1000cc register කරන්න දෙනවද ලංකාවේ

naveenenushan

Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    1000cc register කරන්න දෙනවද ලංකාවේ

    මචන්ලා මට දැනගන්න ඕනි 1000 cc එන්ජිනේ moto bike register කරන්න පුලුවන්ද කිල ලංකාවේ :baffled::baffled:

    කලින් ආරංචියක් ගිය පුළුවන් කිල. බට් හරියටම දන්නේ නැති නිසයි අහන්නේ. ගැසට් එක හොයාගන්න පුලුවන්නම් ගොඩක් හොදැයි.
     
    Last edited:

    YoungWeezy

    Well-known member
  • Apr 4, 2012
    4,029
    499
    83
    danata genalla thiyena bike vitharak reg karanna puluwan kiyala kiuwa kohomada danne na hariyatama
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    පුලුවන් ඕක කරන්න විදි තුනක් විතර තියන්ව

    1. ආරක්ශක අමාතයන්ශයෙන් විශේස අවසරයක් ලබා ගැනීම
    මේකෙදි යාලු කිසිදු නීති විරොධී දෙයක් වෙන්නෙ නෑ මොබට අදිවේගි යතුරු පැදියක් අවශය ඇයි කියල දන්නුවහම ඔවුන් ඒකාරනය සොයාබලන්ව බලල අවශ්ය කරුනු සපුරා තියන්වනම් ඔබට විශේස අවසරයක් ලැබේවි හැබැයි මේක ඉතාම සංකීරන ක්‍රමයක් තාම මේක්‍රමයට අවසරයක් ගත්ත එකෙනෙක් ගැන මම අහල නෑ බෝහෝ විට මේක්‍රමය නමට විතරක් තියන එකක් විදිහට තමා තියෙන්නෙ

    2. රේසින් යතුරු පැදි දාවකයෙකු වීම
    මේ ක්‍රමයනම් අනිව ඔබට බලපත්‍රයක් ගන්න පුලුවන් ඒත් බයික් එක පාරෙ පදින්න බෑ..
    මේකෙදි කරන්න ඕනෙ රේසින් ලයිසන් එක අරගන්න ඕනෙ අරගෙන සුපර් බයික් ඉවෙන්ට් එක කරන්න කියල විශේස බලප්‍රත්‍රයක් ලබා ගන්න ඕනෙ කලින් කිව්ව වගේ මෙතනදි ලියාපදිංචියක් වෙන්නෙ නෑ වෙන්නෙ ඔබට අදිවේඩ්ගි යතුරු පැදියක් තියාගන්න බලප්ත්‍රයක් ලබා දීම පමනයි.. ට්‍රැක්වල පැද්දට පාරෙ පදින්න බෑ..( මදුරංග කල්දේරගෙ ඇක්සිඩන්ට් එකෙන් පස්සෙ මේක ගොඩක් තදින් බලනවා)

    3. 250cc ලෙස ලියාපදිංචිකිරීම

    ලංකාවෙ තියන්ව 400cc 600cc 1000cc බයික් ගොඩක් රෙජිස්ටර් කරල තියෙන්නෙ මේවිදිහට මේක නීත්යානුකූල ක්‍රමයක් නෙමේ සාමාන්යයෙන් 400cc එකක් 250cc රෙජිස්ටර් කලත් පොඩි පොඩි අවුල් එනව දන්න එකාට දැක්ක ගමන් කියන්න පුලුවන් මේක 250 නෙමේ කියල එන්ජින් එකේ සයිස් එකෙන්.. නිකන් හරි මාට්ටු උනොත් අනිව බයික් එක රාජ සන්තක කරන්ව....
     

    dhananjaya2007

    Active member
  • Feb 15, 2008
    421
    82
    28
    මචං දැන් ලංකාවේ 450 වෙනකන් නීතියානුකූලව බයික් ලියාපදිංචි කරන්න පුළුවන්. ඒ සඳහා කිසිඳු විශේෂ අවසරයක් අවශ්‍ය නැහැ. මේ සීමාව 650 තෙක් ඉහල නංවීම සඳහා පහුගිය දවස්වල සාකච්චා පැවැත්වූවා ඒවාට මොනවා වුනාද කියල මම දන්නේ නැහැ. මුලින්ම යෝජනාව ගෙන ආවේ 1000 දක්වාම ඉහල දැමීමටයි එහෙත් පොලිස් දෙපාර්තමේන්තුව සතුව 1000 මාදිලියේ බයික් ඉතාම සීමිත ගණනක් පමණක් ඇති නිසා 650 දක්වා සලකා බැලීමටයි යෝජනා වෙලා තිබ්බේ.