මට මේ කතාව කිව්වේ නිමල් අයියා. නිමල් අය්යා බස් ඩ්රයිවර් කෙනෙක් .කොලඹ අනුරාධපුර බස් එක්ක තමා වැඩ. සමහර කට්ටිය මේ කතාව එක එක විදියට අහල ඇති.ඔහෙ කියලා දානවා.
නිමල් අයියා කියන විදියට සිද්දිය වෙලා තියෙන්නෙ තව බස් ඩ්රයිවර් කෙනෙක්ට. මෙකයි සිද්දිය.ටිකයි, සරලයි.
නිමල් අයියගෙ බස් එක තේ බොන්න නවත්තලා.බස් එක නවත්තලා විනාඩි පහක් විතර යනකොට ඊලගට ආපු බස් එක පට්ට ස්පීඩ් එකෙන් ඇවිල්ලා එකපාරට තේ බොන හෝටලේ ඉස්සරහා නැවැත්තුවා. නවත්තපු ගමන් බස් එකේ ඩ්රයිවර් බස් එකෙන් බැහැලා නිමල් අය්යා හිටපු පැත්තට පට්ට කලබලෙන් දුවගෙන එනවා.
"නිමල් අයියා නිමල අයියා...." පොර හෙනම කලබලෙන් ඈත ඉඳන්ම කෑ ගහනවා.
"මොකෝ බං බෙරිහන් දෙන්නෙ" නිමල් අයියා ඇහුවා.
"දැං මේ හරියෙන් වැලි අදින ටිපර් එකක් ගියාද? කහපාට එකක්."
"මට මතක විදියට නං නැ.කෝකටත් අහපන් මුදලාලිගෙන්. මොකෝ උනේ. බස් එකේ වැද්දුවද?"
අනික් ඩ්රයිවර් මේලො සිහියක් නැතුව කියවනවා "මගේ එකේ වැද්දුවෙ නෑ. ඌ පුට්සයිකල් කාරයෙක් යටකරන් ආවෙ.සුවර් එකටම හංදියේන් වමට දාල යන්න ඇති. ෂික් මට මිස් උනානෙ ඌව...ෂික්."
"ඉතින් උඹ පොලිසියට කිව්වෙ නැද්ද?"
"මොන..... පාරෙ එක පොලිස්කාරයෙක් නෑ, අනික මම මේ ලෝඩ් එකත් පටවං ආපහු තඹුත්තේගම පොලිසියට යන්නැයි."
"ඉතින් උඹ අර හදිසි ඇමතුම් අංකෙද මොකක්ද එකටවත් කතාකරන්න එපැයි බං" නිමල් අයිය කිව්වා.
"වන් වන් නයින්ද? සිරාවට මට වන් වන් නයින් කතාකරන්න හිතුනා, ඒත් නොම්මරේ මතක තිබ්බේ නෑ."

Source: http://www.thelastrow.net/archives/445