එහෙම හිතන උන් ඉන්නවා මචන් ගොඩ දෙනෙක්...අතේ තියෙන සල්ලි ටික වැඩි කරගන්න ක්‍රමයක් හිතන්නේ කිහිප දෙනයි...එකයි හැමදාම මධ්‍යම පන්තිය පිරිස වැඩිපුර ඉන්නේ..සල්ලිකාරයෙක් වෙන්න හිතක් පහල වෙන්නත් පිනක් ඕනේ...FD දාල ජොබ් එකක් කරන ඉන්නවා කියල හිතන්නෙපා බන්...ජොබ් එකක් කරන ගමන් අතේ තියෙන සල්ලි වලින් තව සල්ලි හොයන්න ක්‍රමයක් හිතන එක හොද දෙයක්...
FD දැම්මම සල්ලි ටික කවදාහරි දවසක තියෙනවානේ කියල හිතෙනවා තමයි...එත් එක තේරුමක් නැහැ..හිතපන දැන් අතේ තියෙනවා ලක්ෂයක්...ඕක FD දාල එනවා සොච්චම් පොලියක්...අවුරුදු 3,4කට පස්සේ ලක්ෂේත් ඉතුරුයි තමයි...එත් හිතපන් අවුරුදු 4කින් ලක්ෂයක වටිනාකමයි, දැන් ලක්ෂයක වටිනාකමෙයි වෙනස...
අනිවාර්යෙන් තව අවුරුදු 4කින් ලක්ෂයක වටිනාකම සෑහෙන්න අඩු වෙනවා...එතකොට අර FD තිබ්බ ලක්ශේ අතට හම්බුනා කියල ලැබෙන දෙයක් නැහැ...ඊට වඩා හොදයි ඔය ලක්ෂය මොනවට හරි යොදවල ඕක වැඩි දියුණු කරගන්න එක...ඒක සමහර විට උබට නෙමෙයි, උබේ ළමයින්ට වටීවි...ජොබ් එක කරන හිටියොත් උබට ජීවත් වෙනකන් දෙයක් තියෙයි...උබේ දරුවෝ වෙනුවෙන් මොනවද තියෙන්නේ?
මම කලින් වැඩ කරපු තැන බොසා මචන් එහෙම දියුණු වෙච්ච පොරක්...මම ඒ කොම්පැනියේ වැඩට යනකොට එක පටන් අරන් අවුරුදු 4යි

මිනිහ කියනවා අවුරුදු 4කට කලින් මිනිහ ගත්තේ 40,000 පඩියක් කියල..එත් ඌ ජොබ් එකෙන් අයින් වෙලා ගෙදර ගෑනිට වත් කියන්නේ නැතුව හොරෙන් ප්ලේස් එකක් අරන් බිස්නස් එක කරලා තියෙනවා..දැන් මිනිහගේ ලග 30+ විතර වැඩ කරනවා...එතන ගොඩක් එවුන් මාසෙකට ලක්ශේ පන්නල පඩි ගන්නවා...මිනිහට කෝටි ගානක වෙනම ඔෆිස් එකක් තියෙනවා මිනිහගේ නමට කොල්ලුපිටියේ..බිස්නස් එකටම වාහන 10, 12ක් තියෙනවා...බෙන්ස් එකක් තියෙනවා...කොහොමද වැඩේ...මේ මම කියපු හැම දේම ඇත්ත මචන්...මම මේවා දියුණු වෙච්ච හැටි ඇස් දෙකට දැක්ක කෙනෙක් එතන වැඩ කරන ගමන්...මම යනකොට තිබුනේ වාහන 4ක් වගේ...ඒ අවුරුදු 2,3ට සැහෙන්න දියුණු උනා...දැන් තවත් ඇති...
ඌත් ඔහොම හිතන් හිටිය නම් තාම ඌ අර පඩියට වැඩ කරනවා...උවමනාව තියෙනවා නම් කරන්න බැරි දෙයක් නැහැ..ලක්ෂයක් වැඩිත් එක්ක...