🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / ජන්ම පත්‍රය (3 කොටස)

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113

    🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / ජන්ම පත්‍රය (1 කොටස)

    🪐📚🖊️එළකිරි ජ්‍යෝතිශ්‍ය පාඨමාලාව / ජන්ම පත්‍රය (2 කොටස)

    --
    ජන්ම පත්‍රයක් සකස් කිරීමේ ඉතාම වැදගත් පියවර දෙක වන ලග්න ස්ඵූටය සහ චන්ද්‍ර ස්ඵූටය සෙවීමේ ක්‍රමය දැනටමත් පැහැදිළි කරදී ඇත. චන්ද්‍ර ස්ඵූටය ට අනුව උපන් නැකතද, දශා ශේෂය ද දැනගෙන තිබේ.
    මීළඟට අප කළයුතු වන්නේ සෙසු ග්‍රහයන්ගේ ද ග්‍රහ ස්ඵූට සොයා ජන්ම පත්‍රයේ අදාළ ස්ථාන වල එම ග්‍රහයන් පිහිටුවීම වේ.

    1. රවි ස්ඵූටය සෙවීම.

    2021 නොවැම්බර් 03 දින උදේ 06:00 ට රවි ස්ඵූටය = තුලා 16° 38'
    නොවැම්බර් 02 දින උදේ 06:00 ට රවි ස්ඵූටය = තුලා 15° 38' -
    දිනය තුල රවි ගමන් කළ දුර = 01° 00'
    උපන් වෙලාව දක්වා ගත කාලය (10:30 - 06:00) = 04:30
    රවි දිනය තුල ගමන් කළ ප්‍රමාණයට ලඝු = 1.3802
    ගත කාලයට ලඝු = 0.7270+
    = 2.1072
    2.1072 ට ප්‍රතිලඝු = 00° 11'
    නොවැම්බර් 02 දින උදේ 06:00 ට රවි ස්ඵූටය = තුලා 15° 38' +
    නොවැම්බර් 02 දින උදේ 10:30 ට රවි ස්ඵූටය = තුලා 15° 49'

    1. තුලා 15° 49'
    2. රාශ්‍යාර්ධය (රාශියකින් භාගය) - චන්ද්‍ර හිමි කටකය වේ.
    3. දෙර්කාණය (රාශියකින් 1/3) - ශනි හිමි කුම්භය වේ.
    4. නවාංශකය (රාශියකින් 1/9) - ශනි හිමි කුම්භය වේ.
    5. ද්වා දශාංශකය (රාශියකින් 1/12) - කුජ හිමි මේෂය වේ.
    6. ත්‍රිංශාංශකය (රාශියකින් 1/30) - ගුරු හිමි ධනුව


    වර්ග තුනක් සෞම්‍යයේද වර්ග තුනක් කෘරයේ ද වේ. රාශියේ දී නීච වුවද ද්වා දශාංශකයේ දී උච්චව ගුරුගේ අංශකයේ සිටියි. රජුන්ට රවි නීච වීම අයහපත් වෙතත් සාමාන්‍ය මිනිසාට රවි ගේ නීච වීම යහපති. ස්ත්‍රී කේන්ද්‍රය බැවින් වඩාත් යහපති.
    --
    dhanu.JPG

    රවි එකොළොස් වැන්නේ සිටීමෙන් සියළු අරිටු භංග වේ. ලෞකික දියුණුවට ඉතා යහපති.
    --

    2. කුජ ස්ඵූටය සෙවීම.

    2021 නොවැම්බර් 03 දින උදේ 06:00 ට කුජ ස්ඵූටය = තුලා 08° 07'
    නොවැම්බර් 02 දින උදේ 06:00 ට කුජ ස්ඵූටය = තුලා 07° 27' -
    දිනය තුල කුජ ගමන් කළ දුර = 00° 40'
    උපන් වෙලාව දක්වා ගත කාලය (10:30 - 06:00) = 04:30
    කුජ දිනය තුල ගමන් කළ ප්‍රමාණයට ලඝු = 1.5663
    ගත කාලයට ලඝු = 0.7270+
    = 2. 2933
    2.2933 ට ප්‍රතිලඝු = 00° 07'
    නොවැම්බර් 02 දින උදේ 06:00 ට කුජ ස්ඵූටය = තුලා 07° 27' +
    නොවැම්බර් 02 දින උදේ 10:30 ට කුජ ස්ඵූටය = තුලා 07° 34'

    1. තුලා 07° 34'
    2. රාශ්‍යාර්ධය (රාශියකින් භාගය) - රවි හිමි සිංහය වේ.
    3. දෙර්කාණය (රාශියකින් 1/3) - ශුක්‍ර හිමි තුලාව වේ.
    4. නවාංශකය (රාශියකින් 1/9) - ගුරු හිමි ධනුව වේ.
    5. ද්වා දශාංශකය (රාශියකින් 1/12) - ශනි හිමි මකරය වේ.
    6. ත්‍රිංශාංශකය (රාශියකින් 1/30) - ශනි හිමි කුම්භය වේ.


    මේ කේන්ද්‍රයේ කුජ ඉතා බලවත් වෙයි.
    --
    dhanu.JPG

    --
    මතු සම්බන්ධයි