🪐 ජෝතිෂ්‍යය බොරුද? එළකිරි සංවාදය.

sahases

Well-known member
  • Dec 20, 2022
    466
    367
    63
    සහසැස්
    මම නම් ජ්‍යෝතිෂය, නැකැත්, කේන්දර කියන දේවල් ජීවිතයට සම්බන්ධ කරගන්නෑ. පලාපල අහන්නෙත් නෑ, කියවන්නෙත් නෑ.
    හැමදෙයක්ම කඩෙන් අරගෙන කන්න පුරුදු වුන කෙනෙක්. එළවළුවක්, පළතුරක් සාර්ථකව වගා කරගන්න, ඵලදාව හොඳින් ගන්න ජ්‍යෝතිෂය වුවමනා බව දන්නේ නැතිව ඇති.
    ජෝතිෂ්‍ය පට්ට බොරු.
    පුතා, ඒ බී සී ඉගෙන ගත්තම ඔහොම තමයි.

    ඔය වැඩක් නෑ, බොරු ආදී දෑ කියන අය ජ්‍යෝතිෂය යන වචනයේ අර්ථයවත් හරියාකාරව හෝ යන්තම්වත් දන්නේ නැහැනේ. සිංහලුන් බහුතරයකගේ පුරුද්ද කිසියම් දෙයක් දේශීය හෝ සිංහලයෙක් නම් අවතක්සේරු කිරීමයි, පහර ගැසීමයි
     
    Last edited:
    • Like
    Reactions: Lovtus

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,398
    166,780
    113
    එකමත් එක රටක
    උඹලා වලිගෙ පාගගන්නවා නේ බං. ජෝතිෂ්‍යය වේශ්‍යා වෘතියේ යොදවලා මිනිස්සුන්ව අන්දවන බර set එකක් ඉන්න බව සහතික ඇත්ත. උන් උන්ගේ පටු අරමුණු වෙනුවෙන් පාවිච්චි කරලා මේ වටිනා ශාස්ත්‍රයේ ගෞරවය කෙළෙසනවා. ඒක මේ සක්කිලින්ගේ වරදක් මිසක් ජෝතිෂ්‍යයේ වරදක් නෙමෙයි. නවීන විද්‍යාව වුණත් වැරදි අරමුණු වලට පාවිච්චි කරන්න පුළුවන්. විනාශකාරී විදිහට පාවිච්චි කරන්න පුළුවන්. මිනිස්සුන්ව රවටන්න අන්දන්න පාවිච්චි කරන්න පුළුවන්. ඒක විද්‍යාවේ වරදක් ද?
    යකෝ ඔය ඉන්නේ රටේ සල්ලි වැඩිම , ඕන දෙයක් කරන්න පුලුවන් එකාට හොයාගන්න පුලුවන් වෙච්ච හොදම ජෝතිෂ්‍ය කාරයා.
    උබ ඌටත් ජෝතිෂ්‍ය උගන්නනන් එනවද ? 🥴
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    .ජෝතිශ්ය හරිද වැරදිද නෙවෙයි , මන් හිතාගෙන හිටියෙ උබ ගෑනියක් කියලා. නමටම හරියන චීත්ත පොන්න චරිතයක් උබ. තෝ හිතුවෙ ඩිස්ලයික් දැම්මාම මට රිදෙයි කියලද හුත්තියේ
    Dislike නම්, dislike දානවා. ඒකට තමා ඒක තියෙන්නෙ. උඹට රිදුන එකට මට කරන්න දෙයක් නෑ. ඒවා තමා මේකෙ තියන features. Personally ගන්න ඕන නෑ උඹ.
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    යකෝ ඔය ඉන්නේ රටේ සල්ලි වැඩිම , ඕන දෙයක් කරන්න පුලුවන් එකාට හොයාගන්න පුලුවන් වෙච්ච හොදම ජෝතිෂ්‍ය කාරයා.
    උබ ඌටත් ජෝතිෂ්‍ය උගන්නනන් එනවද ? 🥴
    60lk ජනවරමකුත් අරගෙන 2/3 බලෙත් තිබිලා අමුඩෙත් නැතුව රට දාලා දුවන කබ්බන්ව පොරවල් නොකර හිටපං
     
