10 Rules Of Success - සාර්ථකත්වයේ නීති 10

sankaja

Well-known member
  • Dec 11, 2008
    1,211
    317
    83
    10 Rules Of Success - සාර්ථකත්වයේ නීති 10

    Andrew Carnegie 1848 දී ඇමෙරිකාවට පැමිණෙන විට ඔහුගේ නමට ඩොලර් එකක් තරම් වත් වටිනාකමක් තිබුනේ නැත. නමුත් 1901 වන විට ඔහුලොව ධනවත්ම මිනිසා විය.:yes:

    andrew-carnegie-5.jpg

    Andrew Carnegie

    ඔහුගේ කීර්තියේ උපරිම අවස්ථාවේදී, සාර්ථක වූ මිනිසුන් ගේ කථා කීමට සහ ලිවීමට උනන්දුවක් දැක්වූ, Napoleon Hill නම් තරුණ මාධ්යවේදියෙකු ඔහු වෙත ළඟා විය.:cool:

    1908 දී Napoleon Hill ගැන පැහැදෙන Andrew Carnegie, ඔහුව ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක් හා පරාර්ථකාමි පුද්ගලයෙකු බවට පත්කල සියලු උපාය මාර්ග ලේඛනගත කිරීමට Napoleon Hill ට අවසර ලබා දෙනවා.:shocked:

    Napoleon Hill 1937 දී ලේඛනගත කෙරු "Think and Grow Rich" නම් ග්‍රන්ථය ලෝකයේ වැඩියෙන් විකිණෙන ග්‍රන්ථයක් බවට ද පත් විය.:oo:

    Napoleon Hill ඔහුගේ වෘත්තීය ජීවිතය "සාර්ථකත්වය" පිළිබඳ ලිවීමෙන් ආරම්භ කරන අතර, Andrew Carnegie විසින් ඔහුට ලබාදුන් "10 Rules of Success" Napoleon Hill ගේ වෘත්තීය ජීවිතයේ අඩිතාලමද විය.:yes:

    මෙහි දැක්වෙන්නේ Napoleon Hill ගේ "The Science of Success" ග්‍රන්ථයෙහි දැක්වෙන Andrew Carnegie ගේ "10 Rules of Success" නම් නීති වල සාරංශයකි.


    1. ඔබගේ අරමුණ අර්ථ දක්වන්න.
    -ක්‍රියාකාරී සැලැස්මක් ගොඩනඟා වහාම එය දෙසට වැඩ කිරීම ආරම්භ කරන්න.-

    2. තීක්ෂණ බුද්ධිය සමඟ සබඳතාවක් ගොඩනඟා ගන්න .
    -ඔබ ළඟ නොමැති හැකියාවන් ඇති අය සමඟ සම්බන්ධ වන්න, සහ වැඩ කරන්න-

    3. අතිරේක සැතපුමක් ගමන් කරන්න.
    -ඔබ කළ යුතු දේට වඩා වැඩිපුර වැඩිකිරීම නිසා ඔබ කල දෙය යුක්තිසහගත වනවා හෝ ඔබට උසස් වීමකට ලඟා විය හැකිවනවා සහ ඔබට වගකීමක් දැරිය හැකි බව අවබෝධ වනවා.-

    4. "විශ්වාසය" තබාගැනීමට පුහුණු වන්න.
    -ඔබ සම්පූර්ණයෙන්ම විශ්වාසයෙන් යුතුව කටයුතු කරන බව, ඔබව හා ඔබගේ අරමුණ ගැන විශ්වාස කරන්න.-

    5. පෞද්ගලිකව පියවර නඟන්න.
    -ඔබට කිරීමට ඇති දේ අන් අයට පවසන් නැතුව කරන්න.-

    6. ඔබේ අදහස් සහ මනංකල්පිත වලට ඉඩ දෙන්න.
    -ඔබ දැනටමත් කළ දේ ඉක්මවා සිතා බලන්න.-

    7. බලවත් උනන්දුවක් යොදවන්න.
    -ධනාත්මක ආකල්ප ඔබව සාර්ථකත්වය සඳහා ගෙනයන අතර, අන් අයගේ ගෞරවයද දිනා ගත හැක.-

    8. නිවැරදිව සිතන්න.
    -ප්‍රබන්ධ වලින් කරුණු වෙන්කරගැනීමට ඔබට ඇති හැකියාව සහ ඔබේම ගැටළු වලට අදාලව භාවිතා කිරීමේ හැකියාවයි.-

    9. ඔබේ උත්සාහය කෙරෙහි අවධානයයොමුකරන්න.
    -ඔබ දැනට කරගෙන යන වඩාත්ම වැදගත් කාර්යයෙන් ඈත් නොවන්න.-

    10. විපත් වලින් ලාභ ලබාගන්න.
    -"සෑම පසුබෑමක් සඳහාම සමාන ප්‍රතිලාභයක් තිබේ" යනුවෙන් මතක තබාගන්න.-



    Bump එකක් දාගෙන හෝ යමු....​
    ජයවේවා!


    ජීවිතය වෙනස් කළ හැකි වැකි 16ක්
    රටවල් 40 ක කාන්තාවන්
    සමාජීය සහ නුතන ගැටළු
     
    Last edited: