වැස්සක සේයාවක් උදේ ඉඳලා තිබ්බත් වහියි කියලා හීනෙන් වත් හිතපු නැති වෙලාවක, ලැප්ටොප් එක පැත්තකින් තියලා පාරට බැස්සෙ හෙට පෝය නිසා බාර් එකට යන්න වත්, ඡන්දෙ ලකුණු කරන්න බෝල්පොයින්ට් පෑනක් ගන්නවත් නෙමෙයි...
ගෙදර නිර්මාංශ කෑමකට ගන්න සෝයාමීට් එකකුත් පරිප්පු ටිකකුත් ගන්න මතක් උන නිසා. අමුතු පුරුද්දක් උනත් කාලයක් තිස්සෙ තිබ්බ ගතිය එක පාරම ලැප්ටොප් එකේ ඇන්ඩ්‍රොයිඩ් එමියුලේටරේටත් ඉහළින් මතු උනා. වැඩ කරන්න පස්සෙ පුළුවන් පස්සෙ, හෙට කන්න දේවල් ගන්න ඕනි හිතමින් එළියට බැස්සෙ, කම්මැළිකමෙන් ෆෝන් එකට තට්ටු කරලා uber එකක් බුක් කරන ගමන් බාටා කෑලි දෙක දෙපතුලට දවටමින් මයි.
වැස්සක් වැහැලා පෑව්වත්, වහින්න වගේ අහස වළාකුළු වලින් පිරුණත් අතුරුදන් වෙන uber, pickme ටැක්සි වලට පින්සිද්ධවෙන්න පයින්ම හන්දිය පැත්තට සේන්දු වෙන්න ගත්තෙ ඒක එච්චරටම සාමාන්‍යකරණය වෙලා තිබ්බ නිසා.
හෝන් එකකුත් ගහල, පාර අයිනට වෙන්න ස්ලෝ කරපු ත්‍රීවීල් මල්ලි කෙනෙක් නවත්තලා අයියා මේ පැත්තෙමද අහනවා... උතුර දකුණ මාරු වෙන තරමට ඉකමණින් වෙච්ච මේ සිද්ධිය වෙද්දි මම හිටියෙ හන්දියෙ කීල්ස් එකට තරමක් කිට්ටු කරලා.
සාමාන්‍ය ත්‍රීවිල් කාරයෙක්ය කියන්න පුළුවන් මේ තරුණ මලයා මගෙන් අහනවා, මම මේ පැත්තෙමද කියලා.. හයර් එකක් ගන්න එහෙම ප්‍රශ්න කරන්නෙ නෑ කියලා සැණෙන් මතක් උන මගේ මූණෙ ඉරියව් දැකල වෙන්න ඕනි, මෙන්න මෙහෙම අහනවා... නෑ නෑ අයියෙ සල්ලි ඉල්ලන්න නෙමෙයි, පොඩි උදව්වක් ඉල්ලන්න කියලා.... උදව්වක! සල්ලිත් නෙමෙයිලු... ම්ම්ම්... මම නිශ්ශ්බ්දයි, ත්‍රීවීල් මල්ලි දිගටම කතා කරනවා...
මේකයි උනේ, අයියට කියන්න මහ කාළකණ්ණි දෙන්නෙක් එක්ක පිළියන්දල ඉඳලා රත්මලානට හයර් එකක් ඇවිත් උන් හයර් එක නොදී පැන්නා.... පුළුවන් නම් දැන් මට 100 ක පෙට්‍රල් ටිකක් ගහල දෙන්න...
ම්ම්... මේකා සල්ලි ඉල්ලන්නෙත් නෑ, 100 ක පෙට්‍රල් ගහල දෙනවද නැද්ද කියල හිතපු මම, නිකමට වගෙ ඇහැව්ව කෝ ඉතින් පෙට්‍රල් ශෙඩ් එකක් නෑනෙ මේ හරියෙ කියල මෙන්න මේකා ඒ ගමන් කියනව ඌට හරියටම මීටර් 500ක් විතර කලින් පාස් උනාලු ශෙඩ් එකක්. මාව කියන් ඕනි තැනකට දාන්නම් කියලත් පොරොන්දු උනා... හරි, දැන් නම් මේකා තනිකරම ඇත්ත කියන එකෙක් නෙමෙයි, කපටියෙකුත් වගේ කියල හිතුනත් පෙට්‍රල් 100ක ගහල දුන්නම පුද්ගලයගෙ හැසිරීම මොකද්ද බලන්න උපන් ආශාවටම ත්‍රීවීල් එකට නැගලා හරි එහෙනම් යමු කියන පමාවට රථය පණගන්නවපු ත්‍රීවිල් මල්ලි එක්ක ඒ පොඩි දුරට මම ඇහැව්වෙ ප්‍රශ්න දෙකක් වගේ...
1. මේ කියන විදිහට සිද්ධිය උන තැන ඉඳලා කිලෝමීටර 4 -5 අතර දුරක් එනකල් උදව් ඉල්ලපු එකම කෙනා මාඅද කියන එක.
2. ඔහොම පෙට්‍රල් ඉවර වෙනකල් දුවලා, හයර් එකෙන් පෙට්‍රල් ගහන්න තරම් රස්සාවක් විදිහට ඔය කර්මාන්තෙ කරන පුද්ගලයෙක්ට ආදායමක් නැද්ද කියන එක.
ඒ ප්‍රශ්න වලට දීර්ඝ උත්තර දීපු ත්‍රීවීල් මල්ලි, උකස් කඩයක් පෙන්නල මෙන්න මේකට ෆෝන් එක උකස් තිබ්බ කියපු එකෙන් තිබ්බ චූටිම චූටි විශ්වාසෙ පළුදු උනත් ඒ වගක් අඟවන්නෙ නැතුව ශෙඩ් එකට ගිහින් 200ක ම පෙට්‍රල් ගහල දීල මම යන්නම කියල පිටත් උනේ.. කියපු විදිහට මම කියන තැනකට ගෙනිහින් දාන පොරොන්දුව මතක කරපු ත්‍රීව්ල් මල්ලිගෙ බලවත් පෙරැත්තය පවා ඉවත දමමින්.
මේ සිද්ධියෙ මම කැමැත්තෙන්ම රැවටුණා කියල මම හිතුවත්, ඒ කොහොමද කියළා මටවත් තවම හිතාගන්න බෑ. පදිංචිය වගේ දේවල් නම ගම හරිද බලන්න ල්යිසන් එක බැලුවත්, ඒ ඔක්කොම හරියටම කිව්ව දේවල් වලට ගැලපුණා...
ශෙඩ් එකත් එක්ක එකතු වෙලා වංචාවක් කරයිද කියලත් සැක හිතුණ නිසා මම මීටර් එක පවා චෙක් කරගෙනමයි හිටියෙ.
මේකෙ දෙවෙනි කොටසකුත් තියෙනව... ඒක වෙනම ලියන්න හිතනව.
මේක්ම හරි, මීට සමාන සිද්ධ් වෙලා තියෙනවද කාටහරි..?