13 හැවිරිදි දරුවකුගේ වික්‍රමයක්.

bhanu perera

Well-known member
  • Jul 10, 2010
    2,166
    522
    113
    Italy naples
    13 හැවිරිදි දරුවකුගේ වික්‍රමයක්.

    538851_309686902437821_100001895411910_734535_1630481329_n.jpg


    13 හැවිරිදි අයියා අඩි 70ක ලිඳට බැස 9 හැවිරිදි නංගී බේරා ගනී.

    අඩි 70ක් ගැඹුරු අනාරක්‍ෂිත ලිඳකට වැටුනු සිය නව හැවිරිදි නැගනිය බේරා ගත් 13 හැවිරිදි අයියා කෙනෙකු පිළිබඳ සිද්ධියක් හලාවත අතුවන ගමෙන් වාර්තා වේ.

    සිංහල අවුරුදු දා දිය නෑමට ගිය අචිනි දනංජය දැරිය බේරා ගැනීමට ළිඳට බට නිපුන් ධනංජයද දිවි බෙරාගත්තේ හාස්කමකින් බව වැඩිහිටියෝ කියති.

    නැගනිය ළිදට වැටී පළමු වරට උඩට මතුවන අවස්ථාවේ ඇය බේරා ගැනීමට මේ පුංචි අයියා සමත් වී ඇත.

    අචිනි ලිඳට වැටී ඇත්තේ නාමින් සිටියදීය. නිපුන් ඒ බව දුටුවේය. ඔහු කෑ ගැසුවේය. නංගී ළිඳය වැටුනු බව කියා මුළු වෙර ටොදා කෑ ගැසුවේය. ඒ සමඟම ළිදේ කඹය අසල ගසක ගැට ගැසුවේය. ඊට පසුව ඔහු කඹේ දිගේ ළිඳට බැස්සේය. පතුලක් නොපෙනෙන ළිඳට වැටුනු නංගී ගිලෙමින් සිටිනු ඔහු දැක්කේය. එහෙත් ඔහු කලබල වුයේ නැත.

    නංගී දියෙන් මතුවන විටම ඔහු ඇය වැරෙන් අල්ලා ගත්තේය. දෙදෙනාම කඹේ එල්ලී සිටියහ. ඒ සියල්ලටම මිනිත්තු 10ක් ගතවන්නට ඇත. නංගී බේරා ගත්තත් ළිඳෙන් ගොඩ එන්නේ කෙසේදැයි නිපුන්ට ප‍්‍රශ්ණයක් විය.

    නංගී ගොඩ ගන්න හැටි කියා දුන්නේ ලිඳ ළඟට ආ ගම් වැසියන්ය. නංගීගේ ඉණ වටට් කඹය බඳින ලෙස ඔවුන් උපදෙස් දුන්නෝය. නිපුන් දෑතින්ම කඹයේ එල්ලූනේය. උඩ සිටි පිරිස අඟලෙන් අඟල කඹය ඉහලට ගත්හ.

    පුංචි අයියා පුංචි නංගීගේ දිවි බේරා ගත්තේය.


    ෆේස්බුක් එකෙන් ගත්තේ
    රීපොස්ට් නම් සොරි
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    :shocked: හොඳටම අවදානම් වැඩක්, :) ඒත් තමන්ගෙ නංගි වෙනුවෙන් ඒ අවදානම දරපු එක අගය කරන්න ඕන. :( පොඩි උන් දෙන්නෙක් මේ වගේ තනියම ලිඳක් ගාවට යවපු/තනි කරපු කාළකන්නි නිසා මේ දෙන්නගෙම ජීවිත නැති වෙන්න තිබ්බ. :angry: උන්ව තමයි ලිඳට දාන්න ඕන හරිනම්.
     

    bhanu perera

    Well-known member
  • Jul 10, 2010
    2,166
    522
    113
    Italy naples
    :shocked: හොඳටම අවදානම් වැඩක්, :) ඒත් තමන්ගෙ නංගි වෙනුවෙන් ඒ අවදානම දරපු එක අගය කරන්න ඕන. :angry: පොඩි උන් දෙන්නෙක් මේ වගේ තනියම ලිඳක් ගාවට යවපු/තනි කරපු කාළකන්නි නිසා මේ දෙන්නගෙම ජීවිත නැති වෙන්න තිබ්බ. :(
    :yes::yes::yes:
     

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    හම්බයෙක්ලු බන් මේ පොඩි ඒකිව ළිදට තල්ලු කරලා තියෙන්නේ :(