01) පෙර පරම්පරාව අපිට නොකී කථා - නීල කුමාරයා

asksajee

Well-known member
  • Nov 27, 2006
    670
    339
    63
    01) ඉතිහාසය අපිට නොකී කථා - නීල කුමාරයා

    පෙර සටහන:
    මං මේ නූල පටන් ගන්න හිතුවේ කලින් නූලක මං "බවාරි" ගැන සටහනක් දැම්මා (http://www.elakiri.com/forum/showthread.php?t=1760349) ඒ දේ පිලිබද එළකිරි මිතුරෙකු අදහසක් දමා තිබුණා "මේ කතාව අපි කවදාවත් අහලා නැත්තේ මොකද? මට හිතා ගන්න අමාරුයි ...." කියලා, මේ ලෙස අපට පෙර පරම්පරාවෙන් නොලද ඒ දැනුම බෙදාගැනීම සදහායි. මෙහි මා දමන සියල්ල මාගේ සමාජ සැරිසැරීම්, සාහිත්‍ය කලා සංවාද හා නොයක් දේවලින් ලබාගත් දේ උපුටාපල කිරීමකි.

    ඉතිහාසය අපිට නොකී කථා 01

    නීල කුමාරයා

    ගජබා මහ රජ (ක්‍රි.ව. 114-136) අයත් වන්නේ ලම්බකර්ණ වංශයටය. ලම්බකර්ණ පෙළපතේ ආරම්භකයන් බෝධිගුප්ත වංශිකයන්ය. බෝධිගුප්ත වංශිකයන් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ රැගෙන සිරි ලක වැඩම කල සංඝමිත්තා මහ රහත් තෙරණියගේ ගිහි කල සැමියාගේ පාර්ශවයෙන් පැවත එන්නේය. ඔවුහු සිරිලක දෙවන රාජ පරපුර වුහ. සිංහ වංශිකයන්ගේ රජ පෙළපත නිමා වීමෙන් පසු මහත් ආයාසයකින් ලම්බකර්ණ වංශිකයෝ රජ කිරුළ ලබා ගත්හ. ලම්බකර්ණ වංශාගමනගේ මුලිකයා ලෙස වසභ රජ (ක්‍රි.ව. 67- 111) හැදින්විය හැක. ළැමැණි වංශයේ රාජගමනය එක් අතකින් වැදගත් ඓතිහාසික මංසන්ධියකි. මන්දයත් ශ්‍රී ලාංකේය ඉතිහාසයේ ලේඛකයන් විසින් පුර්ණව සිදු කරන ලද දේශපාලන විප්ලවය එය වන බැවිනි. සැබවින්ම ළැමිණි රාජාගමනයේ පිතෘත්වයට මංපෙති හෙළි කලේ එකල සිරිලක පුරා පැතිර තිබු සංවිධානාත්මක ලේඛකයන් සත් දහසකගේ බලයයි. එබැවින් ලම්බකර්ණ යුගය හැදින්වීමට "මහා ලේඛක උදානය" නමින් උපනාමයක්ද භාවිතා වෙයි.