    • Like
    Reactions: siri_ayya

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,398
    166,780
    113
    එකමත් එක රටක
    උඹ පුදුම වුනාට, බුද්ධිමතුන් කියන කොටස අදින් අවුරුදු දහ දාහකට එහා සමාජයෙත් හිටියා. ඒ අයට තේරෙන දේවල් සාමාන්‍ය මිනිස්සුන්ට තේරුම් කරන්න බැරි ලොකු education gap එකක් තිබුනා ඉස්සර.
    මෙන්න මේක තමයි ඉස්සර උනේ .
    දැනුම කියන්නේ ඉස්සර පහලට යන එකක් නෙවෙයි අද වගේ.
    ඒක නිසා දැනුම තියන එකා කරන දේ දැනුම නැති උන්ට හාස්කම් , විශ්වකර්ම විදියට පෙන්නේ.
    දැනුම තියන එකා ත් ඒවා වල දැනුම කෑල්ල අයින් කරල තමයි අනිත් උන්ට දෙන්නේ. ඉතින් ඒවා ක්‍රම විදියට අනිත් උන්ට යන්නේ.
    ලෙඩකට බෙහෙතක් දැනුම පාවිච්චි කරල නියම කරන එකයි, ඒ ඒ රෝග ලක්ශනේ ට අදාළ බෙහෙත මතක තියන් ඉදල දෙන එකයි දෙන්නෙක්.. දේවාලේ පුසා ගටගපු එකාට ගියේ දැනුම නෙවෙයි නේ. ක්‍රමේ.. දැනුම ඇහුවම ඌ ඒක හාස්කම් ගොඩට දාන්නේ.
    ලෙඩක් හොදකරත් ඒක දැනුම නැති එකා ගන්නේ හාස්කමක් විදියට. මොලේ පාවිච්චි කරල දෙයක් කරාම ඒක තේරෙන්නේ නැති එකාට ඒක හිතාගන්න බෑ . ඔය දෙයියෝ විදියට අතීත පුද්ගලයෝ අදහන්න පටන් ගත්තෙත් ඒ විදියට.

    රෝම යුගයේ ජීවමාන දෙයියෝ ඉදල තියනව.. දෙයියෝ කියලා උන් නම් කරනවා. උන් ඉතින් එතන ඉදන් උන් මැරුනත් දෙයියෝ.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    ජ්‍යෝතිෂය කියන්නෙ විද්‍යාවක් නෙමයි ඕක pseudo science එකක්. විද්‍යාවක් වගේ ලක්ශන තිබුනට විද්‍යාත්මක දෙයක් නං scientific method එකට අනුකූල වෙන්න ඕන. හැබැයි ජ්‍යෝතිෂය එහෙම නැහැ. ඒක විද්‍යාවෙ ලිමිටේශන් එකක් නෙමයි. මොකක් හරි ඇත්ත කියන අය විද්‍යාවෙන් ඒක පැහැදිලි කරන්න විද්‍යාවට බැහැයි කියල විද්‍යාවට බනින එක නෙමෙයි කරන්න ඕන, එහෙම ඒ දේ ඇත්ත කියන අය විද්‍යාත්මක ක්‍රමේකට ඒක පැහැදිලි කරන්න පුලුවන් කමක් තියෙන්න ඕන.
    උදාහරනයක් විදියට මට කියන්න පුලුවන් මේ විශ්වය හතරැස් පෙට්ටියක් කියලා, හැබැයි දැනට හොයාගෙන තියන දේවල් වලින් විද්‍යාවට ඒක පැහැදිලි කරන්න බැහැ කියලා විද්‍යාවට බනින එක මේ විශ්වය හතරැස් කියලා ඔප්පු කරන්න පුලුවන් දෙක් නෙමයි. මම මේ විශ්ව හතරැස් කිවුවා නං මට ඒක හරියට පැහැදිලි කරගන්න පුලුවන් විදියක් තියෙන්න ඕන, අනෙක් අයටත් ඒක තනියම හොයලා කන්ෆර්ම් කරන්න විදියකුත් තියෙන්න ඕන.
    කියන දෙයක් ඇත්ත නං ඕනම ක්‍රමේකට ඒක ඇත්ත කියලා පෙන්නන්න පුලුවන් වෙන්න එපැයි.

