01) ඉතිහාසය අපිට නොකී කථා - නීල කුමාරයා
පෙර සටහන:
මං මේ නූල පටන් ගන්න හිතුවේ කලින් නූලක මං "බවාරි" ගැන සටහනක් දැම්මා (http://www.elakiri.com/forum/showthread.php?t=1760349) ඒ දේ පිලිබද එළකිරි මිතුරෙකු අදහසක් දමා තිබුණා "මේ කතාව අපි කවදාවත් අහලා නැත්තේ මොකද? මට හිතා ගන්න අමාරුයි ...." කියලා, මේ ලෙස අපට පෙර පරම්පරාවෙන් නොලද ඒ දැනුම බෙදාගැනීම සදහායි. මෙහි මා දමන සියල්ල මාගේ සමාජ සැරිසැරීම්, සාහිත්‍ය කලා සංවාද හා නොයක් දේවලින් ලබාගත් දේ උපුටාපල කිරීමකි.
ඉතිහාසය අපිට නොකී කථා 01
නීල කුමාරයා
ගජබා මහ රජ (ක්‍රි.ව. 114-136) අයත් වන්නේ ලම්බකර්ණ වංශයටය. ලම්බකර්ණ පෙළපතේ ආරම්භකයන් බෝධිගුප්ත වංශිකයන්ය. බෝධිගුප්ත වංශිකයන් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ රැගෙන සිරි ලක වැඩම කල සංඝමිත්තා මහ රහත් තෙරණියගේ ගිහි කල සැමියාගේ පාර්ශවයෙන් පැවත එන්නේය. ඔවුහු සිරිලක දෙවන රාජ පරපුර වුහ. සිංහ වංශිකයන්ගේ රජ පෙළපත නිමා වීමෙන් පසු මහත් ආයාසයකින් ලම්බකර්ණ වංශිකයෝ රජ කිරුළ ලබා ගත්හ. ලම්බකර්ණ වංශාගමනගේ මුලිකයා ලෙස වසභ රජ (ක්‍රි.ව. 67- 111) හැදින්විය හැක. ළැමැණි වංශයේ රාජගමනය එක් අතකින් වැදගත් ඓතිහාසික මංසන්ධියකි. මන්දයත් ශ්‍රී ලාංකේය ඉතිහාසයේ ලේඛකයන් විසින් පුර්ණව සිදු කරන ලද දේශපාලන විප්ලවය එය වන බැවිනි. සැබවින්ම ළැමිණි රාජාගමනයේ පිතෘත්වයට මංපෙති හෙළි කලේ එකල සිරිලක පුරා පැතිර තිබු සංවිධානාත්මක ලේඛකයන් සත් දහසකගේ බලයයි. එබැවින් ලම්බකර්ණ යුගය හැදින්වීමට "මහා ලේඛක උදානය" නමින් උපනාමයක්ද භාවිතා වෙයි.
වසභ රජ තෙමේ දිප්තිමත් වුද, කිර්තිමත් වුද, පරමාදර්ශි වුද, පාලකයෙකි. ඔහු ඇවෑමෙන් ලම්බකර්ණ වංශයේ කිරුළ හිමිවන්නේ දෙවන වකනාසික තිස්ස කුමරුටය. (ක්‍රි.ව. 111-114) නහය වක් වු තිස්ස ලෙස ජනතාව ඔහු හැදින්වුහ. ඒ ඔහුගේ වක් වු වහසය නිසාමය. තම පිය රජුගේ දිර්ඝ පාලනයෙන් පසු මහළු වියේ රජපත් වකනාස තිස්සගේ රාජ්‍යපද සමය තුන් වසරකට සීමා වු අතර, ඔහුගෙන් පසු ගජබාට රාජ්‍යය පදවිය හිමිවිය. ගජබා තෙමේ සිංහලයන්ට නාවික මුහුදු බලයේ මහිමය කියා දුන් පාලකයා ලෙස ඉතිහාසයේ අගපත්ය. ඔහුගේ භාරත ආක්‍රමණය මහා වීර කතාවකි. නමුදු රජ තෙමේ මේ වීරත්වය මැද මහත් සෝ සුසුම් මැද දිවි ගෙවු අත්මීය අසරණයෙකි. කදුලින් ද, වේදනාවෙන් ද, බර ඔහුගේ අනුවේදනීය කතාවට කන්දෙන්නට සිංහලයන්ට ගෙවී ගිය දෙදහස් වසර පුරාම නොහැකි වී ඇත්තාහ. මන්ද, විරුවන්ට කදුළු අකැපයැයි අප විසින් තනා ඇති අමනුෂ්‍යවාදී රීතී සම්මතය නිසාය.
ඔහුගේ මහා වීරත්වයෙන් උණූසුම් වු හදවත දුක්ඛ, දොමනස්සයන්ගෙන් පිරී තිබුණු බව ඉතිහාස තොරතුරු විමසිල්ලෙන් පරික්ෂා කරන විට පෙනී යයි. වීරයන්ට කදුළු දුක්ඛ, ආවේග අකැප යැයි ඇදහු ඉතිහාසවේදීන්ගේ යුගය අවසන් කල යුතුය. එබැවින් ගජබාගේ ආත්මීය සෝ තැවුලට නිමිත්ත විමසිය යුතුය.
ගජබා ස්වකීය මුත්තණුවන් වු වසභ අභිබවන්නට තරම් වීරත්වයකින් යුතු වුවෙකි. නමුදු ඔහු වේදනා වින්දේ පුතෙකු නැති සොවිනි. තම බිසව වද ස්ත්‍රියකැයි රාජකීය වෛද්‍යවරුන් අභිමුව අනාවරණය වීම ඔහු නොරිස්සුවේය. තමා පුරුෂ බීජාණු සහිත බව පසක් කරවා ගැනීමට ද ඔහු මැළි විය. දරු ඵල නොලැබීමට හේතුව රජු තුලද බිසව තුළදැයි කිසිවෙකු නොදැන සිටියහ. මේ සා ආත්ම ගැටුමකට මැදිව හිදි රජ ස්වකීය පාළුව තනිකම මහා නිර්මාණයක් බිහි කිරිමට යොදා ගත්තේය. ඒ එතෙක් මෙතෙක් සිංහල යුධ ඉතිහාසයහි අසම-සම යුධ අවිය ලෙස ප්‍රචලිත "යගදාව" නිර්මාණය කිරීමය. යගදාව, ගජබා බලයෙන් අසම-සම කළේය. නමුදු ඔහු විදි දුක ඉන් සංසිදි නොගියේය. මේ අතරතුර සිංහල රාජ්‍යය දේශපාලන සුළි කුණාටුවක සිර කරමින් දකුණු භාරතීයෝ විත් මෙරට විසු සවිමත් පුරුෂයන් දොළෙස් දහසක් පැහැරගෙන ගියහ. රජ 'යගදාව' ඔසවා ආඥාව පෑ සැණින් ආක්‍රමණයන් ඉන් නතරව ගියහ. ඒ අතර, පැහැර ගෙන ගිය දොළොස් දහසක් තරුණ උරුමය ස්ව ආත්ම ආභිමානය පිළිබද සිංහලයන්ගේ හද කැළඹු සිදුවීමක් වුයේය.
තැවුලෙන් බරව සිටි ගජබා සද පෑයු රැයක කිසිවෙකුටත් නොකියා රජ මැදුරෙන් නික්ම ගියේය. සද කත්මිණ උතුරන කමණීය රැයේ ඔහු නතර වුයේ මල්වතු ඔය තෙප්පල පැන් තොටේය. රජ තෙමේ සද දිය ගලන රැයේ සිහිල් දියෙන් තෙත් බරිත "මුතුමාලි" දුටුවේය. මුතුමාලි තෙමේ රජ ගෙදර සළු වඩන රජක(රදා) ළදය. කිසිත් නැති ඒ නිසල රැයේ ලිහිල් නිදහස් මිනිහෙකු වු රජ කාම රාග භාවයෙන් උද්දීපනය විය. රජක ළද අතුරූ සළුව මත ඈ සමග සැනහී තෙප්පලේ දී රාග පවස නිවා ගත්තේය. කාලය ගෙවි ගියේය. මුතුමාලි රජ ගෙදරට නොපැමිණියාය. රජ මැදුරැ සළු වඩන්නීය ප්‍රසුත නිවාඩු ගෙනය. මේ අතරින් රාජ්‍ය යළි ව්‍යාකූල වෙමින් සකුණු භාරතීය වෙළද අක්‍රෙමණය බලවත්ව නැගී සිටියේය. ඔහු නාවීක යාත්‍රා මත නැගී සිංහලයන්ගේ පපුව ඔද-තෙද වඩා වීරත්වයෙන් ආඪ්‍ය කළේය.
මුතුමාලී යළීත් රජ මැදුරට විත් තුලයට උරුම වු කාරියට පේ වුවාය. ඈ පුතෙකු ලද බවත්, නීල වර්ණයෙන් (දැකුම්කළු දිස්න පැහැය) පුර්ණ හැඩමාන වලින් යුතු බවත්, කියාසිටි පියාණන් රජ බව නොකීවාය. මුතුමාලී සියල්ල සගවා තබා ගන්නට වෑයම් කළාය. රජ තෙමේ පුත්‍ර වියෝගය මැද කාලය ගෙවා දැමීය. දොළොස් වියේදී මුතුමාලී තම පුත් "නීල" ව රජ මැදුරට ගෙන රාජකාරියට පැමිණියාය.
මව රාජකාරි මැද සරණ කල, "නීල" සිත් සේ රජ මැදුරේ සැරීසැරීය. ගජබා එක් දිනක් අහම්බෙන් මේ සුකුමාල පුරුෂ හිරිමලා දුටුවේය. එකල්හී ඔහු හද නතරවුවා වැනි විය. රජක (රදා) පුතෙකු යැයි මෙහොතකටවත් සිතිමට පවා නොහැකිය. ස්වකීය නීල දිප්ත සිරුර සේමය. මල්වතු ඔය තෙප්පලේ පැන්තොටේ මතක පොත අවදිවිය. නමුත් රජ කිසිත් නොසිතා රජ සබය පියමැනීය. මුතුමාලී කිසිත් නොකී බැවින් රජ තමාගේ අනුමානය වැරදි බව සිතීය. එදින එය එසේ වුවත් දෙවන දින රජු දුටුවේ තමා පමණක් ක්‍රියා කිරිමට දන්නා "යගදාව" ක්‍රියාත්මක කිරිමට කවරෙක් හෝ සමත්ව ඇති බවටයි. රජ තෙමේ සැළී ගියේය. විමසිමේදී දැනගත හැකි වුයේ මුතුමාලී ද ඔහු පුත් 'නීල' ද හැර කිසිවෙක් සිරියහන් කුටියට ඇතුළුව නොමැති බවයි. ගජබා හද සැකය තිව්ර විය.
තෙමේ දිනෙක සැගවී සිට නීලව නිරික්ෂණය කළේය. එකල් හි ඔහු දුටුවේ තමා පමණක් දන්නා ශාස්ත්‍රය නීලද හැදිනගෙන යගදාව ක්‍රියාවට නංවන අයුරුය. එවිට ඔහු තමාට ජාත වු පුත්‍රයා බව දැනගෙන රජ ප්‍රීති වුවද ඉමහත් ශෝකයට පත් විය. තමන්ට ජාතකව රජක (රදා) ළදකට පුත්‍රයෙක් බිහි වි ඇති බව ලෝකයාට කෙසේ පවසන්නේදැයි ඔහුගේ හදවත වේදනාවට පත් විය.
