13 න් රට බේරා ගැනීම

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    13 න් රට බේරා ගැනීම

    13 න් රට බේරා ගැනීම නිදහසේ තෙවන අරගලයයි

    සාකච්ඡා කළේ රනිල් ධර්මසේන-දිවයින

    13 වන ව්‍යවස්‌ථා සංශෝධනය අහෝසි කළ යුතු බවට මේ වන විට යළිත් රටේ මතවාදයක්‌ ඇති වෙමින් පවතී. ඒ පිළිබඳව දේශය සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් සමඟ පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකි මේ.

    ප්‍රශ්නය(- 13 වන ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනය හදිසියේම අහෝසි කරන කතා කරළියට ආවේ ඇයි?

    පිළිතුර(- කිසිම හදිසියක්‌ නැහැ. මේක පිහිටවපු දා ඉඳලාම අපි විරුද්ධයි. පළාත් සභා ක්‍රමය අපට බලෙන් පටවපු එකක්‌. පළාත් සභා පිහිටුවන්න උත්සාහ කළ වෙලාවේත් අපි පිටකොටුවේ බෝධීන් වහන්සේ ඉදිරිපිට සත්‍යග්‍රහ කළා. ශ්‍රීලනිපයේ නායිකා සිරිමාවෝ බණ්‌ඩාරනායක මැතිනිය ඇතුළු පක්‍ෂයේ නායකයන් තවත් ප්‍රගතිශීලී පක්‍ෂවල නායකයිනුත් ඊට එක්‌වුණා. එහිදී පොලිසියෙන් වෙඩි තබා කිහිප දෙනෙක්‌ම මැරුණා. එදා ඉඳලා දිගින් දිගටම අපි විරුද්ධ වුණා. නමුත් විවිධ ප්‍රශ්න ආපු නිසා තරමක්‌ විරෝධය යට ගියා. ඊටත් වඩා රටේ ප්‍රධානම ප්‍රශ්නය වූ ත්‍රස්‌තවාදය අවසන් කරන්න අපිට කාලය ශ්‍රමය වැය කරන්න වුණා.

    දැන් යුද්ධය අවසානයි. ඒ නිසා යළිත් යුද්ධයක්‌ ඇතිවීමට රට බෙදීමට පාර කපන මේ පළාත් සභා අහෝසි කිරීමේ සටන ආරම්භ කළා.

    ප්‍රශ්නය(- නමුත් කෙනෙකුට තර්ක කරන්න පුළුවන් මේ සංශෝධනයට එදා අධිකරණයේ අනුමැතිය ලැබී තිබෙන බවට.

    පිළිතුර(- එයත් මහා වංචාවක්‌ කළානේ. එවකට පාලකයින් 13 වන සංශෝධනය පිළිබඳ නඩු තීන්දුවේදී එදා අධිකරණයේදී විනිසුරු මණ්‌ඩලය පක්‍ෂ හා විපක්‍ෂව සමානව දෙකට බෙදුණා. එක්‌ විනිසුරුවරයෙකු පමණක්‌ පක්‍ෂව හෝ විපක්‍ෂ නොවී නිශ්ශබ්දව හිටියා. ආණ්‌ඩුව මේ තීන්දුවත් සංශෝධනයට පක්‍ෂව ලැබුණු එකක්‌ කියා ප්‍රකාශ කර සංශෝධනය සම්මත කර ගත්තා. එම විනිසුරු මණ්‌ඩලයේ සිටි රාජා වනසුන්දර මහතාගෙන් ඒ බව දැනගත හැකියි. බලහත්කාරයෙන් මිනිසුන්ගේ ඇස්‌ වහලා සම්මත කර ගත්තා. මන්ත්‍රීවරු හෝටල්වල හංගලා ගෙන ගිහින් සම්මතකර ගත්තා. අපි විතරක්‌ නොවෙයි එදා එල්ටීටීඊයත් දෙමළ ජනයාත් මේ සංශෝධනයට විරුද්ධ වුණා.

