siri24 said:
වව්නියාවට පහර දීමට එල්.ටී.ටී.ඊ. ය ගත් උත්සාහය ව්*යර්ථ කෙරේ
වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයට සහ වව්නියාව ගුවන් හමුදා කඳවුරට පහර දීමට එල්.ටී.ටී.ඊ. ත්*රස්තවාදීන් අද (සැප්තැම්බර් 09) උදෑසන දැරූ උත්සාහයක් සාර්ථකව ව්*යර්ථ කිරීමට ආරක්ෂක අංශ සමත් වූ බව වව්නියාවෙන් ලැබෙන අළුත්ම වාර්තා සඳහන් කරයි. වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය වන්නි මෙහෙයුමේ සියලුම කටයුතු පාලනය කෙරෙන ප්*රධාන ස්ථානයයි.
ත්*රස්තවාදීන් ගොඩබිම් ප්*රහාරයක් සහ කාලතුවක්කු ප්*රහාරයක් එකවර දියත් කරමින් ඒ අතර වාරයේ ගුවන් ප්*රහාරයද එල්ල කළ බව වාර්තා තව දුරටත් සඳහන් කරයි. මොවුන්ගේ ප්*රහාරයේ ප්*රධාන අරමුණ වී ඇත්තේ වව්නියාව ගුවන් හමුදා කඳවුරට ප්*රහාර එල්ල කිරීම බව තහවුරු *වී ඇත.
ත්*රස්තවාදීන් කාලතුවක්කු ප්*රහාරය යුද හමුදා කඳවුරට එල්ල කරමින් යුද හමුදාවෙන් එල්ල විය හැකි ප්*රතිප්*රහාර අඩපණ කිරීමට උත්සාහ දරණ අතරතුර ගුවන් හමුදා කඳවුරට ගොඩබිම් ප්*රහාරය එල්ල කළ බව වව්නියා වාර්තා සඳහන් කරයි. නමුත් කාලතුවක්කු ප්*රහාර හමුවේ නොසැලී ඉදිරියට ගමන් කළ යුද හමුදා භට පිරිස් ගොඩබිම් ප්*රහාරය එල්ල කළ ත්*රස්තවාදීන්ට සාර්ථක ප්*රතිප්*රහාර එල්ල කර ඇත. යුද හමුදා ප්*රහාරයෙන් මිය ගිය කොටි ත්*රස්තවාදීන් 10 දෙනෙකුගේ සිරුරු මේ වන විට සොයා ගැනීමට හැකි වූ බව වන්නි වාර්තා තව දුරටත් සඳහන් කරයි.
මේ අතරතුර එල්.ටී.ටී.ඊ. ත්*රස්තවාදීන්ගේ සැහැල්ලු ගුවන් යානා දෙකෙන් එක් යානාවක් මුලතිව් අහසේදී විනාශ කර දැමීමට ගුවන් හමුදාව සමත් විය.
එල්.ටී.ටී.ඊ. කාලතුවක්කු ප්*රහාර වලින් යුද හමුදා සෙබලුන් 10 දෙනෙකු සහ පොලිස් නිළදාරියෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර යුද හමුදා සෙබලුන් 15 දෙනෙකු සහ පොලිස් නිළධාරීන් 08 දෙනෙකු තුවාල ලබා ඇතැයි වාර්තා වැඩි දුරටත් සඳහන් කරයි.