    ග්‍රහ චලිත විද්‍යාවෙන් මුල් කාලෙ ඇහෙන් බලලා ඒව තියන තැන සහ එකම රටාවකට ඒව ආයෙ පේන්න ගන්න නිසා ඒවා ආයෙත් පේන දවස සහ තැන ගනනය කරන එක මහා ලොකු සංකීර්න දෙයක් නෙමයි.
    මම දන්න විදියට ඔය කේන්දර වල තියෙන්නෙ ඒ කෙනා ඉපදෙන වෙලාවෙ ග්‍රහලෝක වල පොසිශන් එක නේද. ඒක හොයා ගන්න අතිශය සංකීර්න ගනිත ක්‍රම ඕන නැහැ.
    ග්‍රහ ලෝක වල පොසිශන් එක හොයන විදිය හරි ඒක බටහිර විද්‍යාවත් එක්ක ගැලපෙනවා කියන්නෙ ඒ කොටස බටහිර විද්‍යාවට අනුවත් නිවැරදි නිසා. හැබැයි ඒව පාදක කරගෙන ජීවීන්ට වෙන බලපෑම පැහැදිලි කරන්න logical ground එකක් නැහැ. ඒක කලින් ඉඳපු ඉසිවරු ඒ විදියට කියලා තියනවා කියලා පිලිගන්න එක විද්‍යාත්මක ක්‍රමයට අදාල නැහැ ඒක වෙරිෆයි කරන්න බැහැ ඒක නිසා තමයි ඒ කොටස බොරුයි කියන්නෙ

    දාල තියන පොයින්ට් ටික බැලුවම

    1. ග්‍රහ ලෝක 9 තියනව කියලා ජ්‍යෝතිෂයෙ කියනවද. ගොඩක් පස්සෙ කාලෙක හොයාගනිපු යුරේනස්, නෙප්චූන්, ප්ලූටෝ වලට ජ්‍යෝතිෂයෙ කියන නම් මොනවද. එතකොට දැනගන්න පුලුවන් ඒව කලින් හොයාගත්තෙ ජ්‍යෝතිෂයෙන්ද බටහර විද්‍යාවෙන්ද කියලා. මම දන්න විදියට ජ්‍යෝතිෂයෙ තියෙන්නෙ අපිට ඇහැට ලේසියෙන්ම පේන ග්‍රහලෝක ටික, සූර්යා සහ හඳ. පසු කාලීනව සමහර ජ්‍යෝතිෂය වලදි අර අනෙක් ග්‍රහලෝක ගැන තිබුනට ඒවට කෙලින්ම බටහර අය දීපු නම් ටික ඒ විදියටම යූස් කරලා තියෙන්නෙ.

    2. මේ කියන්නෙ ග්‍රහලෝක සූර්යා වටා යන්න ගතවෙන කාලය වගේ දේවල් නං, මම දන්න විදියට ඒව මුල් කාලීනව ඒව හෙවුවෙ කෙප්ලර්ගෙ සමීකරන වලින්. දැන් නං ඊට වඩා ගොඩක් දියුනු ක්‍රම ඇති. ජ්‍යෝතිෂයෙ මේව කැල්කියුලේට් කරන සමීකරන එහෙම තියනවා නං දැම්මොතින් අපිට කම්පෙයා කරලා බලන්න පුලුවන්.

