සක්‍රියතා ශේණිය කියන්නෙත් මේකටද ?![]()
මචන් මේක ගැන දැන් පොත් වල හොයාගන්න අමාරුයි....මේකයි සීන් එක.....අපි දන්නවා කාර් වල වගේම් ගොඩක් බැටරිවල තියෙන්නේ සල්ෆියුරික් අම්ලය.....<H2SO4>
මේ මම කියපු විද්යුත් රසායනික ශ්‍රේණියටත් පදනම වෙන්නේ සක්‍රීයතා ශ්‍රේණියේ මැද කොටසේ ලෝහ දෙකක් සල්ෆියුරික් අම්ලය එක්ක ප්‍රතික්‍රියා කරලා එන විභව අන්ත්‍රය....හරි මෙහෙමයි සීන් එක....
අපි සක්‍රීයතා ශ්‍රේණිය ලිව්වොත් මේ වගේ නෙහ්.
---
K <
Na < ඉහල ලෝහ
Ca <
---
Mg <
Al <
Zn <
Fe < මැද ලෝහ
Sn <
Pb <
---
H
---
Cu <
Hg <
Ag < පහල ලෝහ
Pt <
Au <
හරි....දැන් මම මේ විද්යුත් රසායනික ශ්‍රේණියට ගන්නේ ඔය "මැද ලෝහ" කියන කොටස(තව ලෝහ තියෙනවා...මට ඔප්පු කරන්න පුලුවන් ලේසිම ලෝහටික ගත්තේ
)වැඩේ මෙහෙමයි.....අපි සල්ෆියුරික් අම්ලය බීකරයකට අරගෙන Mg Al Zn Fe Sn Pb කියන ලෝහ වලින් පිරිසිදු කොටස බැගින් ගන්නවා....ඒ කියන්නේ 6cm වගේ පොඩි මහත පටි කෑලි....පස්සේ ඔය අපි ගත්ත ලෝහ පටි වලින් කැමති ලෝහ වර්ග දෙකක පටි දෙකක් අරගෙන එව්වල කෙලවරකට මස්බන්දක කම්බි සෙට් කරලා සල්ෆියුරික් අම්ල බීකරයේ ගිල්වනවා....මස්බන්දක කම්බිවල අනිත් කෙලෙවර අපි Multi meter එකකට සෙට් කරනවා... ඒ ඒ ලෝහ යුගල් වලට එක එක විභව අන්තර තියෙනවා....

මේක මම කරලා තියෙනවා මචන්.
....මට ආපු result එක මම පල්ලෙහයින් දාන්නම් 
දැන් තියරිය....>>



1.ලෝහ යුගලයෙක් ශ්‍රේණියේ ඉහල ලෝහය ඍණ අග්‍රය වෙනවා...පහල එක ධන අග්‍රය වෙනවා..
2.ලෝග දෙක අතර පරතරය වැඩී නම් ලැබෙන විභවයිද වැඩී....
3.ඈත ලෝහ දෙකේ විභව අන්තරය ඒ අතර ලෝහයන්ගේ විභව අන්තරයන් වල එකතුවට සමාන වේ..
4.සල්ෆියුරික් අම්ලය හමුවේ එක් ලෝහයකින් අනිත් ලෝහයට ඉලෙට්‍රෝන මුදාහැරීමේ හැකියාව අනුව, ලෝහ 5ක් සම්බන්දව (මම කලේ ලෝහ 5කින්...තව තියෙනවා
) ගොඩනගා ගත් ශ්‍රේණිය විද්යුත් රසායනික ශ්‍රේණියයි.....දැන් අපි විද්‍යාඥයන් මෙහෙම පරීක්ෂණ කරලා හොයාගත්ත සම්මත විද්යුත් රසායනික ශ්‍රේණිය මෙහෙමයි....
K +2.92v
Ca +2.87v
Na +2.71v
---
Mg +2.34v
Al +1.67v
Zn +0.76v
Fe +0.44v
Sn +0.36v
Pb +0.26v
---
H 0.000(මේ පරීක්ෂණයේදී ලෝහයක් විදිහට මේක ගන්න බෑ)
---
Cu -0.345v
Hg -0.800v
Ag -0.850v
Pt (------)
Au -1.50
හම්මේ අතත් රිදෙනවා.


