🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව - ප්‍රවේශය 3

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    අපි කලින් පාඩමේදී ජ්‍යොතිශ්‍යයේ මූලික සංකල්ප දෙකක් වන ග්‍රහයන් සහ අවකාශය (රාශි ආදිය) ගැන සඳහන් කළා.

    🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව - ප්‍රවේශය 2

    අද කතාකරන්නේ ජ්‍යොතිශ්‍යයේ ඉතාම වැදගත් සංකල්පය වන කාලය පිළිබඳවයි. තත්‍ය කාලය, නක්‍ෂත්‍ර කාලය, ඔරලෝසු කාලය ආදී වශයෙන් කාලය පිළිබඳ ජ්‍යොතිශ්‍යයේ දී නොයෙක් ආකාරයෙන් සඳහන් වෙනවා.
    අද අපේ රටේ බොහෝ විට ව්‍යවහාර වන්නේ පැය 24 සම්මත ඔරලෝසු කාලයයි. එහෙත් ජ්‍යොතිශ්‍යය හදාරන සමහර අය ලිත් හැට පැයේ ක්‍රමය තවමත් භාවිතා කරමින් පවතිනවා. මමත් පුද්ගලිකව පාවිච්චිකරන්නේ ලිත් හැට පැය ක්‍රමය යි. ඔරලෝසු පැයක් ලිත් පැය දෙක හමාරකුත් (2. 1/2), ඔරලෝසු විනාඩියක් ලිත් විනාඩි දෙක හමාරකුත්, ඔරලෝසු තත්පරයක් ලිත් තත්පර දෙක හමාරකුත් වෙනවා. මේ විදියට ඔරලෝසු පැය 24 ක්, ඒ කිවුවේ දවසක් කියන්නේ ලිත් පැය හැටයි (60). සිංහල හැට පැයේ දවසක් කියන්නේ ඒකට තමයි. ඒකක ගණන් වෙනස් වුණාට කාල පරතරය සමානයි. ඔරලෝසු වේලාවෙන් පැය විසි හතරක් යද්දී ලිත් පැය හැටක්‌ ගතවෙනවා. ලිත් පැය ක්‍රමය අපහසු නම් සම්මත ඔරලෝසු පැය ක්‍රමය භාවිතා කළාට වරදක් නෑ.
    ජ්‍යොතිශ්‍යයේ දී දවස පටන්ගන්නේ ඉර උදාවත් එක්කයි. පවතින සම්මත ක්‍රමයේ දී වගේ රාත්‍රී දොළහෙන් පස්සේ නෙමෙයි. ඔරලෝසුවෙන් වෙලාව කීය වුණත් ඉර පායන තුරු දවස පටන් ගත්තා කියලා සලකන්නේ නෑ. ඒ නිසා ජ්‍යොතිශ්‍යයේ දී හැම දවසක් ම පටන් ගන්නේ එකම වෙලාවක දී නෙමෙයි. සමහර දවස් වලට ඔරලෝසු වේලාවෙන් හයට (06:00) ඉර පායනවා. තවත් සමහර දවස් වල පහයි පනස් පහට (05:55) ඉර පායනවා. ඔය විදියට දවස පටන් ගන්න වෙලාව වෙනස් වෙනවා.
    සුර්යයාට සාපේක්‍ෂව ගත්තාම පොළොවට එක වටයක් තමා වටා කැරකෙන්න හරියටම ඔරලෝසු පැය විසි හතරට වඩා ස්වල්පයක් වැඩි කාලයක් ගතවෙනවා. එහෙම වෙන්නේ පොළොව තමා වටේ කැරකෙන ගමන් ඉර වටා ඉලිප්සාකාර ගමනක යෙදෙන නිසයි. ඔය පහතින් තියෙන රූප සටහන බලලා මේක තේරුම් ගන්න.
    rot.JPG

    එක මොහොතක සුර්යයා දෙසට එල්ල වෙලා තියෙන තැනක් පැය විසි හතරකදී නැවත සුර්යයා සිටි මුල් දිශාවට එල්ල වුණත් එහෙම නැත්නම් හරියටම අංශක තුන්සිය හැටක් සම්පුර්ණ කළත් මේ දෙවෙනි මොහොතේ සුරයා පිටලා තියෙන්නේ මුල්ම දිශාවෙන් තරමක් පසුවෙලා. ඒ නිසා නැවත මුල්ම තැන සුරයා දෙසට හැරෙන්නට නම් තවත් ස්වල්ප දුරක් කැරකෙන්න සිද්ධ වෙනවා. ඒකට ස්වල්ප වෙලාවක් වැඩිපුර ගතවෙනවා. මේ විදියට ගතවෙන අතිරේක කාලය ක්‍රමයෙන් එකතු වෙලා පැය විසිහතරක් වෙද්දී ඒ දවස එකතු කරලා අධික අවුරුද්දක් කියනවා.
    ජ්‍යොතිශ්‍යයේ දී කාලය ගණින ක්‍රමය මෙහෙමයි; තත්පර, ක්‍ෂණ, පැය, මුහුර්ත, යාම, දින, පක්‍ෂ, මාස, ඍතු, අයන, වර්ෂ, යුග, විංශති, ශතවර්ෂ, සහශ්‍රවර්ෂ