100%ක LC තැන්පතුවක් - වාණිජ නොවන වාහන ආනයනය කරද්#
වාණිජ නොවන වාහන ආනයනය කරද්දී 100%ක LC තැන්පතුවක්
වාණිජ කටයුතු සඳහා භාවිතයට ගනු ලබන රථ වාහන හැර සියළු අනෙකුත් රථ වාහන ආනයනයන් සඳහා වාණිජ බැංකුවල ණයවර ලිපි (LCs) විවෘත කිරීමේදී සියයට සියයක (100%) ආන්තික මුදල් තැන්පතු අවශ්‍යතාවක් වහාම ක්‍රියාත්මක වන පරිදි පැනවීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර තිබේ.
මේ අනුව, එම රථවාහන කාණ්ඩ ආනයනය කිරීමේදී, ණයවර ලිපි විවෘත කිරීම සියයට සියයක අවම මුදල් ආන්තිකයක් යටතේ පමණක් සිදුකළ යුතු බව මහ බැංකුව පවසයි.
සාර්ව ආර්ථික ස්ථායීතාවට තර්ජනයක් විය හැකි මෑත කාලීන ප්‍රවණතා පදනම්ව මෙලෙස ආන්තික මුදල් අවශ්‍යතාව පැනවීමට තීරණය කර ඇති බවද මහ බැංකුව පවසයි. මෙම ප්‍රවණතාවන් ලෙස, මෑත කාලීන ගෝලීය මූල්‍ය වෙළෙඳ පොළ උච්චාවචනය සහ නැගීඑන වෙළෙඳ පොළ ආර්ථිකයන්ගේ ව්‍යවහාර මුදල් මත ඇති වී තිබෙන පොදු පීඩනය, විදේශ විනිමය අනුපාතිකය - පොලී අනුපාතික සහ අයවැය ක්‍රියාමාර්ග සම්බන්ධව ඉදිරිකාලයේ ඇති විය හැකි වෙනස්වීම් පිළිබඳ අනිසි පුරෝකථන හේතුවෙන් අඛණ්ඩව අධික ලෙස මෝටර් රථ ආනයනය කිරීම ආදී කරුණු මහ බැංකුව දක්වා සිටියි.
ආන්තික තැන්පතු අවශ්‍යතාවක් පැනවීම මෙන්ම මෝටර් රථ ආනයන මත පනවන ලද බදු සම්බන්ධයෙන් රජය මගින් දැනටමත් ගෙන ඇති පියවර මගින්ද අත්‍යවශ්‍ය නොවන මෝටර් රථ ආනයනය සීමාවනු ඇති බවත්, එමඟින් ගෙවුම් තුලනයෙහි ජංගම ගිණුම මත හා විනිමය අනුපාතිකය මත ඇති වී තිබෙන පීඩනය ලිහිල්වනු ඇති බවත් ශ්‍රී ලංකා මහ බැංකුව අපේක්ෂා කරයි.

kohomath 100% CIF ekata LC danne.