...මම හිතනවා තේරුනා ඇති කියලා.....


















"Li+ + e- > Li -3.04v යි කියන්නෙ ඇයි? සෘණ අගයක් වුණේ ඇයි කියලත් කියල දෙන්ඩ.."
ඒක මෙහෙමයි මචන්.....
අපි ඒකට මේ කියලා තියෙන පරීක්ශනයෙම තියෙන ලෝහ ටිකක් ගමු...
Cu & Zn
මම ඉස්සරලා කිව්ව කිව්වා ශ්‍රේණියේ ඉහල ලෝහ ඍණ අග්‍රය වෙනවා කියලා....ඒ කියන්නේ මචන් Zn ඍණ අග්‍රය වෙන ලෝහය/Cu ධන අග්‍රය වෙන ලෝහය.....අපි දැන් මේ ලෝහ දෙක ඉස්සරලා වගේ සල්ෆියුරික් අම්ලගේ ගිල්වලා බැලුවොත් අපිට මල්ටිමීටරයෙන් ලැබෙන්නේ ධන අගයක්....හරියටම් කිව්වොත් 1.06v වගේ.....
ඒ ඇයි...?
මේන්න මේකයි..... අපි මේ පරීක්ෂණය කරනකොට දකිනවා Zn තහඩුව විකාදනය වෙනවා....ඒ කියන්නේ Zn පරමානු > Zn අයන බවට පත් වෙනවා..( මූලද්‍රව්‍ය පරමානු අයන බවට පත්වීමට ඉලෙක්ට්‍රොන මුදාහැරිය යුතුය)..
Zn >> 2e - Zn2+
ඒ අයන අපේ H2SO4 බීකරයටයි එකතු වෙන්නේ.....ඉතින් මේ ඉලෙක්ට්‍රොන ටික කොහෙද යන්නේ......එන්න එතනයි වැඩේ තියෙන්නෙ.....ඒ ඉලෙක්ට්‍රොන ටික Zn තහඩුව දිගේම ඉහලට නගිනවා.....


......මුලින් ගිය ඉලෙක්ට්‍රොන අලුතින් එන ඉලෙක්ට්‍රොන වලින් තල්ලු වෙනවා...මොකද ඉලෙක්ට්‍රොන කියන්නේ ඍණ ආලෝපිත අංශු.....ඒක නිසා එක ලග තියෙන අංශු විකර්ශනය වෙනවා.....මේ මම කියපු ඉලෙක්ට්‍රොන පීඩනයට අපි විද්යුත් ගාමක බලය හෙවත් වෝල්ටීයතාව කියලා කියනවා......හරි මේ ඉලෙක්ට්‍රොන තොගයම දැන් සම්බන්දක කම්බි වලින් මල්ටිමීටරය හරහා Cu තහඩුවට එනවා.....දැන් ඇයි ඒ Cu තහඩුවට එන්නේ ?? ඒක වෙන්නෙ මෙහෙමයි....සංවෘත්ත පරිපතයක් නම් එක අග්‍රයකින් ඉලෙක්ට්‍රොනයක් ඇතුල්කරපු ගමන්ම අනිත් අග්‍රයෙන් ඒක පිට වෙන්න ඕනි....ඒකයි මෙතනත් වෙන්නේ...මෙහෙම Zn වලට වගේම් Cu වලටත් ඉලෙක්ට්‍රොන මුදාහැරීමේ හැකියාවක් තියෙනවා....ඒත් වැඩි බලයක් මෙහෙයවන්න පුලුවන් Zn වලටයි..ඒකනිසා මෙතනදි මල්ටිමීටරයෙන් මැනෙන්නේ Cu තහඩුවේ විභවය අභිබවා Zn තහඩුවේ විභවයයි.....ඒක +1.06v කියලා පෙන්වනවා......අපි ඔතනදි අග්‍ර දෙක මාරුකරලා ගත්තොත් අපිට එන්නේ ඍණ අගයක්....ඒ කියන්නේ -1.06v........
තේරුනා කියල හිතවා මචන්.....







Last edited:



