119 නං දන්නේ නැහැ , කොළොඹ වෙර්ල්ඩ් ට්රේඩ් සෙන්ටර් එකට කොටි ගහපු වෙලාවේ මගේ ලොකු මාමා එතකොට හිටියේ එතන .....එයා එකේ එතකොට වැඩ කරන්නේ මම එතකොට පොඩි එකා මම ඕනි නං 1 වසරේ නැත්තන් දෙක වසරේ , මටත් ලොකුවට මතක නැහැ , හැබැයි පව්ලේ ඔක්කොම පත්තු වෙච්ච දවසක්...
ඒ දවස් වල අපිට ලොකු පොත් කඩයක් ඒ එක්කම එකටම යා වුනු ටීවී , ෆිල්ම්ස් කඩයකුත් තිබ්බා ටීවී එකේ හැම වෙලාවේම ප්රවෘර්ති දාල තිබ්බට අපේ කඩේ පොඩි රේඩියෝ එකකුත් දාලා තිබ්බා. එතකොට මම හිතන්නේ මල්ලි හුගක් චුටි අම්මා එයාව වඩා ගෙන හිටියේ .......එක පාරට රේඩියෝ එකේ ගියා කොළොඹ වෙර්ල්ඩ් ට්රේඩ් සෙන්ටර් එකට ගැහැව්වා කියලා, විනාඩි 10 ක් ගියේ නැ කට්ටියම පිරුනා අපේ කඩේට , ඒ දවස් වල අපි දන ගෙන හිටියා ලොකු මාමත් එහෙ තමා වැඩ කියලා , අම්මට ඒ බයටද මන්ද එක පාරටම අඩන්න ගත්තා, මට අම්මගේ සද්දේ ඇහුනේ නැහැ , වඩා ඉන්න මගේ මල්ලිගේ අත් දෙකේ වතුර වගේ දැක්කම තමා මට හිතුනේ අම්ම අඩලා කදුළු වැටිලා ......(පව් කියල හිතුන මට දැන් ඒවා මතක් වෙද්දී)
අපේ ගෙවල් වලට ඒ දවස් වල ෆෝන් තිබ්බේ නැහැ , තිබ්බේ ආච්චිලාගේ ගෙදෙට්ට විතරයි , තව අපේ කඩේ එකක් තියෙනවා ඉතින් වැඩ වලට,.. මේක වෙච්ච වෙලාවේ ඉදලා ඔකේ රින්ග්ස් යනවා යනවා යනවා එවරයක් නැහැ.....තාත්තා ඉතින් අන්ස්වර් කරනවා
"නැහැ නැහැ එයාගෙන් තාම ආරංචියක් නැහැ" කියලා ෆෝන් එක තියනවා .....
කට්ටියම බලාගෙන හිටියේ ලොකු මාමාගෙන් කෝල් එකක් එනකන්.
ඔය අතර තුර පුන්චිත් ආවා අපේ කඩේට ගෙදර ඉදන් බල ගෙන ඉන්න බැහැ කියලා......
හවස 3 ට 4 ට වගේ ලොකු මාමාගෙන් කෝල් එකක් ආවා .....මට ප්රශ්නයක් නැහැ මම අසරණ මිනිස්සුන්ට උදව් කරනවා කියලා ....
කොහොමත් ලොකු මාමා එහෙම එක්කෙනෙක් බල්ලෙක් දැක්කත් කෑම එකක් දාල එන මනුස්සයෙක් හරියට හිත උණුවෙන ජාතියේ කෙනෙක්, ,,,,,,,,,
කොහොම හරි ලොකු මාම හැම සතියෙම මහා ගෙදර එන හින්ද සිකුරාදා අපි ඔක්කොම ගිහිල්ලා නැවතිලා හිට්යේ මහා ගෙදර , මම දැක්කා ලොකු මාමා එනවා ඇවිල්ලා කට්ටියම බදා ගෙන හුගක් වෙලා කතා කර කර හිටියා මම ඔය මෙලෝ මල දානයක් දන්නේ නැහැ හරකා වගේ පුටුව උඩම නින්ද ගිහිල්ලා.
තව විස්තර තියෙනවා , දාන්න බයයි මේ ලබ්බේ රිපෝර්ට් වෙයි කියලා .....