11 වසර අතරින් පතර...
මේ තියෙන්නේ මම මගේ 11 වසර පන්තියෙදි ඇඳපු චිත්‍ර එකතුවක්. 11 වසරෙ සමස්ථයම මෙතන නෑ. ඒත් හොඳ නරක දේවල් සියල්ල අතරින් සියයට 90ක් විතර මෙතන තියෙනවා. මේ අතර ගොඩක් ඒව දෙන ලද මාතෘකා වලට ඇඳපුවයි. මීට වඩා ඇඳල තිබුණත් දැන් ඒ පොත් වලින් හොයාගන්න තිබුණෙ මේ පොත විතරයි.

සමහර චිත්‍ර ගොඩක් අවුල්. මොකද පාට වල රසායනික ද්‍රව්‍ය ස්කෑනරයෙදි පරාවර්තනය වෙලා කළුවටයි ඇවිත් තියෙන්නේ... කරන්න දෙයක් නෑ ඒකට.

මේක මගේ පරීක්ෂණයක්. මේ වගේ ඒව කට්ටිය දැකලත් ඇති. කොහොම වෙතත් මට මේක අළුත් දෙයක්. මේ අදහස මුලින්ම ඇවිත් සෑහෙන්න කල්. ඒත් චිත්‍ර ටික ලඟපාත තිබුණෙ නෑ ඒ වෙද්දි. අපේ සිංහල කොල්ලගේ සිත්තර පිටුව පටන්ගන්න අදහස ආවෙත් මේක කල්පනා කරද්දියි. ඒ හුයේත් මේ ටික දාන්න හිතේ තියෙනව හිමිහිට.
සමහර චිත්‍ර ගැන කිවයුතු යම් යම් දේවල් මම කියල තියෙනව. ඒවත් රසවත් වෙයි ඔයාලට. කොහොම වුණත් මේව සිරා චිත්‍ර නෙවෙයි දැන් ඒ දිහා බලද්දි මට හිතෙන විධියට... ඒත් අවුලක්ම නෑ...
බලල කියන්නකෝ...

____________________________________________________________________
මේ ගෝත්‍රික බෝට්ටු සාදන්නො හොඳේ...

_____________________________________________________________________
මේක ටිකක් සංකේත වලට බර කලා... ධීවර ජීවිතය කියල නම දීල තියෙන නිසා මිස නැත්නම් මේක මොකක්ද කියලා හිතාගන්න බැරි වෙයි.
_____________________________________________________________________
මේක සංගීත කාමරෙන් ඉල්ලගෙන බලාගෙන ඇඳපු එකක්. චිත්‍ර පන්තියම මේක ඇන්දා තම තමන්ගෙ පොත් වල. මම නිකන් ජොලියට sepia කියන tone එක දැම්මා පසුව.
_____________________________________________________________________
මෙයා ගැන නම් සිත්තර පිටුවෙ තියෙනවා.
_____________________________________________________________________
නිකන් කුරුටුගාන එක පුරුද්දක් වෙලා තිබුණ ඒ කාලෙ. ඒවගේ පිටුවක් පුරා කුරුටු ගෑවුණ අවස්ථාවක් තමයි මේ. යම් යම් දේවල් උත්සාහ කරපු කටු සටහන් ටිකක් ඇත්තටම.
_____________________________________________________________________
මේක ඇන්දෙ සිඟන පවුලක් වගේ මාතෘකාවකට වෙන්න ඇති. මතක නෑ.
දැන් බලද්දි මට නම් හිතුණෙ එහෙම.
ඔයාල හිතන්නෙ මේ මොකක්ද? _____________________________________________________________________
මට මතක විධියට මෙයා නැටුම් විෂය කරපු කෙනෙක්. සෞන්දර්යය විෂයන් වලදි සංගීත නැටුම් සෙට් එකම ඒ ඒ අංශ වලට අයිති පන්ති කාමර වලට ගියා. චිත්‍ර කරපු පන්තියේ 3/4 ක්ම පන්තියෙමයි හිටියේ. දවසක් නැටුම් සර් නැතිව නැට්ටුවො ටික පන්තියෙ හිටියා. ඒ වෙලාවෙ සර් මෙයාව බලෙන් ඇදගෙන අපි ලවා ඇන්දෙව්වා.

_____________________________________________________________________
මේක නම් ස්කෑන් වෙද්දි චොර වෙලා. මේක බලු රේස් එකක්! මේ දවස් වල අපි හැමෝම දුවන වර්ගයේ එකක්.

මේක මට හිතිල ඇඳුනු පින්තූරයක් මගේ දැනටත් හොඳම යාළුවෙක්ගෙ. රැවුලක් නම් ඒ දවස්වල තිබුණෙ නෑ. ඒත් මම එයාට රැවුලක් දැම්මා...

හැමෝම දන්නවනේ අපි නොදන්න චෙස් ක්‍රීඩාව? මේ ඉන්නෙ චෙස් ක්‍රීඩකයෙක්...

හෙ හේ...
මේ අනේමන්දා එක.
පැවතුන එකක් නෙවෙයි. ඒත් දෙකේ පාදයේ 0 සහ 1 සංකල්පය වරින් වර හිතට ගේන්න සමත්වුණ එක්කෙනෙක්. අන්තිමේ තවත් අනේමන්දා එකක් වුණා.
මේ චිත්‍රය ගොඩාක් පස්සෙ ඇඳපු එකක් මට මතක විධියට.
_____________________________________________________________________
උණගස් හෝ වෙනත් ආශ්රිත මාතෘකාවක් තමයි මේක අඳින්න මුල් වුණේ. අලේ වන්දා අපේ සර්ලටත් හිතෙන මාතෘකා. ඒ ඒ හැඟීම අනුව වර්ණ සංකලනය කරන්න අපව පුරුදු කරවන්නයි එයාල උත්සාහ කලේ. මන්දා එහෙම වෙලාද කියල.

පිටස්තර පිස්සුව ඒ දවස්වල ටිකක් ෆැෂන් එකක් වුනාද මන්දා. X files හෙම ඉරාගෙන බලනවනේ තාමත්... කොහොම හරි තේරෙන කාලෙක ඉඳන් මේ ටිකක් මල විකාර අදහස ඔළුවෙ තිබුණා. ඒ ගැන හිතල ඇඳපු තවත් කුරුටු එකතුවක්. හැඳි එක්ක පිස්තොලයි චාලි චැප්ලින්ගෙ තොප්පියකුයි තියෙනවා..

මේ නම් මී හරක්! මගේ නෑයො ටික තමයි...

කැටයිම්ලියන් කියන බ්‍රෑන්ඩ් එකේ අත් ඔරලෝසු වලට කරපු ඇඩ් එකක් තමයි මේ. අර පිටස්තර පිස්සුවේ තවත් අවස්ථාවක්...

මේක මේ නැටුම් අංශයෙන් ඉල්ලන් ඇඳපු එකක්.

මාතෘකානුකූලයි. ගෙවල් හදන සෙට් එකක්!

නම නැත්නම් හිතාගන්න බෑනේ...

මේ චිත්‍රය ගොඩාක් පස්සෙ ඇඳපු එකක් මට මතක විධියට._____________________________________________________________________