සම්පුර්ණ වයරින් එකම 15 AMP වයර් වලින් කරන්න. - කමක් නැහැ, හැබැයි අනවශ්‍ය වියදමක් වගේ. වයර් වල වියදම නෙවේ ඉලෙක්ට්‍රිශන් 15A පොයින්ට් එකකට ගන්න ගාන වෙනස්. අත්‍යාවශ්‍යම ස්ථාන විතරක් 15A එකෙන් කරගන්න. බාතෲම්, කිචන් එකට 2ක්, හැම නිදන කාමරේටම එක ගානේ, ගෙදර හැම කාමරේකටම එක ගානේ වගේ (සාලේ, කෑම කාමරේ, ගරාජ්)
හැම plug base ekakma 13 AMP දානවා. - කොහොමත් ඒක තමයි නීතිය. අර මල්ටිප්ලග් ටයිප් දාන්න බෑ. කොටු පින් පමණි
ඔක්කොටම Schneider බ්‍රෑන්ඩ් එකෙන් - මරු. මම කරගත්තේ කැළණි කේබල්ස් එකෙන්. ඔරිජිනල් බඩු දැම්මේ.
https://kelanicables.com/brochures
සම්පුර්ණයෙන්ම three phase wiring ඉන්පුට් එකක් එක්ක ගන්නවා. - ඔයාගේ ගෙදර ඇතුලේ ඩිස්ට්‍රිබියුශන් පැනල් එකට සහා එතනින් ජෙනියක් වගේ අටවගන්න පුලුවන් ස්ථානයකට වයර් ටික ඇදගෙන තියාගන්න. දැනට ඔයා සිංගල් පේස් ගියාට පස්සේ කාලෙකට ඕනා උනහම එලියේ කණුවෙන් 3 පේස් දෙන්න විතරයි ඕනා. මම ඒකට අවශ්‍ය බ්‍රේකර් ඉදන්ම හයි කරලා තියෙන්නේ