    3. රාහු කේතු කියලා දෙකක් ඉරට සහ හඳට නම් කරන එක ඒ තරම් දෙයක් නෙමයි මොකද ඒ දෙක තමයි අපිට හොඳටම පේන වස්තු දෙක. හඳ පොලව වටේ යනවා කියන එකත් ඒ තරං හිතන්නෙ නැතිව හොයන්න පුලුවන්. හැබැයි පුතේ ඉර වටේ පොලව යනවා කියන එක නං මම දන්න විදියට ජ්‍යෝතිෂයෙ නැහැ. පසු කාළිනව ඒව එකුතු වෙලා තියෙන්න පුලුවන්
    පොලව ඉර වටේ යනවා කියන එක මූලිකවම කොපර්නිකස් ගෙ අයිඩියා එකක් මට මතක විදියට 1500 විතරදි තමයි ඔය අයිඩියා එක ආවෙ
    ඒ දෙකට නං දෙකක් තියනවා කියන එකෙන් කොහොමද කියන්නෙ පොලව ඉර වටේ යනවා කියලා

    4. ඇස්ටරොයිඩ් බෙල්ට් එකේ ග්‍රහක මිලියන ගානක් තියනවා ඇයි 28ක් ගැන විතරක් කියන්නෙ. ලොකුම ඒව 28ක් තියනවා කියලා කියන්නත් බැහැ මොකද, සෙරස් වගේ ලොකුම ඒව කිහිපයයි තියෙන්නෙ ඊට පස්සෙ ගොඩක් සමාන සයිස් වල ඒව සිය දහස් ගානක් තියෙනවා. මම නිකමට දැනට හොයාගෙන තියන ඇස්ටරොයිඩ් වල සයිස් වලින් ඕඩර කරලා බැලුවා එතකොට 28 වෙනියට තියන එක කිලෝමීටර් 186-190Km සයිස් එකක්, 29 වෙනියට තියන එක කිලෝමීටර් 174-200 ක විතර සයිස් එකක්. ඊලඟට තියන 10ක් විතරම ගත්තත් සයිස් එක ඔය රේන්ජ් එකේමයි. එතකොට ඇයි 28ක් විතරක්

    පෙරදිග පඬිවරුම ඕක හොයාගත්තා කියලා කියන්න අමාරුයි. ගොඩක් පුරාන ශිශ්ඨාචාර වල ගොඩක් ග්‍රහ වස්තු ගැන හොදට අධ්‍යනය කරලා ඒවයෙ ගමන් මාර්ග ගැන එහෙම හොඳ අවබෝධයක් තිබුනු අය ඉදලා තියනවා. මට මතක විදියට බැබිලෝනියානු/සුමේරියානු/ග්‍රීක වගේ ශිශ්ඨාචාර වල ඔය ගැන හොඳට අධ්‍යනය කරපු අය ඉඳලා තියනවා. හැම ශිශ්ඨාචාරෙකම ඔය ග්‍රහ වස්තු වලට දේවත්වයෙන් සලකපු එක සහ එක එක ග්‍රහ වස්තු මගින් විවිධාකාර දේවල් පාලනය වෙනවා කියන එක ටිකක් පොදුවෙ තිබුනු දෙයක්
    ඒ දැනුම තැනින් තැනට ගිහින් ඒකම වෙනස් වෙලා පෙරදිග ජ්‍යෝතිෂය හැදුනා වෙන්නත් පුලුවන්.
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    මෙන්න මේක තමයි ඉස්සර උනේ .
    දැනුම කියන්නේ ඉස්සර පහලට යන එකක් නෙවෙයි අද වගේ.
    ඒක නිසා දැනුම තියන එකා කරන දේ දැනුම නැති උන්ට හාස්කම් , විශ්වකර්ම විදියට පෙන්නේ.
    දැනුම තියන එකා ත් ඒවා වල දැනුම කෑල්ල අයින් කරල තමයි අනිත් උන්ට දෙන්නේ. ඉතින් ඒවා ක්‍රම විදියට අනිත් උන්ට යන්නේ.
    ලෙඩකට බෙහෙතක් දැනුම පාවිච්චි කරල නියම කරන එකයි, ඒ ඒ රෝග ලක්ශනේ ට අදාළ බෙහෙත මතක තියන් ඉදල දෙන එකයි දෙන්නෙක්.. දේවාලේ පුසා ගටගපු එකාට ගියේ දැනුම නෙවෙයි නේ. ක්‍රමේ.. දැනුම ඇහුවම ඌ ඒක හාස්කම් ගොඩට දාන්නේ.
    ලෙඩක් හොදකරත් ඒක දැනුම නැති එකා ගන්නේ හාස්කමක් විදියට. මොලේ පාවිච්චි කරල දෙයක් කරාම ඒක තේරෙන්නේ නැති එකාට ඒක හිතාගන්න බෑ . ඔය දෙයියෝ විදියට අතීත පුද්ගලයෝ අදහන්න පටන් ගත්තෙත් ඒ විදියට.

    රෝම යුගයේ ජීවමාන දෙයියෝ ඉදල තියනව.. දෙයියෝ කියලා උන් නම් කරනවා. උන් ඉතින් එතන ඉදන් උන් මැරුනත් දෙයියෝ.
    ඒ දැනුම කොහොම ලබාගන්න ඇතිද? මොන වගේ ක්‍රමයක් වෙන්න ඇතිද?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    මම දකින විදිහට ජෝතිෂ්‍යය යනු අවශ්‍යයෙන්ම විද්‍යාවක්. මෙයට ඉතා ගැඹුරු ශාස්ත්‍රිය පදනමක් තියෙනවා.

    මෙතනිං එහාට කියෙව්වෙ නැති අය මේ කොනට 👉
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,398
    166,780
    113
    එකමත් එක රටක
    ඒ දැනුම කොහොම ලබාගන්න ඇතිද? මොන වගේ ක්‍රමයක් වෙන්න ඇතිද?
    අද වගේම නිරීක්ෂණය තමයි .

    ඉස්සර මිනිස්සුන්ට අද වගේ වැඩ නෑ නේ රාට . උන්ට උඩ අහස තියනව ඕන තරම් නිරීක්ෂණය කරන්න. දැන් ඉන්න එකෙක් අහස දිහා බලාගෙන තරු රටා ගැන හිතනවද ? ඌට වැඩක් නෑ , වෙන වැඩ තියනව.
    ඉස්සර මිනිස්සුන්ට ඒවා ගැන හිතල ඒ රටා නිරීක්ෂණය කරල ඒවල වෙනස් වීම රටා එක්ක ගත්ත නිරීක්ෂණ තමයි පාවිච්චි කරල තියෙන්නේ..
     
    • Like
    Reactions: Champ HB

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    ග්‍රහ ලෝක වල පොසිශන් එක හොයන විදිය හරි ඒක බටහිර විද්‍යාවත් එක්ක ගැලපෙනවා කියන්නෙ ඒ කොටස බටහිර විද්‍යාවට අනුවත් නිවැරදි නිසා. හැබැයි ඒව පාදක කරගෙන ජීවීන්ට වෙන බලපෑම පැහැදිලි කරන්න logical ground එකක් නැහැ.
    නිරක්ෂයට කිට්ටු ඝර්ම කලාපයේ ජීවී පරිසරය, ධ්‍රැවාසන්න ජීවී පරිසරයෙන් වෙනස් වෙන්නේ මොන හේතුවක් නිසාද?
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    නිරක්ෂයට කිට්ටු ඝර්ම කලාපයේ ජීවී පරිසරය, ධ්‍රැවාසන්න ජීවී පරිසරයෙන් වෙනස් වෙන්නේ මොන හේතුවක් නිසාද?
    උඹට තේරෙන වචන වලින් කීවොත්, ඉර මුදුන් වෙන්නෙ නැති නිසා.
     
    • Like
    Reactions: hkiz and NEMISIS

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,811
    1
    58,064
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ජෝතිෂය කියන්නෙ මිත්‍යාවක්. ඒ ගැන තර්ක කරන්න තරම් දෙයක් නෑ.

    ඕක විද්‍යාවක් නම් අනාවැකි 100ක් කිව්වොත් 50කට වැඩියෙන් හරියන්න ඕන. එහෙම නෑ. අනාවැකි 100ක් කිව්වොත් 5ක් විතර හරියයි.

    සමහරු කියනවා එහෙම අනාවැකි කියන්න පුළුවන් අය පිටිසර ගම්වල හැංගිලා අප්‍රසිද්ධියේ ඉන්නවා කියල. ඒවාට හිනාවෙන්න එක පුකක් මදි
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    අද වගේම නිරීක්ෂණය තමයි .

    ඉස්සර මිනිස්සුන්ට අද වගේ වැඩ නෑ නේ රාට . උන්ට උඩ අහස තියනව ඕන තරම් නිරීක්ෂණය කරන්න. දැන් ඉන්න එකෙක් අහස දිහා බලාගෙන තරු රටා ගැන හිතනවද ? ඌට වැඩක් නෑ , වෙන වැඩ තියනව.
    ඉස්සර මිනිස්සුන්ට ඒවා ගැන හිතල ඒ රටා නිරීක්ෂණය කරල ඒවල වෙනස් වීම රටා එක්ක ගත්ත නිරීක්ෂණ තමයි පාවිච්චි කරල තියෙන්නේ..
    චන්ද්‍ර කක්‍ෂය පෘථිවි කක්‍ෂයෙන් ජේදනය වෙන ලක්ෂ්‍ය දෙක නිරීක්ෂනය කරන්න උඹ කියන විදිහට උන් කොච්චර කාලයක් උඩබලාගෙන ඉන්න ඇති කියලා හිතනවද?
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    චන්ද්‍ර කක්‍ෂය පෘථිවි කක්‍ෂයෙන් ජේදනය වෙන ලක්ෂ්‍ය දෙක නිරීක්ෂනය කරන්න උඹ කියන විදිහට උන් කොච්චර කාලයක් උඩබලාගෙන ඉන්න ඇති කියලා හිතනවද?
    සංසිද්ධියක් තේරුම් ගන්න හෝ විස්තර කරන්න ක්‍රම එකකට වඩා තියනවා බොහෝ අවස්ථා වල. ගෙඩි පිටින් වෙන තැනකින් උස්සන්නත් පුලුවන්.
     
    Galvatron

    Well-known member
  • Jan 1, 2023
    1,952
    2,835
    113
    ජෝතිෂය කියන්නෙ මිත්‍යාවක්. ඒ ගැන තර්ක කරන්න තරම් දෙයක් නෑ.

    ඕක විද්‍යාවක් නම් අනාවැකි 100ක් කිව්වොත් 50කට වැඩියෙන් හරියන්න ඕන. එහෙම නෑ. අනාවැකි 100ක් කිව්වොත් 5ක් විතර හරියයි.

    සමහරු කියනවා එහෙම අනාවැකි කියන්න පුළුවන් අය පිටිසර ගම්වල හැංගිලා අප්‍රසිද්ධියේ ඉන්නවා කියල. ඒවාට හිනාවෙන්න එක පුකක් මදි
    එක්කො මැරිලා, එහෙම නැත්තන් දැන් ඉන්න තැන දන්නෙ නෑ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,398
    166,780
    113
    එකමත් එක රටක
    චන්ද්‍ර කක්‍ෂය පෘථිවි කක්‍ෂයෙන් ජේදනය වෙන ලක්ෂ්‍ය දෙක නිරීක්ෂනය කරන්න උඹ කියන විදිහට උන් කොච්චර කාලයක් උඩබලාගෙන ඉන්න ඇති කියලා හිතනවද?
    උබ හිතන්නේ උන් නිකන් උඩ බලාගෙන ඉන්න ඇති කියලද
    උන්ට ඒවා ගැන හොද අවබෝධයක් තියෙන්න ඇති. පොඩි පොඩි උපකරන , වෙනස් වීම් තීරණය කරන ක්‍රම හදාගෙන තියන්න ඇති, දත්ත පාවිච්චි කරන්න ඇති. ඕව එක්ක උන්ට වෙනස් නිරීක්ෂණයක් ආවම නිකන්ම තේරෙනව. අවුරුදු කීදාහක් ඕක කරන්න ඇතිද.
    හැබැයි ඒ දනුම නැතුව ඒ දේවල් පාවිච්චි කරන උන්ට ඒක මැජික්.

    නිකන් හිතපන් උන් දවසට පැය කියක් කළුවරේ අහසත් එක්ක ඉන්නවද. අද ඉන්න සමාන්‍ය එකෙක්ට අහස එක්ක තියන සම්බන්දය නෙවෙයි උන්ට තියෙන්නේ. අහස කියන්නේ අවට පරිසරේ වගේ ම එකක්.