13 ක්‍රියාත්මක කරන්නේ කවුද? ඇ‍යි? නලීන් ද සිල්වා

U.N.C.L.E

Well-known member
  • Jul 21, 2021
    1,473
    2,241
    113
    මේකේ පොඩි ඇත්තකුත් තියෙනවා කියලා හිතෙනවා...

    ජේ ආර් යටත්වීම

    මෙරට ඊනියා දෙමළ ප්‍රශ්නය බිහි කර වර්ධනය කෙළේ ලන්දේසීන් හා ඉංගිරිසින්. සිංහලයන් අතර කුල පීඩනයක් නිර්මාණය කෙළෙත් ඔවුන්. 1947න් පසු ඉන්දියාවත් කලාපයේ තම ආධිපත්‍යය ඇති කර ගැනීම සඳහා එය යොදා ගත්තා. අද එය ඉන්දු බටහිර දේශපාලනයක් බවට පත් වී තියෙනවා. බටහිර දේශපාලනය විසින් තම කාර්යය වූ ක්‍රිස්තියානි නූතනත්ව ආධිපත්‍යය පිහිටුවා සිංහල බෞද්ධ සංස්කෘතිය දුර්වල කිරීම හැකි නම් නැති කිරීමට මෙරට පළමුවෙන් කුමාරස්වාමි ප්‍රභාකරන් පවුල ප්‍රධාන වෙල්ලාලයනුත් පසුව ප්‍රභාකරනුත් යොදා ගැණුනා. ඊනියා ඩයස්පෝරාව ප්‍රධාන වශයෙන් එංගලන්තයෙන් නඩත්තු වෙන්නක්.

    අපට ප්‍රභාකරන්ගේ දෙමළ ත්‍රස්තවාදය පරාජය කරන්න පුළුවන් වුණා. එහි ක්‍රියත්මක වූ ප්‍රධාන ම දෙදෙනා අද දේශපාලනයෙන් ඉවත් කෙරි අවසන්. එ මහින්ද හා ගෝඨාභය. ඉන්දු බටහිර දේශපාලනය සමත් වෙලා තියෙනවා ඒ දෙදෙනා රටට වින කළ දෙදෙනකු ලෙස හඳුන්වා දෙන්න. කොටි ත්‍රස්තවාදය පරාජය කරමින් අවුරුදු පන්සීයකට පමණ පසු රටේ ස්වාධීනත්වය වෙනුවෙන් ඉහළ ම සේවය කළ දෙදෙනා එසේ හොරුන් ලෙස හංවඩු ගසා දේශපාලනයෙන් ඉවත් කෙරීම මෙරට කිසිවකුගේ වැඩක් නො වෙයි. එය තනිකර ම ඉන්දු බටහිර දේශපාලනයේ වැඩක්. අද පඬි නැට්ටන් කියන්නේ මා මහින්දගෙ රෙද්දෙ දේශපාලනයක් කියවනවා කියා. ඔවුන් නියම බුද්ධිමතුන් වෙන්න ඇති.

    කවුරු හරි මට තේරුම් කරල දෙනවා ද මහින්ද හා ගෝඨාභය දේශපාලනයෙන් ඉවත් කෙරෙන්නටත් බැසිල් ඉවත් නොකෙරෙන්නටත් හේතුව කුමක් ද කියලා. මහින්ද හා ගෝඨාභය බැසිල්ට වඩා හොරකම් කළා ද? රාජපක්‍ෂලා අතරින් වැඩියෙන් ම ජාතිකත්වයක් බැසිල්ට තියෙන නිසා ද? අදටත් ඔහු ද්විත්ව රටවැසියකු නිසා ද? සිංහලයන් අවිචාර වූ තරමට ඉන්දු බටහිර දේශපාලනයට වාසයි. බැසිල්ට හරි නාමල්ට හරි මගේ කිසිම පක්‍ෂපාතීත්වයක් නැහැ. එහෙත් පඬි නැට්ටන්ට අනුව මා රාජපක්‍ෂලාට කඩේ යන්නෙක්. ඔවුන්ගෙ රෙදි හෝදන්නෙක්. සිංහලයන්ගේ තරම පෘතුගීසීන් ද හොඳින් දැන සිටි බව පැහැදිලියි. ඔවුන්ට වඩා උපක්‍රමශීලී වූ ඉංගිරිසින් හා ලන්දේසීන් (ඕලන්දක්කාරයන් අද කියන විධියට නම් නෙදර්ලන්ත ජාතිකයන්) සිංහලයන්ගේ තරම පෘතුගීසීන්ට වඩා හොඳින් දන්නවා.

    අද වන විට මෙරට දෙමළ ජතිවාදය පරාජය වී අවසන්. දෙමළ ජාතිවාදයට තවත් නැගිටින්න බැහැ. මතවාදී වශයෙනුත් ඔවුන් දැන් පරාජය වෙලා. දෙමළ ජාතිවාදය මෙරට දේශපාලනයේ ප්‍රශ්නයක් නො වෙයි. එසේ නම් මේ දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය මුළුමනින් ම ක්‍රියාත්මක කිරීමට රනිල් උත්සාහ කරන්නේ ඇයි? සුමන්තිරන් වෙනුවෙන් ද? ඔහුගේ හිතේ සමහර විට පොන්නම්බලම් කුමාරස්වාමි පවුලේ සාමාජිකයන් ගැන සෙනෙහසක් ඇති. ඔහු අගමැති ව සිටි කාලයේ අර ස්වෛරි බැඳුම්කර අනුව ඉතා වැඩි පොළියට ඩොලර් ණයට ගත් ඉන්ද්‍රජිත් කුමාරස්වාමි ඒ පවුලේ කෙනෙක්. මගේ මිත්‍රයකු වූ ඩී එම් ස්වාමිනාදන් හා විග්නේස්වරන් ද ඒ පවුලේ. රනිල් කියනවා අපි ඔක්කොම සිංහල කියා. ඔහු මානවම්ම රජු ගැන දන්නවා. බොහෝ සිංහලයන් මානවර්මන් (මානවම්ම) ගැන දන්නේ නැහැ. ඉතින් රනිල් සිංහල නො වෙයි ද? මා නම් මානවම්ම ගැන දන්නේ මා නොවම්ම කෙනකු ලෙස. රනිල් තමා බලයට පත්කළ පරගල සැලසුම්කරුවන්ට අවශ්‍ය දේ කරනවා.

    දෙමළ ජාතිවාදය බටහිරයන්ගේ නිර්මාණයක් වුණා වගේ ම පළාත් සභා ඉන්දු බටහිර දේශපාලනයේ නිර්මාණයක්. එය 1987 ඉන්දු ලංකා ගිවිසුමේ ප්‍රතිඵලයක්. එකල මෙරට ඉන්දීය මහා කොමසාරිස් වුණේ ඩික්සිත්. ඔහු ජේ ආර් ජයවර්ධනගේ අමාත්‍ය මණ්ඩල රැස්වීම්වලට පවා සහභාගි වුණා. ඔහු මෙරට වයිස්රෝයි කෙනකු, නැත්නම් රාජ්‍යයක් වෙනුවෙන් විජිතයක ආධිපත්‍යය දරන්නකු, බවට පත් වුණා. ඉන්දු ලංකා ගිවිසුම ඉන්දියාව අප යටත්විජිතයක් ලෙස තබා ගැනීමට දරණ වෑයමේ එක් සන්ධිස්ථානයක් පමණයි. එයට පෙර ඉන්දිරා ගාන්ධිගේ කාලයේදී පරතසාරති මෙරටට පැමිණ ජේ ආර්ට බලපෑම් දැම්මා. ඉන් පසු තිම්පු සාකච්ඡා ආදිය ඉන්දියාවේ බලපෑම යටතේ තිබුණා.

    අවසානයේ දී ලංකාවේ ඊනියා සාමයක් ඇති කිරීම සඳහා යැයි කියමින් ඉන්දු ලංකා ගිවිසුම 1987 ජූලි මාසයේ දී ජේ ආර් අත්සන් කළා. ඒ ජේ ආර් ඉන්දියාවට යටත් වීම. එහි ප්‍රතිඵල ලෙස තමයි අර ඉන්දීය සාම සාධක හමුදාව ආවෙත් පළාත් සභා ඇති කෙළෙත්. ඉන්දියාව ඉන්දු ලංකා ගිවිසුම අනුව වැඩ කෙළේ නැහැ. ඔවුන් ගිවිසුම උල්ලංඝණය කළා. ඔවුන් ඇති කළ සාමයක් නැහැ. අඩු තරමෙන් ප්‍රභාකරන් නම්මා ගැනීමට ඉන්දියාවට නො හැකි වුණා. ප්‍රභාකරන් ඉන්දියාවේ නිර්මාණයක් වුවත් (ඔහු චෙන්නායි හි පුහුණු වුණා) ඉන්දියාවට ඔහු කීකරු වුණේ නැහැ. ඔහු රජිව් ගාන්ධි ඝාතනය කිරීමට පසුබට වුණේ නැහැ. අවසානයේ දී ප්‍රභාකරන් පරාජය කෙළේ මහින්දගේ දේශපාලන නායකත්වයෙන්. එහි දී ගෝඨාභයගේ කළමනාකාරීත්වය මෙන් ම සරත් ෆොන්සේකාගේ හමුදා මෙහෙයවීම කරන්නාගොඩ දුන් සහාය ආදිය බලපෑවා.

    ඒ ජයග්‍රහණය ඉන්දු බටහිර දේශපාලනයේ දරුණු පරාජයක්. ඔවුන් අපට ඒ සම්බන්ධයෙන් කිසිම සමාවක් දෙන්නේ නැහැ. ඊනියා මානව අයිතිවාසිකම් කඩවීම් කතා, දරුස්මාන් වාර්තාව හා තවත් ප්‍රබන්ධ ජෙනීවා සම්මේලනයේ අවුරුද්දට දෙවතාවක් කරන පහර දීම්, මහින්දට හා රණවිරුවන්ට සම්බාධක පැනවීම්, ගෝඨාභයට විසා නොදීම් ආදිය තවමත් කෙරී ගෙන යනවා. පළාත් සභා මුළුමනින් ම ක්‍රියත්මක කිරීම ඉන්දු බටහිර දේශපාලනයේ තවත් අංගයක් පමණයි.

    අප බොහෝ දෙනකුට අමතක වුණාට පළාත් සභා පනත සම්මත කර ගත්තේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ආකරයකට. ඒ විස්තර පසුවට.

    පසුවදනක්ඃ මා කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ බෞද්ධ සංගමය ඉදිරියේ කරන කතාව හුදෙක් ඒ විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධියක් ලබාගත් මොරටුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු උපාධිධාරියකුගේ ආරාධනයෙන් දැන හැඳුනුම්කම් මත කෙරෙන්නක් පමණයි.

    නලීන් ද සිල්වා
     
    • Like
    Reactions: neo7x

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    දෙයියො අරන් එන්නෙ මහින්ද සුද්ද කරන්න :lol:
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,304
    1
    59,402
    113
    Kaduwela
    නලින් ද සිල්වා කියලා දැක්ක නිසා කියවන්න ගියේ නෑ.
    ඔය වගේ මහාචාර්ය පකයලා නිසා තමයි වැඩි හරියක්ම කෙළවුණේ.
    දැක්කනේ වියත්මග, රසායනික පොහොර තහනම, LRT එක කැන්සල් කරපු හැටි එහෙම.
    නලින් ද සිල්වා ගේ ගොබ්බ තියරි හොදයි බේරේ බයියන්ගේ හිත් සනවන්න.
    අරහෙන් මෙහෙන් මහප්‍රාණ අකුරු දාලා අන්තිමට කියන්නේ විමල් හරි, මහින්ද චින්තනය හරි කියලා.
    කවුරු හරි මුට තේරුම් කරන්න නෙමෙයි කවුරු හරි මුට හොද පොලු පාරාවල් දෙක තුනක් දෙන්න ඕනි ඔලුව චප්ප වෙන්න.
    ද සිල්වා වාසගම තියාගෙන අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ ගැන කතා කරන්න එනවා 🤡
     