    ප්‍රශ්නය(- අද මේ විරෝධතාවන් එන්න දිවිනැඟුම පනතත් හේතුවුණා නේද?

    පිළිතුර(- දිවිනැඟුම පනත පිළිබඳ නඩු තීන්දුවේදී පළාත් සභාවල අනුමැතිය ගන්න කිව්වා. පාර්ලිමේන්තුවේ සම්මත කළත් වැඩක්‌ නැති තැනට පත්වෙලා. පරමාධිපත්‍ය බලය තිබිය යුත්තේ පාර්ලිමේන්තුවටයි. නමුත් මේ මගින් එයත් හෑල්ලුවට ලක්‌වෙලා. එහෙම වීමට ඉඩ නොතැබිය යුතුයි. මෙය ඒකීයභාවයට පත් තර්ජනයක්‌. තුනෙන් දෙකක බලයක්‌ ආණ්‌ඩුවට තිබිලත් මේ ප්‍රශ්න එන්නේ.

    ප්‍රශ්නය(- ආණ්‌ඩුවේ මුස්‌ලිම්, දෙමළ, මන්ත්‍රීවරුන් වාමාංශික පක්‍ෂත් විරුද්ධ වුණොත් තුනෙන් දෙකේ බලයේ ප්‍රශ්නයක්‌ ඇතිවෙනවා නේද?

    පිළිතුර(- එහෙම වෙන්නේ නැහැ. ඊට අවශ්‍ය ඡන්ද ප්‍රමාණය අපි හොයලා දෙන්නම්.

    ප්‍රශ්නය(- පළාත් සභා අහෝසි කිරීමට පෙර ඊට විකල්පයක්‌ යෝජනා කරන්නේ නැද්ද?

    පිළිතුර(- මොන විකල්පද? බලය බෙදීමක්‌ අවශ්‍ය නැහැ. අපේ රටේ හැමෝටම ප්‍රශ්න තියෙනවා. දෙමළ ජනයාට දෙමළ වීම නිසාම ප්‍රශ්න තියෙනවා කියනවා. ඒවා වැරදි මත. සිංහල, දෙමළ, මුස්‌ලිම් අපි හැමෝටම අවශ්‍ය ජීවත් වීමට ක්‍රමෝපායන් නැතුව බලය නොවෙයි. ජනතාවට බලය ඉල්ලන්නේ නැහැ. අහිංසක ජනතාවට නැගී සිටීමට අපි කවුරුත් උදව් කළ යුතුයි. ඒ විතරක්‌ නොවෙයි සිංහල ජනතාවත් අවතැන් වුණා. අසරණ වුණා. නැගෙනහිර ඇතුළු ප්‍රදේශවල ඔවුන්ට උපකාර කරන්නේ කවුද? කොන්ත්‍රාත් කරන්න හොඳ නැහැ. හැමදාම ජනතාව දේශපාලකයාගේ පන්දුව වුණා. ඒකයි මේ ප්‍රශ්න.

    අනෙක අපි පුංචි රටක්‌. මොකටද මෙයාකාර බලය බෙදීම්. අපිට අවශ්‍ය පරිපාලනය ගමට ගෙන යැමටයි. පාර්ලිමේන්තුවයි පළාත් පාලන ආයතනයි රටේ පාලනයට තිබුණාම හොඳටම ඇති. හැම විටම සිංහල, දෙමළ, මුස්‌ලිම් ජනතාව දේශපාලනඥයන්ගේ පන්දුව බවට පත්කරගත්තා. අපේ ජාතිකත්වය විහිළුවට ලක්‌කරනවා. දේශපාලනඥයින් විසින් අප මත පටවපු පව් තමයි දැන් ගෙවන්නේ. මේක උතුරේ ප්‍රශ්නයට ගෙනාපු විසඳුමක්‌ වුවත් එහි විතරයි ක්‍රියාත්මක නොවුණේ. දකුණ බෙදුනා. ගම බෙදුනා. සාමය නැතිවුණා. ඊටත් වඩා ඒකීය බවට තර්ජනයක්‌ වුණා.

    ප්‍රශ්නය(- දැන් මේ ප්‍රශ්නය මුල් දුවලා ජාත්‍යන්තරව ගිහින්. අද 13 න් එහාට බලය ඉල්ලනවා. ඒ තරම් බැරෑරුම් දෙයක්‌ අහෝසි කළ හැකිද?

    පිළිතුර(- අපි අමාරු තීරණ මීට පෙරත් ගත්තා. ජාත්‍යන්තරය පවා දැඩි ලෙස විරුද්ධ වෙද්දී අපි වසර 32 ක්‌ පුරා පැවැති යුද්ධය ජය ගත්තා. යුද්ධයේ ජයග්‍රහණයෙන් වැඩිම ප්‍රතිලාභ ලැබී ඇත්තේ දෙමළ ජනතාවටයි. දශක කිහිපයක්‌ ඉටිපන්දම් එළියෙන් ජීවත් වූ දෙමළ ජනතාව අද නිදහසේ ජීවත් වෙනවා. ඉතිහාසයේ වැරදුණු තැන් හදා ගත යුතුයි. එයයි දේශප්‍රේමී ආණ්‌ඩුවල, දේශපාලනඥයන්ගේ යුතුකම. දෙවන නිදහස්‌ අරගලය ත්‍රස්‌තවාදය පරාජයයි. මෙය තෙවන අරගලයයි. නිවැරදි තීන්දු ගත යුතුයි.

    ප්‍රශ්නය(- ආණ්‌ඩුව ඇතුළෙන්ම පළාත් සභා අහෝසි කිරීමට විරුද්ධයි. මෙය කරන්න ගියොත් ආණ්‌ඩුවේ අවසානයක්‌ බවට පත්වෙයිද?

    පිළිතුර(- නැහැ. පැහැදිලිවම ජවිපෙ පළාත් සභාවලට විරුද්ධව සිටිනවා. ඔවුන් කවදාවත් පළාත් සභාවලට පක්‍ෂ වෙන්නෙ නෑ. දැනට තුනෙන් දෙකක්‌ තියෙනවා. එය අඩු වූවොත් අපි සොයා දෙන්නම්. බලෙන් අපි මත පටවපු දේවල් අපට අවශ්‍ය නැහැ. ජනතාවට ජීවත් වීමට ක්‍රමයක්‌ සකස්‌ කර දුන්නොත්, ඔවුන්ගේ අවශ්‍යතා එම ප්‍රදේශවල සිටම කර ගැනීමට පහසුකම් සලසා දුන්නොත් ඒ උතුරේ හෝ දකුණේ හෝ නැගෙනහිර හෝ ඕනෑම ප්‍රදේශයක ජීවත්වන ජනතාව තනිවම නැඟී සිටීවි. අපි කාගෙන්වත් යෑපුන ජාතියක්‌ නොවෙයි. යුද්ධය හමුදාවට භාරදීලා සාමය නෝර්වේට භාරදීලා අත් බැඳගෙන හිටියා වගේ දැන් සිටිය යුතු නැහැ. අපි හැමෝම එකතු විය යුතුයි. පරගැති මානසිකත්වයෙන් සිටින සමහර දේශපාලකයන්ව නිවැරදි මාවතට ගත යුතුයි.

    ප්‍රශ්නය(- දෙමළ ජනතාවට තිබෙන ප්‍රශ්නවලට පිළිතුරු අවශ්‍ය බවටත් ඒ සඳහා බලය අවශ්‍ය බවටත් දෙමළ පක්‍ෂ ඉල්ලීමක්‌ කරනවා.

    පිළිතුර(- දෙමළ අයව විතරක්‌ නොව අපි හැමෝටම ප්‍රශ්න තියෙනවා. දෙමළ ජනයාගෙන් බහුතරය අද ජීවත් වන්නේ උතුරෙන් පිට. අපි කවදාවත් ප්‍රශ්න ඇති කරගෙන තියෙනවද? අගේට සාමයෙන් සතුටෙන් ජීවත් වෙන්නේ. සිංහල පවුල් විසිඑක්‌දාහක්‌ එලෙව්වා උතුරෙන්. ඔවුන්ව පදිංචි කරවන්න කවුරුවත් ඉන්නවද? පුරාවිද්‍යාත්මක සිද්ධස්‌ථාන කොටි කඩා දැම්මා. ඒවා හදන්න ඉඩ දෙනවාද නැහැ. ඉතින් ප්‍රශ්න තියෙන්නේ කාගෙන්ද කියා සිතිය යුතුයි. මිනිස්‌සුන්ට ජීවත්වෙන්න ශක්‌තියක්‌ වෙන්න. වෙන මොකුත් වැඩක්‌ නැහැ. අපි හැමෝටම අවුරුදු 2500 ක ඉතිහාසයක්‌ ඇති ඔප්පුවක්‌ තියෙනවා. ඒ වෙනුවෙන් පෙනී සිටිමු. සුළු පිරිසක්‌ විරුද්ධ වේවි. ඒවා ගණන් ගත යුතු නැහැ. මට කොච්චර හානි කරන්න ආවාද රට වෙනුවෙන් කතා කරන්න ගිහින්. මම සැලුනේ නැහැ. තව තවත් ශක්‌තිමත් වුණා.

    යුද්දේ කාලයේදී මේ මගේ පූර්ණ ශක්‌තිය යුද්දේ ජයග්‍රහණයට ලබාදුන්නා. මම ගොවිපළවල් කරනවා. ආබාධිත සෙබළුන් රැකබලා ගන්නවා. ඉතින් හැමෝටම මේ වගේ රට වෙනුවෙන් කටයුතු කළ හැකියි. සමහරු මේ පළාත් සභා අහෝසි කරන්න කියන විට ජාතිවාදීන් කියනවා. කොයි දේ කරන්න ගියත් ඊට හරස්‌ වන සුළු ප්‍රමාණයක්‌ ඉන්නවා. ඒ ගැන තැකිය යුතු නැහැ.

    අනෙක අද දකුණේ දෙමළ ජනතාවට අක්‌කර ගණන් මිලදී ගන්න පුළුවන්. නමුත් අපිට පුළුවන්ද උතුරේ පර්චස්‌ 10 ක්‌ ගන්න බැහැ. ඒ තත්ත්වය නැති කළ යුතුයි.

    අද බටහිර ජාතීන් උත්සාහ කරනවා විධායකය අධිකරණය අතර ගැටුම් ඇතිකරන්න. පළාත් සභා ඊට පාරක්‌ කරගෙන තියෙනවා. ඔවුන් යුද්ධයෙන් ගත නොහැකි වූ ජයග්‍රහණය නීති පොතෙන්ම ගන්න හදනවා. ඊට ඉඩ දිය යුතු නැහැ.

    ලේ කඳුළුවලින් ජයගත් බිම අපි රැක ගනිමු. රණවිරුවන් ලේ හැලුවේ මේ රට යළිත් සටන් කර දීමට නොවෙයි. නමුත් ජාත්‍යන්තර ගැත්තෝ, දේශපාලකයින්, රාජ්‍ය නොවන සංවිධාන එකතුවෙලා යළිත් රට බෙදීමට උත්සාහ කරනවා. හැම විටම අපි අවදියෙන් සිටිය යුතුයි.

    ප්‍රශ්නය(- නමුත් අද ආණ්‌ඩුව ඇතුලෙන්ම 13 සංශෝධනය අහෝසි කරනවාට විරෝධය පළවෙලා තියෙනවා.

    පිළිතුර(- බෙදුම්වාදයට පක්‍ෂව ක්‍රියා කළ කිහිප දෙනෙක්‌ මේ ආණ්‌ඩුවට රිංගුවා. මම හොඳින් ඇහැ ගහගෙන ඉන්නෙ ඒ ගැන. ඔවුන් ජනතා බලයෙන් පාර්ලිමේන්තුවට ආපු අය නොවෙයි. බහුතරයක්‌ පත්කළ මන්ත්‍රීවරුන් ලෙසයි ආවේ. අපි ඔවුන්ට මහජන ඡන්දෙන් එන්න කියා අභියෝග කරනවා. අපිත් එදාට එළියට බැහැලා කතා කරනවා.

    ප්‍රශ්නය(- පළාත් සභා අහෝසි කළහොත් එය එදා 1956 දී සිංහල රාජ්‍ය භාෂාව කිරීමට ගත් වැරදි තීන්දුවට සමාන යෑයි සමහරු කියනවා.

    පිළිතුර(- එදා සිංහලය රාජ්‍ය භාෂාව කළේ සුද්දා එළවපු නිසයි. අපේ භාෂාව යළි ස්‌ථාපිත කළ යුතුයි. සිංහල කමට විරුද්ධව මේ විදිහට හිතන දේශෙද්‍රdaහීන් රටේ ඉන්නවා. එදා ඒ ගත්තේ නිවැරදි තීන්දුවක්‌. අදත් අපි කරන්නේ රට වෙනුවෙන් නිවැරදි තීන්දුවක්‌ ගැනීමටයි. බලෙන් පටවපු දෙයක්‌ ඉවත් කිරීමටයි. ඒ වගේම යළි රට බෙදුම්වාදයට, ත්‍රස්‌තවාදයට යැමට කපා ඇති පාර වසා දැමීමටයි. එය රටට එරෙහිව ගන්නා ක්‍රියා මාර්ගයක්‌ වන්නේ කොහොමද?

    අනික මේ පළාත් සභා කිසිදු ප්‍රයෝජනයක්‌ නැති බව ඕනෑම පුද්ගලයෙක්‌ පිළිගන්නවා. මේවාට වැය කරන්නේ ජනතාවගේ සල්ලි. මේක දෙමළ ජනතාවගේ ප්‍රශ්න විසඳීමට ගෙනා එකක්‌ වුවත් එම පළාතේ විතරයි. පළාත් සභා නැත්තේ අනික්‌ හැම තැනම තියෙනවා. මෙයින් වුණේ ගම බෙදීම පමණයි. ගෝඨාභය රාජපක්‍ෂ මහතාත් පළාත් සභාවලට විeරද්ධව මත ප්‍රකාශ කර තිබුණා. ඔහුතරම් යුද්ධය හා එකමුතුකම ගැන අත්දැකීම් ඇති වෙනත් අයෙක්‌ තව නැහැ. එතුමන් නිවැරදි මතයක ඉන්න එක ගැන සතුටුයි.

    ප්‍රශ්නය(- විපක්‍ෂයේ සමහර දේශපාලනඥයන් කියනවා ආණ්‌ඩුව පළාත් සභා අහෝසි කිරීමේ සටන් පාඨයක්‌ දාලා රටේ ප්‍රශ්න යට ගහනවා කියලා.

    පිළිතුර(- රටේ තියෙන අනෙකුත් ප්‍රශ්නයි මේකයි පටලවා ගන්න එපා. බඩු මිල ප්‍රශ්න, වැටුප් ප්‍රශ්න, රැකියා ප්‍රශ්න ඒවා වෙනම සටන් කරලා ලබා ගන්න. අපේ ඊට විරෝධයක්‌ නැහැ. නමුත් ඒ ප්‍රශ්න මේ වගේ රටේ බරපතළ කරුණු සමග සසඳන්න එපා. හෑල්ලුවට ලක්‌කරන්න එපා.

    අද රටේ පවතින මේ ව්‍යවස්‌ථාව දුර්වලයි. බෙදුම්වාදීන් මෙන්ම දේශෙද්‍රdaහීන් එයින් ප්‍රයෝජන ගැනීමට සැලසුම් කරනවා. ඒ නිසා මුලින්ම ව්‍යවස්‌ථාව ශක්‌තිමත් කළ යුතුයි. මොන බලවේගයකටවත් නීතියෙන් රිංගා රට විනාශ කිරීමට ඉඩ නොතැබිය යුතුයි. දැන් මේ උදාවී තියෙන්නේ දේශප්‍රේමීන් හා දේශෙද්‍රdaහීන් වෙන් වෙන්ව හඳුනාගත හැකි අවස්‌ථාවක්‌. අපේ මිත්‍ර දෙමළ ජනතාවගෙනුත් ඉල්ලනවා මේ දේශෙද්‍රdaහීන්ට හසුවෙන්න එපා. අපි එකාවන්ව ක්‍රියා කරමු. අපි හැමෝටම මේ රටේ ජීවත් වෙන්න පුළුවන්. දේශපාලනඥයන් ජනතාව පිට දමා වෙන බලයක්‌ ඉල්ලනවා. ජනතාවට බලය අවශ්‍ය නැහැ. අහිංසක දෙමළ මිනිස්‌සු බලය ඉල්ලනවාද? නැහැ. ඔවුන් ඉල්ලන්නේ සිංහල මිනිස්‌සු ඉල්ලන ජීවත් වීමේ අරගලය ජය ගැනීමේ උපක්‍රම විතරයි.

    බලය අවශ්‍යයි. දහතුනටත් එහා බලය අවශ්‍යයි කියන අයගෙන් අපි අහනවා මේ රට ඒකීයව තවදුරටත් පවත්වාගෙන යාමට ඔබ කැමති නැද්ද කියා. මේ වෙන දේවල් ගැන නිසි අවබෝධයක්‌ ලබා ගන්න. රටේ නැවතත් යුද්ධ ඇති කරන්න එපා. අද රටට අවශ්‍ය බලය නොවෙයි. පරිපාලනය බෙදා හැරීමයි. යාපනයේ, හම්බන්තොට, මඩකලපුව ඉන්න ඕනම කෙනෙකුට කොළඹට එන්නේ නැතිව ඒ ප්‍රදේශවලදීම හැඳුනුම්පතක්‌, පාස්‌පෝට්‌ එකක්‌ හෝ වෙනත් ලියවිල්ලක්‌ ගන්න පුළුවන්කම තිබිය යුතුයි. මේ ගැන හිතන්න බලය බෙදාගෙන රට බෙදා ගන්නේ නැතිව.

    ඔබ වහන්සේ කියන තුන්වන අරගලය ජයගන්න පුළුවන්ද?

    අපොයි පුළුවන්. අනිවාර්යයෙන්ම ජය ගන්නවා. නොහැක්‌කක්‌ නොමැත කියා ප්‍රකාශයක්‌ තියෙනවා. අපි සියලු දෙනාම එකමුතුව ජයගමු මේ රටට ආදරයක්‌ භක්‌තියක්‌ තිබෙනවා නම් අනාගත පරපුරට මේ රට භාර දීමට අවශ්‍යයි කියා හිතනවා නම් සියලු දෙනා මේ අරගලය ජය ගැනීමටත් එකතු වෙමු.
     

    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    nc1tgo.png
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,155
    12,143
    113
    Ohio, USA
    ‘President Rajapaksa assured commitment to pursuing the 13th Amendment plus approach’ – Indian External Affairs Minister

    :shocked::shocked::shocked::shocked::shocked::shocked:
    http://transcurrents.com/news-views/archives/7327

    ZTMzZgQ.png