10ක්_රොහලේ -10ක් පොලිසියේ
සයිටම් විරොධීන් හඹා යමින් සිටින පොලිසිය පස් වැනි වතාවටත් විහාර මහා දේවි උද්‍යානයට කඳූළු ගෑස් ගසමින් විරෝධතාකරුවන් හඹා යන්නට විය.
මෙලෙස කඳුළු ගෑස් ගැසීම නිසා උද්‍යානයේ සිටි සාමන්‍ය ජනතාව ද මහත් අපහසුතාවට පත් විය.
උද්‍යානයේ ආපන ශාලාවේ සහ වැසිකිළිවල ජලය කපා හැර ඇති අතර විහාර මහා දේවී උද්‍යානයට කඳුළු ගෑස් ගැසීම සම්බන්ධයෙන් එහි සිටි සාමාන්‍ය වැසියෝ පොලිසියට දෝෂාරෝපණය කළහ.
එහෙත් ඒ බව තඹයකට මායිම් නොකළ පොලිසිය ආපන ශාලා තුළට මෙන්ම වැසිකිළිවලට ද කඳුළු ගෑස් ගසමින් විරෝධතාකරුවන් එළියට ගැනීමට උත්සහ කළේය.
කඳුළු ගෑස් නිසා අපහසුතාවට පත් ජනයා උද්‍යානයේ පොකුණුවලින්ද මුහුණු සෝදාගැනීමට උත්සුක වනු පෙනිණි.
කොළඹ කොටුවේ සිට පැමිණි සයිටම් විරෝධීන් වන අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය ඇතුළු පිරිස පුරහල දෙසට පැමිණීමත් සමගින් පුරහල ඉදිරිපිට මාර්ගය මාර්ග බාධක යොදා වසා දමන ලදි.
පුරහල ඉදිරිපිට පොලිස් කැරලි මර්දන රථ නවතා ඇති අතර කොළඹ නියෝජ්‍ය පොලිස්පතිවරයා විරෝධතාකරුවන්ට උසාවි නියෝගයක් පෙන්වූවේය.
Lankadeepa

අන්තරේ අන්දරේලාට 