ඉන්පසු ගජබාගේ සිතුවිල්ල වුයේ "නීල කුමාරයා" තමා අවෑමෙන් රජපත් කිරීමය. සිත් වශී කරන පුරුෂ තේජසින් අනුන නීලව පෙරට ගැනීමේ අදහසින් රජු යගදාව එසවීමේ රාජකීය තරගයක් පැවැත්වීමට තිරණය කළේය. ඒ තමාට හැකි විස්කම යලිත් සිදුකල හැක්කේ තම අනියම් පුතුට පමණක් බව දැනය. යගදාව එසවීමේ උලළේදී නීල යගදාව ඔසවා ජනකාන්ත වුයේය. ඒ සමග "නීල රැල්ලකින්" අනුරාධපුර යුගය මන්මත් විය. රජු මාන බැලුවේ මෙම කුලහීන රදා කතට උපන් තම පුත් කුමරු රජ පත් කර හද රැදි ආශාව කෙසේ හෝ සපුරා ගැනීමටය.
සොළීන් භාරතයට රැගෙන ගිය තම පුත්‍රයන් නැවත ගෙන්වා දෙන ලෙස ඉල්ලා සිටි ජාතික ව්‍යාපාරයක් මෙම අවධියේදී මතු විය. දොළොස් දහසක් පුතුන්ගේ උරුමය හද කකියවන සිංහල ඉල්ලීමක් විය. ගජබා තෙමේ දකුණු භාරතයට වැද සිංහලයන් ගලවාගෙන ඒමට විරුවෙකුට ආරාධනා කළෞය. රජ පැතුම ඉටු කරමින් නීල පෙරට ආයේය. එකල් හී ගජබා තම පුත්‍රයාට සේනාධිපති තනතුරක් පිරිනැමුවේය. ඉන්පසු භාරතය දිනා එන පුතු යුව රජ කිරිමට ඔහුගේ පැතුම වු අතර එය රජුත් මුතුමාලීත් පමණක් දන්නා රහසක් විය. නීල කුමරා තෙමේ භාරතයට වැද සෝළි පුරය වනසා දොළොස් දහසක් වු සිංහලයන් බේරාගෙන එයට වන්දි ලෙස විසිසතර දහසක් වහල්ලු ද මෙරටට එවුහ.
නමුත් පුදුමය. නීල කුමරුගේ වශීකෘත තේජසින් වියරු වැටුණු සෝළී අන්ත:පුරයේ කතුන් විත් ඔහුව වට කොට ගැනීමය. කිසිදා ස්ත්‍රි පහසක් නොවැදී මේ මනමත් කුමාරයා පුරුෂ සජිවිත්වයෙන් සොළී කතුන් උමතු වුවාය. බිසෝවරු නීල කුමරුව වට කොටගෙන බලහත්කාරයෙන් රමණයේ යොදවා ගත්තෝය. දහස් ගණනක් බිසෝවරුන්ගේ බලහත්කාර රමණයට පත්ව නීල කුමරු තෙමේ සොළී රජමැදුරේ සිරියහනයේ දී ම මිය ගියේය.
ගජබා තෙමේද පුතු මල සොවින් මිය ගියේය. නීල කුමරු "නීල මහා යෝධයා" ලෙසද කළු කුමාරයා ලෙසද ජනගතව ඇත්තේය. රජක (රදා) වංශ කතාව නීල කුමරු වංශ කතාව මුතුමාලී නම් තම මිත්තණියකගෙන් ගෙන, පරපුරෙන් පරපුරට දයාද කොට ඇත්තේය. නමුත් ගජබා මේ සා සෝ තැවුලෙන් මිය ගියා.
-රජස්-

Last edited:

+5
කොහෙන්ද මචන් මේ කතාව හොයාගත්තෙ 