    • Like
    Reactions: ubba91

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,797
    9,183
    113
    වාර්ගික පදනමින් පොලිසි ඩිස්ක්‍රිමිනේෂන් එකක් ලංකාවෙ තිබ්බ කියල නලින් හිතන්නෙ නෑ. එතනින් එහාට මනුස්සයා වාර්ගික ගැටලුව ගැන කතා කරන දේවල් සීරියස් ගන්නෙ කොහොමද අපි. එහෙම එකක් තිබ්බ කියල නොපිළිගන්න මනුස්සයෙක්ට දෙමළ ජාතිකවාදයක් ඇතිවෙන්න සුජාත හේතු පේනවද. දෙමළ ප්‍රජාවෙ ජාතිවාදය, ජාතිකවාදය ඔය ඔක්කොම තියෙනව. මේ ගැටලු වලට මේන්ලෑන්ඩ් ඉන්දු දේශපාලනයෙ බලපෑම මේව ඔක්කොමත් ඇත්ත. හැබැයි මේ එකක්වත් ඇත්ත ගැටලුව වහන්න තරම් ප්‍රමාණවත් නෑ. අපි සියඹලා ගෙනල්ලම නෑ වගේ මේ නාකි හමා කතා කරන්නෙ.

    කොච්චර ඉන්ටලෙක්චුවලයිස් කරන්න හැදුවත් නලින්ට ක්ලැසික් dravidian hate එකක් තියෙනව. දහතුනෙන් ඉන්ද්‍රජිත් කුමාරස්වාමි ගැන කන්ස්පිරසියක ට පැනල මානවම්මගෙ ද්‍රවිඩ බවක්* ගැන අඟවල එයා ඔය වචන වලින් ට්‍රේස් කරන්නෙ එයාගෙම අවිඥාණික අගතිය.

    (*මානවම්ම ඇත්තටම ද්‍රවිඩ වෙන්නත් පුලුවන්. එයාගෙ මිලිටරියෙ බොහෝ දෙනෙක් සහ කෝර්ට් එකේ සමහර අය ද්‍රවිඩ මර්සනරීස් ලා. හැබැයි ස්වෛරී බව රැකගන්න ඉහළ තනතුරු සිංහල අයගෙන් පිටට නොයා උපායමාර්ගිකව තියාගත්ත බවටත් ප්‍රසිද්ධයි. නලින්‍ට අනුව එහෙම බැලුවොත් දෙවන ලම්භකණ්ණ ඩයිනස්ටියෙ පයනියර්, දුටුගැමුණුට පස්සෙ රජරට සාර්ථකම රජා දෙමළ කෙනෙක්. පංකාදුයි!)
     
    Last edited:

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    නලින්ද බෙසිකය ආයෙත් ඇවිත් ද එලියට? :lol:
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    normally diga rachana dakkoth, issella balanne liyapu eka kawuda kiyala.

    nalinda silva, wimal, gommanpila. patali, prasanna ranathunga. thawa innawa

    okunge ewa weradilawath kiyawanne neha.

    hari eken wedak neha @U.N.C.L.E uba ,meka dala monawada balaporoththu wenne kiyapan???
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,620
    17,702
    113
    Auckland
    Tired Britney Spears GIF
     

    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර
    නලින් ද සිල්වා කියලා දැක්ක නිසා කියවන්න ගියේ නෑ.
    ඔය වගේ මහාචාර්ය පකයලා නිසා තමයි වැඩි හරියක්ම කෙළවුණේ.
    දැක්කනේ වියත්මග, රසායනික පොහොර තහනම, LRT එක කැන්සල් කරපු හැටි එහෙම.
    නලින් ද සිල්වා ගේ ගොබ්බ තියරි හොදයි බේරේ බයියන්ගේ හිත් සනවන්න.
    අරහෙන් මෙහෙන් මහප්‍රාණ අකුරු දාලා අන්තිමට කියන්නේ විමල් හරි, මහින්ද චින්තනය හරි කියලා.
    කවුරු හරි මුට තේරුම් කරන්න නෙමෙයි කවුරු හරි මුට හොද පොලු පාරාවල් දෙක තුනක් දෙන්න ඕනි ඔලුව චප්ප වෙන්න.
    ද සිල්වා වාසගම තියාගෙන අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ ගැන කතා කරන්න එනවා 🤡
    රට පස්සට යන්නේ එන්ට්‍රොපිය රිවර්ස් වෙන හින්දද කියලා අහන්න ඕනේ, එතකොට හැබැයි කියයි උඹේ අම්මගේ #උත්ත තමයි Reverse Entropy කියන්නේ කියලා.🤕