    වසභ රජ තෙමේ දිප්තිමත් වුද, කිර්තිමත් වුද, පරමාදර්ශි වුද, පාලකයෙකි. ඔහු ඇවෑමෙන් ලම්බකර්ණ වංශයේ කිරුළ හිමිවන්නේ දෙවන වකනාසික තිස්ස කුමරුටය. (ක්‍රි.ව. 111-114) නහය වක් වු තිස්ස ලෙස ජනතාව ඔහු හැදින්වුහ. ඒ ඔහුගේ වක් වු වහසය නිසාමය. තම පිය රජුගේ දිර්ඝ පාලනයෙන් පසු මහළු වියේ රජපත් වකනාස තිස්සගේ රාජ්‍යපද සමය තුන් වසරකට සීමා වු අතර, ඔහුගෙන් පසු ගජබාට රාජ්‍යය පදවිය හිමිවිය. ගජබා තෙමේ සිංහලයන්ට නාවික මුහුදු බලයේ මහිමය කියා දුන් පාලකයා ලෙස ඉතිහාසයේ අගපත්ය. ඔහුගේ භාරත ආක්‍රමණය මහා වීර කතාවකි. නමුදු රජ තෙමේ මේ වීරත්වය මැද මහත් සෝ සුසුම් මැද දිවි ගෙවු අත්මීය අසරණයෙකි. කදුලින් ද, වේදනාවෙන් ද, බර ඔහුගේ අනුවේදනීය කතාවට කන්දෙන්නට සිංහලයන්ට ගෙවී ගිය දෙදහස් වසර පුරාම නොහැකි වී ඇත්තාහ. මන්ද, විරුවන්ට කදුළු අකැපයැයි අප විසින් තනා ඇති අමනුෂ්‍යවාදී රීතී සම්මතය නිසාය.

    ඔහුගේ මහා වීරත්වයෙන් උණූසුම් වු හදවත දුක්ඛ, දොමනස්සයන්ගෙන් පිරී තිබුණු බව ඉතිහාස තොරතුරු විමසිල්ලෙන් පරික්ෂා කරන විට පෙනී යයි. වීරයන්ට කදුළු දුක්ඛ, ආවේග අකැප යැයි ඇදහු ඉතිහාසවේදීන්ගේ යුගය අවසන් කල යුතුය. එබැවින් ගජබාගේ ආත්මීය සෝ තැවුලට නිමිත්ත විමසිය යුතුය.

    ගජබා ස්වකීය මුත්තණුවන් වු වසභ අභිබවන්නට තරම් වීරත්වයකින් යුතු වුවෙකි. නමුදු ඔහු වේදනා වින්දේ පුතෙකු නැති සොවිනි. තම බිසව වද ස්ත්‍රියකැයි රාජකීය වෛද්‍යවරුන් අභිමුව අනාවරණය වීම ඔහු නොරිස්සුවේය. තමා පුරුෂ බීජාණු සහිත බව පසක් කරවා ගැනීමට ද ඔහු මැළි විය. දරු ඵල නොලැබීමට හේතුව රජු තුලද බිසව තුළදැයි කිසිවෙකු නොදැන සිටියහ. මේ සා ආත්ම ගැටුමකට මැදිව හිදි රජ ස්වකීය පාළුව තනිකම මහා නිර්මාණයක් බිහි කිරිමට යොදා ගත්තේය. ඒ එතෙක් මෙතෙක් සිංහල යුධ ඉතිහාසයහි අසම-සම යුධ අවිය ලෙස ප්‍රචලිත "යගදාව" නිර්මාණය කිරීමය. යගදාව, ගජබා බලයෙන් අසම-සම කළේය. නමුදු ඔහු විදි දුක ඉන් සංසිදි නොගියේය. මේ අතරතුර සිංහල රාජ්‍යය දේශපාලන සුළි කුණාටුවක සිර කරමින් දකුණු භාරතීයෝ විත් මෙරට විසු සවිමත් පුරුෂයන් දොළෙස් දහසක් පැහැරගෙන ගියහ. රජ 'යගදාව' ඔසවා ආඥාව පෑ සැණින් ආක්‍රමණයන් ඉන් නතරව ගියහ. ඒ අතර, පැහැර ගෙන ගිය දොළොස් දහසක් තරුණ උරුමය ස්ව ආත්ම ආභිමානය පිළිබද සිංහලයන්ගේ හද කැළඹු සිදුවීමක් වුයේය.

    තැවුලෙන් බරව සිටි ගජබා සද පෑයු රැයක කිසිවෙකුටත් නොකියා රජ මැදුරෙන් නික්ම ගියේය. සද කත්මිණ උතුරන කමණීය රැයේ ඔහු නතර වුයේ මල්වතු ඔය තෙප්පල පැන් තොටේය. රජ තෙමේ සද දිය ගලන රැයේ සිහිල් දියෙන් තෙත් බරිත "මුතුමාලි" දුටුවේය. මුතුමාලි තෙමේ රජ ගෙදර සළු වඩන රජක(රදා) ළදය. කිසිත් නැති ඒ නිසල රැයේ ලිහිල් නිදහස් මිනිහෙකු වු රජ කාම රාග භාවයෙන් උද්දීපනය විය. රජක ළද අතුරූ සළුව මත ඈ සමග සැනහී තෙප්පලේ දී රාග පවස නිවා ගත්තේය. කාලය ගෙවි ගියේය. මුතුමාලි රජ ගෙදරට නොපැමිණියාය. රජ මැදුරැ සළු වඩන්නීය ප්‍රසුත නිවාඩු ගෙනය. මේ අතරින් රාජ්‍ය යළි ව්‍යාකූල වෙමින් සකුණු භාරතීය වෙළද අක්‍රෙමණය බලවත්ව නැගී සිටියේය. ඔහු නාවීක යාත්‍රා මත නැගී සිංහලයන්ගේ පපුව ඔද-තෙද වඩා වීරත්වයෙන් ආඪ්‍ය කළේය.

    මුතුමාලී යළීත් රජ මැදුරට විත් තුලයට උරුම වු කාරියට පේ වුවාය. ඈ පුතෙකු ලද බවත්, නීල වර්ණයෙන් (දැකුම්කළු දිස්න පැහැය) පුර්ණ හැඩමාන වලින් යුතු බවත්, කියාසිටි පියාණන් රජ බව නොකීවාය. මුතුමාලී සියල්ල සගවා තබා ගන්නට වෑයම් කළාය. රජ තෙමේ පුත්‍ර වියෝගය මැද කාලය ගෙවා දැමීය. දොළොස් වියේදී මුතුමාලී තම පුත් "නීල" ව රජ මැදුරට ගෙන රාජකාරියට පැමිණියාය.

    මව රාජකාරි මැද සරණ කල, "නීල" සිත් සේ රජ මැදුරේ සැරීසැරීය. ගජබා එක් දිනක් අහම්බෙන් මේ සුකුමාල පුරුෂ හිරිමලා දුටුවේය. එකල්හී ඔහු හද නතරවුවා වැනි විය. රජක (රදා) පුතෙකු යැයි මෙහොතකටවත් සිතිමට පවා නොහැකිය. ස්වකීය නීල දිප්ත සිරුර සේමය. මල්වතු ඔය තෙප්පලේ පැන්තොටේ මතක පොත අවදිවිය. නමුත් රජ කිසිත් නොසිතා රජ සබය පියමැනීය. මුතුමාලී කිසිත් නොකී බැවින් රජ තමාගේ අනුමානය වැරදි බව සිතීය. එදින එය ‍එසේ වුවත් දෙවන දින රජු දුටුවේ තමා පමණක් ක්‍රියා කිරිමට දන්නා "යගදාව" ක්‍රියාත්මක කිරිමට කවරෙක් හෝ සමත්ව ඇති බවටයි. රජ තෙමේ සැළී ගියේය. විමසිමේදී දැනගත හැකි වුයේ මුතුමාලී ද ඔහු පුත් 'නීල' ද හැර කිසිවෙක් සිරියහන් කුටියට ඇතුළුව නොමැති බවයි. ගජබා හද සැකය තිව්ර විය.

    තෙමේ දිනෙක සැගවී සිට නීලව නිරික්ෂණය කළේය. එකල් හි ඔහු දුටුවේ තමා පමණක් දන්නා ශාස්ත්‍රය නීලද හැදිනගෙන යගදාව ක්‍රියාවට නංවන අයුරුය. එවිට ඔහු තමාට ජාත වු පුත්‍රයා බව දැනගෙන රජ ප්‍රීති වුවද ඉමහත් ශෝකයට පත් විය. තමන්ට ජාතකව රජක (රදා) ළදකට පුත්‍රයෙක් බිහි වි ඇති බව ලෝකයාට කෙසේ පවසන්නේදැයි ඔහුගේ හදවත වේදනාවට පත් විය.

    ඉන්පසු ගජබාගේ සිතුවිල්ල වුයේ "නීල කුමාරයා" තමා අවෑමෙන් රජපත් කිරීමය. සිත් වශී කරන පුරුෂ තේජසින් අනුන නීලව පෙරට ගැනීමේ අදහසින් රජු යගදාව එසවීමේ රාජකීය තරගයක් පැවැත්වීමට තිරණය කළේය. ඒ තමාට හැකි විස්කම යලිත් සිදුකල හැක්කේ තම අනියම් පුතුට පමණක් බව දැනය. යගදාව එසවීමේ උලළේදී නීල යගදාව ඔසවා ජනකාන්ත වුයේය. ඒ සමග "නීල රැල්ලකින්" අනුරාධපුර යුගය මන්මත් විය. රජු මාන බැලුවේ මෙම කුලහීන රදා කතට උපන් තම පුත් කුමරු රජ පත් කර හද රැදි ආශාව කෙසේ හෝ සපුරා ගැනීමටය.

    සොළීන් භාරතයට රැගෙන ගිය තම පුත්‍රයන් නැවත ගෙන්වා දෙන ලෙස ඉල්ලා සිටි ජාතික ව්‍යාපාරයක් මෙම අවධියේදී මතු විය. දොළොස් දහසක් පුතුන්ගේ උරුමය හද කකියවන සිංහල ඉල්ලීමක් විය. ගජබා තෙමේ දකුණු භාරතයට වැද සිංහලයන් ගලවාගෙන ඒමට විරුවෙකුට ආරාධනා කළෞය. රජ පැතුම ඉටු කරමින් නීල පෙරට ආයේය. එකල් හී ගජබා තම පුත්‍රයාට සේනාධිපති තනතුරක් පිරිනැමුවේය. ඉන්පසු භාරතය දිනා එන පුතු යුව රජ කිරිමට ඔහුගේ පැතුම වු අතර එය රජුත් මුතුමාලීත් පමණක් දන්නා රහසක් විය. නීල කුමරා තෙමේ භාරතයට වැද සෝළි පුරය වනසා දොළොස් දහසක් වු සිංහලයන් බේරාගෙන එයට වන්දි ලෙස විසිසතර දහසක් වහල්ලු ද මෙරටට එවුහ.

    නමුත් පුදුමය. නීල කුමරුගේ වශීකෘත තේජසින් වියරු වැටුණු සෝළී අන්ත:පුරයේ කතුන් විත් ඔහුව වට කොට ගැනීමය. කිසිදා ස්ත්‍රි පහසක් නොවැදී මේ මනමත් කුමාරයා පුරුෂ සජිවිත්වයෙන් සොළී කතුන් උමතු වුවාය. බිසෝවරු නීල කුමරුව වට කොටගෙන බලහත්කාරයෙන් රමණයේ යොදවා ගත්තෝය. දහස් ගණනක් බිසෝවරුන්ගේ බලහත්කාර රමණයට පත්ව නීල කුමරු තෙමේ සොළී රජමැදුරේ සිරියහනයේ දී ම මිය ගියේය.

    ගජබා තෙමේද පුතු මල සොවින් මිය ගියේය. නීල කුමරු "නීල මහා යෝධයා" ලෙසද කළු කුමාරයා ලෙසද ජනගතව ඇත්තේය. රජක (රදා) වංශ කතාව නීල කුමරු වංශ කතාව මුතුමාලී නම් තම මිත්තණියකගෙන් ගෙන, පරපුරෙන් පරපුරට දයාද කොට ඇත්තේය. නමුත් ගජබා මේ සා සෝ තැවුලෙන් මිය ගියා.

    -රජස්-
     
    Last edited:

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,862
    31,114
    113
    බලහල්ලකො ඉතිං දෙමළුන්ගෙ අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ ඒකාලෙත් තිබිලනෙ සොළී පුරයම වනසලා 24000ක් වහල්ලු විදිහටත් ගත්ත ඩෑල් එක දෙමළ ගෑනු රමණය කරල මරලදාල:lol:

    පට්ට කතාව මචං රෙප් +
     
    asksajee

    Well-known member
  • Nov 27, 2006
    670
    339
    63
    බලහල්ලකො ඉතිං දෙමළුන්ගෙ අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ ඒකාලෙත් තිබිලනෙ සොළී පුරයම වනසලා 24000ක් වහල්ලු විදිහටත් ගත්ත ඩෑල් එක දෙමළ ගෑනු රමණය කරල මරලදාල:lol:

    පට්ට කතාව මචං රෙප් +

    :lol::lol:
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    බලහල්ලකො ඉතිං දෙමළුන්ගෙ අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ ඒකාලෙත් තිබිලනෙ සොළී පුරයම වනසලා 24000ක් වහල්ලු විදිහටත් ගත්ත ඩෑල් එක දෙමළ ගෑනු රමණය කරල මරලදාල:lol:

    පට්ට කතාව මචං රෙප් +

    :lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    මොකාද මේ ඉතිහාසය කාල තියෙන කාලකන්නියා. මේව මොකුත් නොදන්න උන් කියෙවුවොත් හිතයි ඇත්ත කියල, මොන මිහරක්ද මන්ද මේව ලියන්නෙ.:angry:
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,862
    31,114
    113
    මොකාද මේ ඉතිහාසය කාල තියෙන කාලකන්නියා. මේව මොකුත් නොදන්න උන් කියෙවුවොත් හිතයි ඇත්ත කියල, මොන මිහරක්ද මන්ද මේව ලියන්නෙ.:angry:

    එහෙනං නොදන්න අපිට දැනගන්නත් එක්ක උබ ලියපන්කො ඇත්ත කතාව
     
    rachitha89

    Member
    May 7, 2009
    580
    16
    0

    neela maha yodaya kiyala issara seeya kiyapu kathavak mathak vunaa thanks for bringing back the memory after 20 years :yes::yes:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මොකාද මේ ඉතිහාසය කාල තියෙන කාලකන්නියා. මේව මොකුත් නොදන්න උන් කියෙවුවොත් හිතයි ඇත්ත කියල, මොන මිහරක්ද මන්ද මේව ලියන්නෙ.:angry:
    කියපන් බලන්න උබ දන්න කතාව :lol: :lol: උබ දන්නේ ඉතින් ඔටුන්න හිමි කුමරය ගෑන වෙන්න ඈති :lol::lol:
     
    asksajee

    Well-known member
  • Nov 27, 2006
    670
    339
    63
    කියපන් බලන්න උබ දන්න කතාව :lol: :lol: උබ දන්නේ ඉතින් ඔටුන්න හිමි කුමරය ගෑන වෙන්න ඈති :lol::lol:

    neela maha yodaya kiyala issara seeya kiyapu kathavak mathak vunaa thanks for bringing back the memory after 20 years :yes::yes:

    බලහල්ලකො ඉතිං දෙමළුන්ගෙ අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ ඒකාලෙත් තිබිලනෙ සොළී පුරයම වනසලා 24000ක් වහල්ලු විදිහටත් ගත්ත ඩෑල් එක දෙමළ ගෑනු රමණය කරල මරලදාල:lol:

    පට්ට කතාව මචං රෙප් +

    bump rep ++

    ammatahudu pandukabhana rajjuruwo elakiri awilla :lol:

    මොකාද මේ ඉතිහාසය කාල තියෙන කාලකන්නියා. මේව මොකුත් නොදන්න උන් කියෙවුවොත් හිතයි ඇත්ත කියල, මොන මිහරක්ද මන්ද මේව ලියන්නෙ.:angry:

    එහෙනං නොදන්න අපිට දැනගන්නත් එක්ක උබ ලියපන්කො ඇත්ත කතාව

    Thanks machanla
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    සොලී එවුන් සිංහල කොල්ලෝ පැහැරගෙන යන්නේ ගජබා රජ වෙන්න කලින් කියල මම නම් අහල තියෙන්නේ. කොහොම උනත් රෙප් ++
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    එල :) +5
    නිල මහා යෝධයා ගජබා රජ්ජුරුවන්ගේ පුතා කියල නෙවේ අහල තියෙන්නේ හැබැයි :oo: කොහෙන්ද මචන් මේ කතාව හොයාගත්තෙ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    එල :) +5
    නිල මහා යෝධයා ගජබා රජ්ජුරුවන්ගේ පුතා කියල නෙවේ අහල තියෙන්නේ හැබැයි :oo: කොහෙන්ද මචන් මේ කතාව හොයාගත්තෙ
    කොහෙන් හොයා ගන්නවද මන්ද බන්, ඉතිහාසෙත් කනව මුන්, මේ රටට මොනව වෙන්ඩ යනවද මන්ද.:dull:
     
    asksajee

    Well-known member
  • Nov 27, 2006
    670
    339
    63
    මචං ඉතිහාසය කියන විෂය ඝනවුණ විෂයක් නෙමෙයි. ඒක මචං හැමදාම update වෙනවා අලුත් වෙන විෂයක්. මං මේ දාන දේවල් අපිට නුහුරු වෙන්න පුලුවන් ඒ අපිට උගන්වලා තියන දේවල් එකක්. ඒ උගන්නපු හැම දේම සිලබස් විතරයි.

    කියවපං හොයපං උබලට අහුවෙයි අපේ රටේ සැගවුන ඒ වටිනා ඉතිහාසය. හැබයි මචෝ ලංකාවේ දේශපාලකයන්ගෙන් පරිසම් වෙයං උන් උන්ගේ Agenda වලට ඉතිහාසය ඕන විදියට වෙනස් කර ගන්නවා.

    උබලා අකමැතිනම් කියවන්න එපා මේවා කැමතිනම් මේක කියවල මේකෙන් උත්තේජනයක් අරන් ඒ ගැන හොයපං බොහොම සිම්පල්. ලංකාවේ ඉතිහාසය විසිරිලා තියෙන්නේ ජනකතා, කටවහර, සෙල්ලිපි, මහාවංශය, ළුුපවංශය, එලුඅත්තනගලුවංශය, සන්නස්, ස්තූවංශය, ජානකීහරණ, දළදා සිරිත, ධමමපදට්ඨකථා වගේ ගොඩක් දේවල් අතර.

    දාන දේවල් වලට මචං බැන බැන ඉදලා වැඩක් නෑ බං ඒකයි ලංකාවේ අපි තාමත් එක තැන. මේ දේවල් ගැන හොයපං, හදාරපං, සංවාද කරපං, මං මේ දාන දේවලුත් ඉදිරියෙදි වෙනස් වෙයි අපි අපේ ඉතිහාසය ගැන හැදෑරීම් අනුව
     
    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    මොකාද මේ ඉතිහාසය කාල තියෙන කාලකන්නියා. මේව මොකුත් නොදන්න උන් කියෙවුවොත් හිතයි ඇත්ත කියල, මොන මිහරක්ද මන්ද මේව ලියන්නෙ.:angry:

    machan ethakota atha kathawa mokadda ban...........:lol::lol::lol::lol::lol:
    dannathi hinda ahuwe ban............
    athal ekata ban...........:rolleyes::rolleyes::rolleyes::rolleyes: