය නොකීවොත් එය සම්පුර්ණ ඵලාඵල කීමක් නොවන්නේය. එබැවින් කේන්ද්‍ර සටහනක භාවයන් නිවැරදිව හඳුනා ගැනීම ඉතා වැදගත් වෙයි.
සාමාන්‍ය කේන්ද්‍ර සටහනේ රාශි නාම නොයොදා 1, 2 ආදී වශයෙන් ස්ථාන හෙවත් භාව පමණක් දක්වන්නාවූ සටහනට භාව කේන්ද්‍රය යැයි කිවයුතුය. යමෙකු උපදින වෙලාවට නැගෙනහිර ක්ෂිතිජය මුලට තබා අංශක 30 ක් ගෙන භාව කේන්ද්‍රයේ ලග්නය සටහන් කරනු ලැබේ. අපරදිග ක්‍රමයට අයනය ද සලකාගෙන භාව කේන්ද්‍රය ගැනීමේදී එක භාවයක රාශි එකකට වඩා වැඩි ගණනක් ඇතුළත් වන අවස්ථා යෙදෙයි. සමකයෙන් උතුරට හෝ දකුණට මේඛලා රේඛා ඔස්සේ යද්දී රාශිවල ප්‍රමාණ ඒකාකාර නොවන බව පෙනෙයි. එහෙත් අප රට වැනි සමකයට ආසන්න නිවර්තන කළාපයේ රටවල් වලට රාශි වල ප්‍රමාණයේ සැලකිය යුතු වෙනසක් නොපෙනෙයි. එබැවින් එක භාවයක එක රාශියක් බැගින් ඇතුළත් වේ. නමුත් උදාවන අංශකය අනුව භාව කේන්ද්‍රයේ එක් භාවයක රාශි දෙකක් පමණ යෙදීම එසේම සිදුවේ.
අපගේ පාඩම් මාලාවේ උදාහරණය ට ගත් කේන්ද්‍රයේ ලග්න ස්ඵූටය සහ චන්ද්‍ර සඵූටය භාව කේන්ද්‍රයේ සටහන් කර ඇති ආකාරය ඉහත රූප සටහනේ දැක්වෙයි. එහි ක්ෂිතිජ රේඛාවේ ලග්න ස්ඵූටය ධනු 11° 16' නිසා භාව කේන්ද්‍රයේ 1 භාවයට ධනු රාශියේ 11° 16' ක් සහ වෘශ්චික රාශියේ 18° 44' ක් ඇතුළත් වන අයුරු තේරුම් ගන්න. රාශි වල ප්‍රමාණ වෙනස නොසලකන බැවින් අනෙක් සියලුම භාවයන් තුලට අදාළ රාශි වල එකී අංශක ප්‍රමාණයන්ගෙන් ඇතුළත් වීම සිදු වේ. ඉහත ආකාරයට කේන්ද්‍ර සටහන සකසා ග්‍රහයන් පිහිටුවා සටහනේ මධ්‍ය ලක්ෂ්‍යයේ සිට ග්‍රහ ස්ඵූටය කැපී යන පරිද්දෙන් සරළ රේඛාවක් ඇන්දොත් අදාළ ග්‍රහයාගේ සියලුම වර්ග (ෂඩ් වර්ගය ඇතුළු) ඉතා පහසුවෙන් හඳුනාගත හැකිවෙයි. ඒ ඒ ග්‍රහයා අතර ඇති නිවැරදි පරතරය අංශක ප්‍රමාණයෙන් බලාගත හැකි බැවින් වැටී ඇති ග්‍රහ දෘෂ්ටි ඉතා නිවැරදි ලෙස දැනගැනීමට ලැබීම මේ ක්‍රමයේ තිබෙන ඉමහත් ප්‍රයෝජයනයක් වේ. සාමාන්‍ය කේන්ද්‍ර සටහනක ග්‍රහයකු ගේ භාවය නිවැරදිව බලාගැනීමට භාව කේන්ද්‍රය උපකාරී වේ.
--
අප සැලකූ උදාහරණය වන 2021 නොවැම්බර් 02 දින පෙරවරු 10:30 ට ගම්පහදී උපන් දැරිවියගේ සම්පුර්ණ කළ භාව කේන්ද්‍රය පහතින් දැක්වේ.
--
අපට අවශ්‍ය නම් වැඩිදුර අවබෝධය පිණිස කේන්ද්‍ර මධ්‍යයට බ්‍රමණය වන පෘථිවිය යොදා මෙම භාව කේන්ද්‍රය සකසා ගත හැකියි.
උපත : 2021 නොවැම්බර් 02 දින පෙරවරු 10:30 ට ගම්පහ දී.
සාමාන්‍ය රාශි කේන්ද්‍ර සටහනේ රවි සහ චන්ද්‍ර පිළිවෙලින් 11 සහ 10 යන භාව වල යෙදී තිබූ අයුරු ඔබට මතක ඇති.
එහෙත් භාව කේන්ද්‍රය පරීක්‍ෂා කිරීමේදී රවි සහ චන්ද්‍ර යෙදෙන්නේ පිළිවෙලින් 12 සහ 9 යන භාවයන්හි බව පෙනෙයි. මේ අනුව සාමාන්‍ය රාශි කේන්ද්‍රය බලා භාව ඵල කීම ඇතැම් අවස්ථා වලදී වැරදී යා හැකිය.
--
රාශි කේන්ද්‍රය, භාව කේන්ද්‍රය මත සමපාත වූ විට;

එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / ජන්ම පත්‍රය (1 කොටස)

එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / ජන්ම පත්‍රය (2 කොටස)

එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / ජන්ම පත්‍රය (3 කොටස)

එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / ජන්ම පත්‍රය (4 කොටස)
Last edited: